ජනවාරි මාසය

දෙසැම්බර් 11, 2020

ජනවාරි මාසය ආරම්භ වන්නේ ධනු රවියේ භාග 16 ක් ඉක්මයාමෙනි.

මේ වන විට තෙවැන්න වන වෘශ්චිකයේ අංශක 24 43’ 02” හි කේතු අංශක 25 57’ 31” හි සිකුරු ද සිවුවැන්න ධනුවේ අංශක 16 23’ 23” හි රවී අංශක 23 10’ 15” හි බුධ ද පස්වැන්න වන මකරයේ අංශක 07 27’ 11” හි ශනි අංශක 08 35’ 22” හි ගුරු ද සයවැන්න වන කුම්භයේ අංශක 24 19’ 44” හිනැප්චූන් ද අටවැන්න වන මේෂයේ අංශක 03 06’ 30” හි කුජ අංශක 12 39’ 16” හි යුරේනස් ද නවවැන්න වන වෘෂභයේ අංශක 24 43’ 02” හි රාහු ද එකොළොස්වැන් වන කටකයේ අංශක 05 29’ 26” හි සඳු ද ගෝචර වෙමින් නව වසර උදාකරයි

වර්ෂ උදාවේ දී රවි මිත්‍රව සඳු ස්වක්ෂේත්‍රව කුජ ස්වක්ෂේත්‍රව බුධ සමව ගුරු නීච සිකුරු සමව ශනි ස්වක්ෂේත්‍රව හා රාහු කේතු උච්චව රාශි චක්‍රයේ සරන අතර ජනවාරි 04 වෙනි දින 05.05 පැයට සිකුරු ධනුවට පැමිණෙමින් සමව ද 05 වෙනි දින 03.57 පැයට බුධ, මකරයට පැමිණෙමින් සමව ද සැරිසරන අතර, 14 වෙනි දින 08.15 පැයට රවි ද මකරයට සතුරුව ගෝචර වෙමින් මකර රවිය ආරම්භ කරයි.

මෙම ආරම්භයත් සමඟම 14.07 පැයට යුරේනස් මේෂයේ නිවෘත වන අතර, නැවත බුධ 25 වෙනි දින 16.27 පැයට කුම්භ රාශිගත වෙමින් සමව ද 28 වෙනි දින 03.30 පැයට සිකුරු මකර රාශිගත වෙමින් මිත්‍රව ද මාසය තුළ ග්‍රහ චාරය නිම කරයි.

මාසය ආරම්භයේදී රවිගෙන් උභය චාරි යෝගය ද බුධ ගෙන් බුධ ආදිත්‍ය යෝගය ද ශනිගෙන් ශ්‍රීකාන්ත යෝගය සමඟ උදාකර නීච භංග රාජයෝගය / කුජගෙන් සරලා නම් විපරීත රාජයෝග හා කුජ භෞම්‍යයෝගයත් සඳුගේ කුලීර” ගජකේෂරි යෝගයන් උදාකරදේ.

රාහු කේතුවේ උච්චත්වයද යුරේනස්ගේ වක්‍ර භාවයද සැලකිය යුතු පිහිටීමකි.

14 වෙනි දින රවි මකරයට පැමිණ සතුරු භාවයට පත්වීමත් යුරේනස් වක්‍රයෙන් මිදී නිවෘත භාවයට පත්වීමත් අප රටට මෙන් ම ලෝකයට ද ශුභදායි නොවේ. ලංකා කේන්ද්‍රයේ දොළොස්වැන්නට පැමිණෙන රවි එහි සතුරු වීම රාජ්‍ය වියදම් හා මහජන වියදම්වලට අහිතකර බලපෑම් ඇති කරවයි. ඒ අතර, එහිම ගුරු නීචව පැවතීමත් එම තත්ත්වයට සහාය දක්වන පිහිටීමක් වේ. 14 වන දින සිට 25 වන දින දක්වා කාලය පීඩාකාරි ආරංචි අසන්නට ලැබේ. මාසය අවසන් දින කිහිපයේ දී සිකුරු ද මකරයට පැමිණ රවි ගුරු සිකුරු ශනි සංයෝග වීමෙන් එතෙක් පවතින ග්‍රහ රටාවට සහනයක් ද උදාකරමින් දේශය ශුභ දිසාවකට හරවනු ඇත.

14 වෙනි දින යුරේනස් වක්‍රයෙන් මිදී නිවෘත වීම ලෝක ජන ජීවිතයට එතරම් ශුභවාදි නොවේ. සමාජීය, දේශපාලනික, ආර්ථික හා සෞඛ්‍ය අංශයන්හි පවතින අයහපත් බලපෑම් තවදුරටත් ප්‍රබල වෙමින් අසන්නට ලැබේ. ලෝක බලකාමින්ට එතරම් ශුභදායි නොවේ. දැහැමි හා සුචරිත වාදීව කටයුතු කරන්නන්ට සෙනසුරු ගේ බලය මත ආරක්ෂාව සැලසේ.

දෙසැම්බර් 30 වන දින 13.45 පැයෙන් පසුව වෘශ්චික රාශියේ අංශක 24 46’ 33.6” දී සිකුරු කේතු පසු කිරීමෙන් පසු සඳු හැර අන් සියලු ග්‍රහයන් රාහු හා කේතුට මැදිවූ අතර, ජනවාරි 11 වන දින 09.11 සඳු ධනු රාශිගත වීමෙන් පසු උදාවන කාලසර්ප යෝගය 25 වෙනි දින 13.00 පැයට මිථුන රාශිගත වන තුරු පැවත නැවත යෝගයක් බවට පත්වේ.

මාසය තුළ පවතින ග්‍රහ චාරය හා සඳු ගේ රාශිගත වීම් අනුව මේෂ, වෘෂභ, කටක, තුලා, මකර, මීන ලග්නවලට යහපත් වේ. අන් ලග්නවලට මධ්‍යස්ථයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.