මේ සතිය ඔබට

දෙසැම්බර් 11 දෙසැම්බර් 17 දක්වා
දෙසැම්බර් 11, 2020

ගැටලුවක් නිරවුල්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර තමාට චෝදනා අපහාස වලට ලක්වීමට සිදුවෙන කාලයකි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සිදුකර ගනී. වෙනදාට වඩා වැඩ කටයුතු අධික වන කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ උත්සවයක සංවිධාන කටයුතු තමාට හිමි කරයි. නිතර දනට පිනට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. සති අන්තයේදී මෙතෙක් නොවිසදූ දරුවෙකුගේ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකි වේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

විශේෂ ගමනක්

පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගනිමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 6,7,8,9 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන ලකුණු පෙනේ. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම පවුලේ වැඩිහිටියෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

පදිංචියෙන් පිට වාසය

සතිය උදාවත්ම ඔබගේ රැකියාවේ සුබදායක වෙනසක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සැලසෙමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. තමාගේ යහපත් ක්‍රියා හේතුවෙන් තමාට පවුලේ මෙන්ම අසල්වාසීන්ගෙන් ද පැසසුම් හිමි කරයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන බවක් පෙනේ. විශේෂයෙන් පාදයේ වළලුකර ආශි‍්‍රත පීඩාකාරි බවක් ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. සතිය මැද කාලයේදී ගේ දොර වැඩකටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

හිසේ වේදනාවක්

නිතර මානසික අවිවේකය ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර දරුවන්ගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම ඇවිදිලි වැඩි කරන කාලයකි. මව්පිය උරුමයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි.

සතිය මැද කාලය වන විටදී ගේ දොර අලුත්වැඩියාවක් හෝ ඒ සම්බන්ධ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. වරින්වර ඇති කරන හිසේ වේදනාවක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හිතවතෙකු නිසා ගත් තීරණයක් වෙනස් කිරීමට සිදු වේ.

 

අය 09 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

උරහිසේ ආබාධයක්

අවිවේකී සතියක් වන අතර, වැඩකටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු සතියකි. සඳු ග්‍රහයා සිංහ ලග්න හිමි ඔබගේ මේ සතියේ 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. අනවශ්‍ය කරදර කීපයකට පැටළීමෙන් සිතේ නොසන්සුතාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත.

වරින් වර ආගමික සහන පතන කාලයකි. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුවේ. පවුලේ ගැටලු කීපයක් දුරදිග යන ලකුණුූ පෙන්වයි. සති අන්තයේ උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

දේපළ ගැටලුවක් විසදේ

අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි.

වෙනදාට වඩා දරුවෙකුගේ කටයුතු පිළිබඳ වෙහෙසීමට සිදු වෙයි. පරම්පරා ගත දේපළ ගැටලුවක් විසඳීමට නීති පිහිට පැතීමට සිදු වේ.

දරුලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් වාහනයක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

විශ්වාසය බිඳවැටීමක්

විශේෂ බලාපොරොත්තුවක් ඉටුකරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන කාලයකි. ළඟින් ඇසුරු කරන අයෙකු පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

පවුලට සම්බන්ධ ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. මෙතෙක් ප්‍රමාද වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පැරණි හිතවතක්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සැලසේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

දරුවෙකුගේ ජයග්‍රහණයක්

ගේ දොර කටයුතු පිළිබඳ වෙනසක් සිදුකරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. නැතිවූ දෙයක් නැවත ලබා ගත හැකි කාලයකි. පැරණි හිතවතෙකු තමා සොයා ගෙන එන බවක් පෙනේ. වරින්වර ගුප්ත කටයුතු වලින් පිහිට පතයි. සති අන්තයේදී දරුවෙකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

අමතර ලැබීම්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් මේ සතිය ආරම්භයේදී ම අමතර මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් නොවිසඳූ ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් ගත කරන සතියක් වන අතර අඹුසැමි සුහදතාවයට ද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදි පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයක් බව පෙනේ. නිතර තමාට ප්‍රශංසා ඇති කරන කාලයකි. සමාජසේවා කටයුතු පිළිබඳ දවසින් වැඩි කාලයක් ගත කරයි. අමතර ලැබීම් හිමිකරන කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගේ දොර උත්සව අවස්ථාවක්

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙනේ. අසල්වාසින්ගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. සතිය මැද කාලයේදී දේපළ අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි විය යුතු කාලයකි. ගේ දොර උත්සව අවස්ථාවකට මඟ සැලසෙන සතියකි. දරුවකෙªගේ අසනීපයක් සුව අතට හැරෙන බවක් පෙනේ. වැඩිහිටියෙකුගේ කටයුතු හේතුවෙන් සිත් වේදනා ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

වගකීම් පැහැර හැරීමක්

පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු මතුකරමින් ආරම්භ වන මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වගකීමක් කෙරෙහි කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවන බවක් පෙනේ. නිරත ඇවිදිලි වැඩි කරන කාලයකි. දරුවෙකුගේ නොසන්සුන්තාත්මක කටයුතු හේතුවෙන් දැඩි පීඩාවට පත් කරයි. ඒ අතරතුර තමා විසින් වගකීම් පැහැර හැරීමක් ද සිදුවීමට ඉඩ ඇත.

වාහන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. අමතර ආදායම් ලැබෙන මාර්ගවලට බාධා ඇතිකරන අන්දමේ කටයුත්තක් සිදුකරයි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට

විදෙස් ලැබීමකට බාධාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අසල්වැසියෙකුගේ කටයුතු හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. විශේෂ අමුත්තෙකු තමා හමුවීමට පැමිණෙන කාලයකි. එමෙන් අලුත් නෑදෑ සබඳතා වලට ද මුල පිරීමට අවස්ථාව සැලසේ. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට කටයුතු උදාකරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී පැරණි ගනුදෙනුවක් සමතයකට පත්කර ගැනීමට හැකි වෙයි. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.