බැතිබරව බොදු ගීත ගායනා කළ මුස්ලිම් ගායකයා මොහිදීන් බෙග්

දෙසැම්බර් 11, 2020

ලෞකික ජීවිතය ඔපවත් කරන බලගතු මාලවී යෝග කාරක සිකුරුට පස්වැන්නාධිපති සෙනසුරුගෙන් බලගතු දෘෂ්ටියක් වැටී ඇති හෙයින් සෙනසුරුගෙන් තුන්වැන්නේ සිකුරු පිහිටා සිටීම නිසා පාරලෞකික ජීවිතය පිළිබඳව සිතීමට ගායනා කිරීමට බෙහෙවින්ම රුචිකත්වයක් දක්වා ඇත. මෙම සිකුරු ගෙන් සත්තම දෘෂ්ටියට සඳු යොමු වීම නිසා එම දැහැමි සිතුවිලි තවත් ඔප වී ඇත.

 

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මුවගට හුරු පුරුදු බොදු ගී අතරින් වඩාත්ම ජනපි‍්‍රය බොදු ගීත ගායනා කළ ගායකයා ලෙස සැලකෙන්නේ මොහිදීන් බෙග් නම් වූ මුස්ලිම් ජාතික සහ මුස්ලිම් ආගමික ගායකයා විසින් ය.

 

එතුමා මුස්ලිම් ජාතිකයෙකු වුවද බොදු ගී ගායනා කිරීමේදී මහත් වු බොදු බැතියෙන් යුතුව එම ගීත ගායනා කළ නිසාමදෝ එතුමා විසින් ගැයූ බොදු ගීත බොදු ජනතාවගේ හදවත් තුළද තැන්පත් වී ඇත. “එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි” යන ගීතය බෞද්ධයන්ගේ සිත් තුළට කා වැදී බෞද්ධයන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔකඳ වෙන අන්දමින් ගායනා කිරීමට සමත් විය. එතුමා ජීවතුන් අතර අද නැතත් අදටත් එතුමා ගැයූ ගීත තුළින් රසිකයන් අතර මුල් තැනක් ගෙන සිටීමට තරම් වාසනාවන්තය. මෙයට හේතුවු සුවිශේෂි ග්‍රහ බලපෑම් බෙග් මහතාගේ කේන්ද්‍රය තුළින් විද්‍යමාන වෙයි.

ජන්ම කේන්ද්‍රයක දෙවැන්න පිළිබඳව කතා කිරීමේදී ජන්මියාගේ කටහඬ, කථා විලාශය පිළිබඳව දෙවැන්නෙන් කරුණූ ප්‍රකාශ කළ හැකිය. බෙග් මහතාගේ කේන්ද්‍රයේ දෙවැන්න දෙස බැලීමේදී වෘශ්චික ලග්නගතව පිහිටි බුධ ආදිත්‍ය යෝග බලය උදාකර ඇත. බල හීන වු රාහු ද මෙම රවි බුධ යෝගයට අනුගතව කිසිවෙකුට නොපිහිටන ලද ඔහුටම විශේෂ වූ විශේෂ කඩහඬක් නිර්මාණය කර ඇත. මෙහිදී බුධ භාග්‍යස්ථානාධිපති වන අතර විද්‍යස්ථානයට හිමි පස්වැන්න නියෝජනය කරන අනුර නැකතේ පිහිටා තිබෙන අතර, රවි භාග්‍යස්ථානය නියෝජනය කරන බුධට හිමි දෙට නැකතේ තැන්පත්ව සිටීමද මෙම රවි බුධ යෝගය ප්‍රභල ලෙස විද්‍යමාන වේ.

හංස යෝග කාරකව දහ වැන්නේ සිටින ගුරු දහමට ඇළුණු ගුණ ධර්ම අගයන පුද්ගලයෙකු බවට පත්කර ඇති අතර, මෙම හංස යෝග කාරක ගුරු විසින් ද දෙවැන්නේ පිහිටි බුධ ආදිත්‍ය යෝගය දකිමින් බොදු ගීත වලට කැපවුන කටහඬ මෙන්ම හදවත ද සකස්ව ඇත.

ලෞකික ජීවිතය ඔපවත් කරන බලගතු මාලවී යෝග කාරක සිකුරුට පස්වැන්නාධිපති සෙනසුරුගෙන් බලගතු දෘෂ්ටියක් වැටී ඇති හෙයින් සෙනසුරුගෙන් තුන්වැන්නේ සිකුරු පිහිටා සිටීම නිසා පාරලෞකික ජීවිතය පිළිබඳව සිතීමට ගායනා කිරීමට බෙහෙවින්ම රුචිකත්වයක් දක්වා ඇත. මෙම සිකුරු ගෙන් සත්තම දෘෂ්ටියට සඳු යොමු වීම නිසා එම දැහැමි සිතුවිලි තවත් ඔප වී ඇත.

සිරි සරස්වතියගේ බැල්ම ජන්මියෙකුගේ ජන්ම පත්‍රයේ විදහා දැක්වෙන්නේ නම් එය ඔහු කලා ක්ෂේත්‍රයේ ඉහළම තත්ත්වයකට පත් කරවන්නෙකි. මෙම සරස්වතී යෝග බලය කිහිප ආකාරයකටම කේන්ද්‍රයන් තුළ යෙදීමට හැකිය. මෙයින් ප්‍රබල සරස්වති යෝග බලයක් මොහිදීන් බෙග් මහතාගේ කේන්ද්‍රයේ යෙදී ඇත. ගුරු සිකුරු සහ බුධ යන ග්‍රහයින් තිදෙනා ලග්නය, දෙවැන්නේ , සිවුවැන්න සහ පස්වැන්න, සත් වැන්න , නව වැන්න සහ දස වැන්න යන ස්ථානයන්හි එකට හෝ වෙන වෙනම හෝ දෙදෙනෙකු යෝගව තැන්පත්වී එහිදී ගුරු සිටින්නේ උච්ච හෝ ස්වක්ෂේත්‍රව නම් එමගින් සරස්වතී යෝගය යෙදේ. බෙග් මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පළමු වැන්නේ ලග්නාධිපති සිකුරු මාලවි නැමැති පංච මහා පුරුෂ යෝග බලයද උදාකරමින් ස්වක්ෂේත්‍ර බලයෙන් ලග්නයේ පතිත වී සිටින අතර, බුධ දෙවැන්නේ සිටිමින් බ්‍රහස්පතිද හංස යෝග බලය උදාකරමින් දහ වැන්නේ කර්මස්ථානගතව සිටියි. මෙහිදී බ්‍රහස්පති කටක රාශි ගතව උච්ච බලයෙන් සිටී. මේ අනුව බලන විට ලග්නාධිපති සිකුරු ගුරු බලවත්ව සිටීම නිසා සරස්වති යෝගය උදා කර ඇති බව පෙනෙයි.

ඉහත කී සරස්වතී යෝගයට අමතරව කාහල නම් වු යෝගයද මෙම ජන්ම පත්‍රයේ කැපී පෙනෙන යෝග බලයක් ලෙස හැඳින්විය හැකිය. මෙම යෝග බලය කිහිප ආකාරයකටම යෙදෙන අතර, භාග්‍යස්ථානය නොහොත් නවවැන්නාධිපති සහ සිවුවැන්නාධිපති එකිනෙකා ගෙන් කේන්ද්‍රගතව පිහිටීම මෙම කාහල යෝගය මතුවන එක් ක්‍රමයකි. ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ බලවත්ව සිටින අතර, සිවුවැන්නාධිපති එකොළොස්වැන්නේද, නවවැන්නාධිපතති දෙවැන්නේද පිහිටීමෙන් ඉහත කී කාහල යෝගය ක්‍රියාත්මක වන අතර, අභීතව ක්‍රියා කිරීම, නාමය අමරණීය වීම සමාජය තුළ ජනපි‍්‍රයත්වයක් ලබා ගෙන නාමය ප්‍රසිද්ධ වීමට හේතුව ගෙන දීමට කාහල යෝගය සමත්වෙයි.

මෙතුමාගේ ජන්ම පත්‍රයට අනුව ලග්නාධිපතියා වන සිකුරු ස්වක්ෂේත්‍රව සිටීමෙන් පාරිජාත යෝගයද යෙදී ඇත.

මෙකී ජන්ම පත්‍රය දෙස ඡ්‍යොතිෂ ඇසින් බලන විට විග්‍රහ කොට ඇති යෝග වලට අමතරව තවත් යෝග ගණනාවක් මෙතුමාගේ ජන්ම පත්‍රය තුළින් විද්‍යාමාන වේ. මධුරාශියේ මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් උපත ලබා වර්තමානයේදී සජීවි කටහඬක් බවට බොදු ජනතාවගේ පමණක් නොව සියලු ලාංකිකයන්ට අමරණීය නාමයක් වූ මොහිදීන් බෙග් මහතා ජාතික සමගියට පාලමක් වූ බව පැවසිය හැකි අතර හෙට දිනයේත් එය එසේම වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.