තෙවන වරටත් අය-වැය දිනයි
කි‍්‍රස්තු වර්ෂ 2007 ක් වූ දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා, එනම් අද දින අය, වැය
ලේඛනය තෙවන වර කියවා එය සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම කරනු ඇත. මේ පිළිබඳ
විවාදයේදී වෙනදා මෙන්ම අදත් උග‍්‍ර වාද විවාද ඇති වෙයි.
කෙතරම් උග‍්‍ර වාද විවාද ඇති වූවද අවසානයේ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද වැඩි
ප‍්‍රමාණයකින් අය – වැය ලේඛනය ජයග‍්‍රහණය කරනු නියතයි. |
 |
තත්කාල කේන්ද්‍රය අනුවත් අය වැය ජය රජයට
2007 දෙසැම්බර් 14 වෙනි දින පවත්වන්නට යන ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ
2008 වර්ෂය සඳහා අයවැය විවාදයේ ප‍්‍රතිඵල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට
සිදුවෙයිද? වත්මන් රජය පෙරලෙයිද? මහා මැතිවරණයකට අවස්ථා එළඹෙයිද? ආදී ප‍්‍රශ්න
ගණනාවක් අද සමාජයේ කතා බහට ලක්වී ඇත. |