ඔබේ කුජ හතේද ?

දෙසැම්බර් 11, 2020

කුජට ගසා ඇති රතු ලේබලය නිසා නම ඇසූ පමණින්ම සමහරු බියක් දක්වති. ඒ තරමටම අඟහරු හෙවත් කුජට ලැබී ඇති ප්‍රසිද්ධිය අධිකයි.

කේන්ද්‍රයක 01,04,07,10 යන තැන්වල ටද 1,2,4,7,8,12 යන භාවයන්ට ද අඟහරුගේ භෞම දෝෂ තත්ත්වයක් ඇතිවේ.

කේන්ද්‍රයක හත්වැන්න විවාහක ස්ථානයේ කුජ සිටීනම් සහකරුට හෝ සහකාරියට විපත් පමුණුවන බැව් දැක්වේ. නමුත් එහි සම්පූර්ණ ඇත්තක් නැත. එසේ නොවූ අවස්ථා එමටයි.

ග්‍රහ ලොව රණකාමියා සෙන්පතියා කුජයි. රුධිරයට බලපායි. හෝමෝන ක්‍රියාවට මුල්වේ. ලිංගික ශක්තිය ද පාලනය කරනු ලැබේ. කුජ එහි සිටින විට ලිංගික ශක්තිය උපරිම වින්දනයකට සූදානම්ය. දෙදෙනාගේ විවාහ දිවියේ උත්තේජනය අධික වන්නේය. සමහර විට විවාහය නීරස වේ. කුජ 7 හෝ අශුභව සිටී නම් විවාහයේදී දෙදෙනා අතර වධයකට පත්වේ.

ලිංගික දිවියේ රස භාවමය සෞන්දර්යාත්මක සුවයක් නැත. බලෙන් සතුට ලබා ගැනීමට දිරිය මෙහෙයවයි. එයින් ගැටලු පැන නගී.

විවාහය නීරස තැනට පත්වේ. කුජ 7 වැන්නේ සිටින කාන්තාව හැඩ කරයි. අධි උත්තේජනී පියයුරු යුගලක් හිමිවේ. රස ස්පර්ශයට නිරන්තරයෙන්ම යොමුවේ. කුජට ශුක්‍ර එකතුවී හත් වැන්නේ වීමෙන් අතිධාවන මහා කාම යෝගය හටගනී. නිරන්තර එක්වීම් අපේක්ෂා කරන්නීය. මෙය විවාහයට එතරම් සුදුසු නැත. සමහර විට විවාහය කඩා බිඳ වැටේ.

අඹු සැමි අවුල් ඇතිවී දික්කසාදයට පත්වන අයගේ කේන්ද්‍රවල හත් වැන්නේ කුජ ශුක්‍ර රවි රාහු වැනි අය එක්වී ඇත.

මකර ලග්නයේ හැට හැවිරිදි විවාහක කාන්තාවක් ඇගේ හත් වැන්නේ කුජ – ශුක්‍ර රවි –රාහු, සංයෝගව ඇත. දරුවන් නැති මෙම හැඩකාර දෙගොඩ හරි වියේ කාන්තාව අනියම් සබඳතා කීපයක්ම ගොඩනගාගෙන තිබිණ. ඇගේ පහස ලැබූ එවැනි අය ඇයව දුරස් කිරීමට අකමැතිය. ඔවුන් ඇගේ පහස ලබන්නෝය. රති ක්‍රීඩාවේ ඉහළම තෘප්තිය ළඟාකර දීමට හත්වැන්නේ කුජ +ශුක්‍ර යෝගය සමත්වේ.

පතිවත රකින්නේ ද නැත. ආර්ථිකමය අතින් දියුණුවට පත්වේ.

විවාහය ස්ථාවර නැත. ඇයට අවශ්‍ය වන්නේ සිරුර ඉහළම තත්ත්වයෙන් පිනවීමටයි.

වරදේ බැඳීම නිතැතින්ම සිදුවේ. ඉතාම නරක තත්ත්වයට පත්වුවහොත් සියදිවි නසා ගැනීම් ආදියට ලක්වේ.

විවාහය ඉක්මන් වේ. අධික කාමාශාව නිසා බැඳීම් ඇතිවේ. විවාහය අසාර්ථකත්වයට පත්වේ. පර පුරුෂ සේවනයට පෙර ස්ත්‍රී සේවනයට යොමුවේ.

පවුල් දිවිය අවුල් වේ. සාමය නොපවතී. කඩිනමින් යුගදිවිය වෙනස් වේ. ශනි කුජ සමඟ එක්වීමෙන් ලෝකෝත්තර පැත්තට ශනි සෙනසුරු නැඹුරු කරයි.

නමුත් කුජ සඳු දෙදෙනාම වෘෂභ, මිථුන, කන්‍යා රාශිවල යෝග වීම සුබයි.

කුජ හත්වනැන්නේ සිට 22 දෙර්කාණාධිපතියා වී අශුභ දුෂ්ටි සහගත නම් සහකරුට හෝ සහකාරියට අපල ගෙන දෙයි.

නමුත් කුජ 7ට කියා බිය විය යුතු නැත. එවැනි අය හොඳින් පොරොන්දම් ගලපා විවාහ විය යුතුයි.

විෂෙන් විෂ නැසිය යුතුයි. විශේෂයෙන්ම වල්ලි අම්මා දෙවඟනට ක්‍රමවත්ව පුද පූජා තැබීම හරහා විවාහයත් දරුපලත් සාර්ථක කර ගැනීමට හැකිය.

කුජ 7 සිටින තරුණියන්ට විවාහ වීමට වරම් අහිමිවී ඇත්තේ ගැඹුරින් පොරොන්දම් පරික්ෂා කර නොබැලීමෙනි.

සාර්ථක මිහිරි යුගදිවියකට තෘප්තිමත් වින්දනාත්මක ලිංගික එක්වීමක් අනිවාර්ය වේ. ඒකයි ඇත්තම ඇත්ත.

මේ ගැන කිසිඳු තැකීමක් නැතිව දෙදෙනෙකුට එක වහලක් යට සතුටින් ජීවත් විය හැකිද? උපරිම ලිංගික සුවය වින්දනය යුගදිවියෙන් නොලබන්නේ නම් එතැන සාර්ථකම යුගදිවියක් නොමැත. පළමුව මානසිකව ,දෙවනුව කායික. ඉදිරි සුබසෙත කලාප තුළින් විවාහය ගැන ගැඹුරින් විද්‍යාත්මකව කතා කරමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.