විටමින් ඛනිජ ලවණ ආදී පෝෂණ කොටස් ලබා දෙන දෙළුම්

දෙසැම්බර් 18, 2020

දෙළුම්වල වෛරස් බැක්ටීරියා නසාලීමේ ගුණයක්ද පවති. විටමින් සී සහ විටමින් බී සහිත පලතුරකි. පැසවුන තුවාල උල්වාරම් ආදි රෝග සුවය සඳහා දෙනු ලබන නේද්‍රබිංදු බිංදු ඖෂධ යට දෙළුම් මල් මානෙල්මල් , සමන්පිච්ච මල්, සපුමල්, නාමල්, තිප්පිලි, ඉඟිනි ඇට, රත්හඳුන් මෙන්ම සුදුහඳුන්ද එක්කර ගනී.

 

හෘදයට ගුණවත් දෙළුම් කුසගිනි වඩවා ආහාර රුචිය ඇති කරවයි. ග්‍රහණි රෝගයට ද ඉතා ගුණදායක ඖෂධයකි. විදුරුමස්වලින් ඇතිවන ලේ පිටකිරීම වළක්වාලන අතර ඇස්වල හටගන්නා දැවිල්ලට හා ඇස් රතුවීමට ද දෙළුම් කොළ තම්බා සේදීම හොඳ ඖෂධයකි.

නාසයෙන් ලේ පිට කරන රෝගීන් සඳහා යොදන ක්ෂණික ප්‍රතිකාරයක් ලෙස දෙළුම් මල් යුෂට නාසයට දැමීමෙන් ලේ ගැලීම නවතී. මූත්‍රා පිටකිරීමේ අපහසුතාවලදී දෙළුම් සුවදායක තත්ත්වයක් ඇති කෙරේ. නිතර නිතර ඇතිවන පිපාසා ගතිය සමනය කිරීමටද දෙළුම්වලට හැකියාවක් ඇත. විටමින් වර්ග මෙන්ම ශරීරයට අවශ්‍ය කරන ඛනිජ ලවණ ඇතුළු පෝෂණ පදාර්ථ රාශියක්ම ලබාදීමට දෙළුම්වලට හැකියාව ඇත. රුධිර සංරක්ෂණ පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝග අතර හෘද රෝග රක්තහීනතාවය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතවන පවතින කැස්සටද ගුණදායකය. බොහෝ දරුවන්ට ඉඳහිට ඇතිවන කැස්සෙන් පීඩාවිඳින විට දෙළුම් ඉස්ම පෙවීමෙන් විශේෂ ගුණයක් ලබාගත හැකිය.

දන්තබීජ දාඩිම නීල පත්‍ර වෘත්තඵල ලෝභත පුෂ්‍ය, තුවඵල, ශැතවල්ලභ ස්වදමල, මධුබීජ දන්ත ඝටස්ථලයන පර්යාය නම් රැසකින්ම හඳුන්වන දෙළුම්වලට සාමාන්‍ය ව්‍යවහාරයේදී දෙළුම් කියාද හින්දි භාෂාවෙන් ආනාර් හා බෙන්ගාලි භාෂාවෙන් දාඩිම්හ කියාද දෙමළ භාෂාවෙන් මැදලන්කායි කියාද ඉංගී‍්‍රසි භාෂාවෙන් Pomegranate කියාද හඳුන්වා ඇත. දෙළුම් හැඳින්වීමේදී විශේෂයක් වන්නේ අනෙකුත් ඖෂධයන්ට වඩා විශේෂයක් ලබා තිබීමයි. මනුෂ්‍ය දත්වලට සමාන හැඩහුරුකමක් පැවතීම නිසා දෙළුම් ඇටවලට දන්ත බීජ ලෙසද අලංකාරවත් වූ මල් හට ගැනීම නිසා පි‍්‍රයමනාප පැහැයට යුක්තව ලෝහිත පුෂ්ප ලෙසටද වටකුරු ගෙඩි ඇති බැවින් වෘත්ත ඵල ලෙසටද විශේෂයෙන් අනෙකුත් කුරුල්ලන්ට වඩා දෙළුම්වලට ගිරවුන් ආශා කරන බැවින් ශුකවල්ලභ ලෙසටද හඳුන්වා ඇත. දෙළුම් ඇට මිහිරි රසයෙන් යුතු බැවින් මධුබීජ ලෙසටද පියයුරු බඳු දෙළුම් ගෙඩි ඇති නිසා කෑවථල ලෙසටද දක්වා ඇත.

ඉතා ඝනවූ දෙළුම් ගෙඩියේ පොත්ත රෝග රැසකට ගන්නා ප්‍රබල ඖෂධයකි. දෙළුම් පොත්තේ සියයට විසිදෙකක් විසිපහක් ටැනික් (ටැනික්) අඩංගුව පවතී. එමෙන්ම දෙළුම් මුලෙහි පොත්තේ පිග්‍රනිකෝටැනික් ඇසිඩ් සියයට විස්සක් විසිපහක් පමණ පෙලිටියුරින් නමැති රසායනයක් ද අයිසෝ පෙලෙටිරියන් නමැති තෛල්‍යථාර්තයක්ද ඇති අතර දෙළුම් ඇටවල සියයට පහළොවක් පමණ එම යුෂවල ශර්කාරා පදාර්ථයද අඩංගු ව පවතී. දෙළුම්මල බෙහෙවින් පවතින මධුර රසය නිසා වා, පිත්, දැවිලි හා පපුවේ උගුරේ හා උගුරේ හට ගැනෙන රෝගද මුඛ රෝගද සමනය කෙරේ.

එමෙන්ම ශුක්‍ර වර්ධනය කිරීමේ ගුණයක්ද පවතී. වා , පිත් සෙම්යන තුන් දොසටම ගුණවත් දෙළුම් තරමක් පිත වැඩීමේ ගූණයක් පවතී. විශේෂයෙන් නුවණ වැඩීමේ ශක්තියක්ද පවතී. නාඩි උත්තේජනය කිරීමේ හැකියාවක් පවතින දෙළුම්වලට ස්නායු ශක්තිමත් කිරීමටත් හැකියාවක් හා ආරක්ෂා කිරීමටත් හැකියාවක් පවතින දෙළුම් පිළිකා ඇතිවීම වළක්වාලීමටද හර්දය මොළය වකුගඩු ආශි‍්‍රතව හටගන්නා වූ රෝග වළක්වාලීමේ ගුණයක්ද පවතී. ශාරීරික දුබලතාවලින් පෙළෙන රෝගීන්ටද දෙළුම් යුෂ මහඟු ඖෂධයකි. අනෙකුත් පලතුරුවලට වඩා හෘද රෝගවලට ගුණදෙන දෙළුම්වල ප්‍රතිඔක්සිකාරක ගුණය බෙහෙවින්ම පවතී.

දෙළුම්වල ඇති සැහැල්ලු සිනිදුගතිය මල කැටි කිරීමටද හේතුවේ. එසේම රුධිර ගැලීම නවතාලීමට ද හැකියාව ඇත. කාස රෝගයට බෙහෙවින්ම ගුණදායකය. ග්‍රහණ රෝගයට ද ගුණදායක වන අතර දෙළුම් පොතු තම්බා ගත් ජලයෙන් මුඛය සේදීමෙන් මුඛයේ ඇති වන තුවාල සුවකර ගත හැකිය. ලේ සහිත හා ලේ නැතුව පවතින අතීසාර ජ්වරාතිසාරයන් හිද අසාධ්‍ය අතීසාරයට ද දෙනු ලබන වෘහත් පංචමූල්‍යාදී කෂාය දෙළුම් දඬු ,බෙලි මුල්, මිදිමුල්, තොටිලමුල්, පළොල් මුල්, ඇද්දෙමට මුල්, ඉඟුරු, පොල්පලා, කලාදුරු, මාදං දළු, බැවිල මුල්, සැවැන්දරා, රසකිඳ, දියමිත්ත, බෙලිගැට මද, හීං නිදිකුම්බ, කෙළිඳහාල්, කෙළිඳපොතු ,කොත්තමල්ලි, ,මලිතමල්, වාතකත ගුල්ම පාණ්ඩු රෝග, අරුචි හික්කා , ශ්වාස ග්‍රහණි අර්ශස්, ආදී රෝග රැසකටම ගුණදායක හිංශ්වාදී චූර්ණය දෙළුම් ඇට පෙරුම්කායම් , දියමිත්ත, අරළු, කොත්තමල්ලි, රත්නෙටොල්, අසමෝදගම්, ත්‍රිකටු, සියඹලා, සූදුරු, සුවඳකොට්ටං, වදකහ, සිවිය යවක්ෂාර , ස්වර්ජික්ෂාර , පංච ලවණ ඇතුළු තවත් ඖෂධ රැසක්ම ගනියි.

දරුණු උණ අතීසාර උග්‍ර විවිධ ග්‍රහණි ආදී රෝගයන්ට ද දෙනු ලබන වෘහද්ගංගාධාර චූර්ණය දෙළුම් ලෙලි බෙලි ගැට මද , කටු ඉඹුල්, මැළියම් ධාතකී දියමිත්ත මුල්, කොත්තමල්ලි, ඉරිවේරිය , ඉඟුරු, කළාදුරු අල, අතිවිඩයන් ලෙඩ් ර කෙළඳසාල්, ශොධිතරසදිය ආදී ඖෂධයන් චූර්ණ කොට සකස් කර ගත යුතු වේ. වෘහත් යෝග රාජ ගුග්ගුලුව මෙන් ගුග්ගුලුවට ගනු ලබන ඖෂධ දෙළුම් ලෙලි තිකටු තිපල් දියමිත්ත හාතාවාරිය අල, කහ, වෙනිවැල්ගැට, අසමෝදගම්, කුරුඳු පොතු, එන්සාල්, නේජ පත්‍ර, නාමල්රේණූු, හීන්මදුරුතලා, ලෞහභස්ම ,එරඬු මුල්, අමුක්කරා, තිරැස්තවාලු, දැත්ත මසංගෙඩි, දේවදාර , වදකහ, පෙරුම්කායම්, ගජ තිප්පිලි, කළු දුරු, කොත්තමල්ලි, බළල් ලුණු, සවිඳලුණු, තිප්පිලි මුල්, හල්දුම්මල, අරත්ත අතිවිඩයන්, වියළි ඉඟුරු. රත්නිටුල්, සුවඳකොට්ටං, සිවිය කහ කටුකරෝසන වලගසාල් ආඩතෝඩ මුල් ඇතුළු තවත් ඖෂධ රැසක්ම ගනු ලබයි. මෙම ගුග්ගුලුව ආමවවාත, කටීවාත ශොථ කුෂ්ඨ පාද හිරිය සන්ධිවාත ආදී සියලු ශරීරයෙහි ප්‍රකුතවාතවලට දෙනු ලබන ප්‍රබල ඖෂධයකි.

දෙළුම්වල වෛරස් බැක්ටීරියා නසාලීමේ ගුණයක්ද පවති. විටමින් සී සහ විටමින් බී සහිත පලතුරකි. පැසවුන තුවාල උල්වාරම් ආදි රෝග සුවය සඳහා දෙනු ලබන නේද්‍රබිංදු බිංදු ඖෂධ යට දෙළුම් මල් මානෙල්මල් , සමන්පිච්ච මල්, සපුමල්, නාමල්, තිප්පිලි, ඉඟිනි ඇට, රත්හඳුන් මෙන්ම සුදුහඳුන්ද එක්කර ගනී. මාන්දමට දෙනු ලබන අමෘත කෂාය

ක්‍රිස්නජීරක යෂ්ටිවගපුල් වරා ලද

එන්සාලි නා

දීප්‍ය මාසක්කාද කපුඵල රතුලූනු පල

දෙළු මෙ නා

වලග සාලුත් මෙ ඖෂධ ගෙන තලා

ජල පතකට ල නා

වැස්ම බැඳ සැට පැයක් ඌරුව

මාන්දම් බිලිඳුට දෙ නා

 

උනද සෙම්, පිත් අධික වීමෙන් බඩින්

යන ලෙඩ දුටු තැනා

වේද අරුවිත් උල්ලෝගමින් කිපුණු දොස්

පහ වෙයි දැ නා

කෙළද උනමින් බඩ පිපුම්

පණුකෝප සියලුම ලෙඩ දැ නා

කසායත් අමෘතාදි නම් ලත් දෙනුව

වෙදගුරු තෙයි ත නා

 

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්. පී. රාජපුර

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.