2021 වර්ෂයේ ඔබගේ කාර්යයන් ආරම්භයට සුබ නැකැත්

ජනවාරි 1, 2021

මෙකී සඳහන් දිනවල ඔබගේ කාර්යය සැලසුම් කර ගැනීමට පහසු වන අතර ඔබගේ උපතේ දී දශාව අනුව එම දිනයේ සුබ අසුබතාව පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. ඔබට සුදුසු දිනයක් තෝරා ඔබගේ කාර්යය සැලසුම් කර එදින කාර්යය ආරම්භ කිරීම සඳහා සුදුසුම සුබ මොහොත සොයා ගැනීමටත්, දිශාව තීරණය කර ගැනීමටත් පලපුරුදු ඡ්‍යොතිෂවේදියෙකුගේ සහය ලබා ගන්න.

 

ජනවාරි මාසය

4 වන සඳු දින පෙ.ව. 7.15 දක්වා සුබයි. - පුවපල් නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළඳාම, සතුරන් පරාජය, ණය ගනුදෙනු ආදියට සුබයි..

14 වන ගුරු දිනය පුරාම සුබයි. - සුවන නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු, යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට රථ වාහන කටයුතු, ගෙවැදීම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ඉඳුල්කටගෑම, ගිවිසුම්, ගොවිතැන්, වෙදකම, හිසකෙස් කැපීම ආදී කටයුතුවලට නැකත් සාදා ගැනීමට සුබ වේ.

15 වන කිවි දින පෙ.ව. 5.07 සිට රාත්‍රී 8.27 දක්වා සුබයි.. - දෙනට නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි , රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළඳාම, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය දේ ආදී කටයුතුවලට නැකත් සාදා ගැනීමට සුබ වේ.

17 වන රවි දින පෙ.ව. 8.13 සිට මධ්‍යහනය දක්වා සුබයි.. - පුවපුටුප නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි , ශනි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන්, රසායනික කටයුතු වලට නැකත් සාදා ගත හැකියි .

25 වන සඳු දින රාත්‍රී 10.26 දක්වා ශුභ යි. - මුවසිරස නැකත යෙදී ඇත. සඳු, කුජ, බුධ, ගුරු, කිවි , රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන්, සතුන් පිළිබඳ, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කර ගත හැකියි .

පෙබරවාරි මාසය

4 වන ගුරු දින දහවල් 12.07 දක්වා සුබයි. - සා නැකත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, රථ වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, ඉඳුල් කටගෑම ආදියට මුහුර්ථ සකස් කර ගැනීමට සුබ වේ.

14 වන රවි දින මධ්‍යහනය දක්වා සුබයි. - පුව පුටුප නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි , ශනි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට රසායනික කටයුතු, ගොවිතැන් කටයුතු වලට නැකත් සාදා ගත හැකිය.

18 වන ගුරු දින පෙ.ව. 8.20 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සුබයි - බෙරන නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලන් උපන් අයට ගොවිතැන් කටයුතු, තරග විභාග, සතුරන් පැරදවීම ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකියි .

20 වන ශනිදා දවස පුරාම සුබයි - රෙහෙන නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, සඳු, කුජ, ශනි,රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලන් උපන් අයට ගොවිතැන, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

22 වන සඳු දින පෙ.ව. 5.36 සිට පෙ.ව. 10.56 දක්වා සුබ යි - මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි ,රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වාහන කටයුතු, නිවාස කටයුතු,වෙදකම, ඉඳුල් කටගෑම, කන් විදීම, විවාහය, හිස කෙස් කැපීම, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

මාර්තු මාසය

මාර්තු මස 01 වන සඳු දින පෙ.ව. 7.38 දක්වා සුබයි.. - උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කරගත හැකිය.

14 වන රවි දින මධ්‍යහනය දක්වා සුබ යි. - උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කර ගත හැකිය.

15 වන සඳුදා දිනය පුරා සුබයි. - රේවතී නැකත පවතී. සඳු, බුධ, කිවිි , ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන කටයුතු, විවාහය, හිස් කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකියි . (මහාපාත දර්ශන දිනයකි. මධ්‍යය 11.05)

20 වන ශනිදා සවස 4.44 දක්වා සුබයි. - රෙහෙන නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, සඳු, කුජ,ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන, වෙළඳාම, වෙදකම, විවාහය, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

අප්‍රියෙල්

01 වැනි ගුරු දින පෙ.ව. 6.15 ට පසු දිනයම සුබයි.. - විසා සහ අනුර නැකත පවතී. බුධ, ශනි, ගුරු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, විවාහය, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු වලට සුබයි..

22 වැනි ගුරු දින පෙ.ව. 8.15 දක්වා ශුභ යි. - අස්ලිස නැකත පවතී. සඳු, බුධ, කිවි, ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුරන් පැරදවීම ආදී කටයුතු වලට සුබයි..

2021 මැයි

2 වන රවි දින මධ්‍යහනය දක්වා සුබයි - පුවසල, උත්‍රසල නැකත් පවතී. රවි, චන්ද්‍ර, කිවි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

33 වන සඳු දින පෙ.ව. 8.25 සිට දිනයම සුබයි. - සුවන නැකත සමඟ කේවල සිද්ධි යෝගය පවතී. රවි, චන්ද්‍ර,කුජ, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු,වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම , ගිවිසුම් කටයුතු ආදියට සුබයි..

මැයි 14 වන කිවි දින මුළු දිනයම සුබයි. - මෙදින මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි , රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය, ශාස්ත්‍රීය කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, විවාහය, රැකියා කටයුතු ආදියට සුබයි..

මැයි 26 වැනි බුධ දින පංචාංග ශුද්ධිය ඇති කේවල සිද්ධි යෝගය යෙදෙන දිනයකි. නමුත් එදින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බැවින් මුහුර්ථ සකස් නොකෙරේ.

මැයි 28 වැනි කිවි දින රාත්‍රී 8.07 දක්වා සුබයි. - මුල නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි , කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, නිවාස කටයුතු, විවාහ කටයුතු ආදිය සඳහා සුබයි..

ජුනි මාසය

13 වැනි රවි දින පෙ.ව. 9.30 දක්වා සුබයි - පුනාවස නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි , ශනි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම ආදියට සුබයි..

17 වැනි ගුරු දින පෙ.ව. 9.57 දක්වා සුබයි - පුවපල් නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට වෙළඳාම, සතුරන් පරාජය, ණය ගනුදෙනු ආදියට සුබයි..

23 වැනි බුධ දින 11.49 දක්වා සුබයි. - අනුර නැකත සමඟ කේවල සිද්ධි යෝගය පවතී. රවි, කුජ, බුධ, ගුරු,ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙදකම, විවාහය, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

ජූලි මාසය

01 වන ගුරු දින ප.ව. 2.08 දක්වා සුබයි. - උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන කටයුතු, විවාහ කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට සුබයි..

02 වන කිවි දින දිනය පුරා ශුභ යි. - රේවතී නැකත සමඟ කේවල සිද්ධි යෝගය පවතී. සඳු, බුධ, කිවි , ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන කටයුතු, විවාහය, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් කටයුතු ආදිය සඳහා මුහුර්ථ සකස් කළ හැකිය.

11 වන රවි දින මධ්‍යහනය දක්වා සුබයි. - පුෂ නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් ආදියට සුබයි..

12 වන සඳු දින දවස පුරා සුබයි.. - අස්ලිස නැකත පවතී. සඳු, බුධ, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුරන් මර්දන කටයුතු සඳහා සුබයි..

15 වන ගුරු දින පෙ.ව. 7.17 දක්වා සුබයි - උත්‍රපල් නැකත පවතී. රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

19 වන සඳු දින රාත්‍රී 10.00 දක්වා සුබයි.. - විසා නැකත පවතී. සඳු, බුධ, ගුරු, කිවි , ශනි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, ශාස්ත්‍රීය කටයුතු, බැංකු කටයුතු ආදියට සුබයි..

2021 අගෝස්තු

13 වන කිවි දින පෙ.ව. 8.00 දක්වා සුබයි. - හත නැකත පවතී. රවි, සඳු, කුජ , ශනි, රාහු, කේතු යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, රථවාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම,ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ගිවිසුම් ආදිය සඳහා සුබයි..

16 වන සඳු දින පෙ.ව. 7.47 දක්වා සුබයි. - අනුර නැකත පවතී. රවි, කුජ, බුධ , ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ඉඳුල් කට ගෑම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

18 වන බුධ දින සවස 2.15 දක්වා සුබයි. - මුල නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි , කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, නිවාස කටයුතු, විවාහ ආදියට සුබයි..

19 වන ගුරු දින දවස පුරාම සුබයි. - පුවසල නැකත පවතී. රවි, සඳු, රාහු, ශනි, කිවි , කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ණය ගනුදෙනු, බැංකු කටයුතු, තරග විභාග, සතුරන් මර්දනය සඳහා සුබයි..

20 වන කිවි දින රාතී‍්‍ර 8.54 දක්වා සුබයි. - උත්සල නැකත පවතී. රවි, චන්‍ද්‍ර, කුජ, බධු , ගුරු, කිවි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

22 වන රවි දින පෙ.ව. 6.16 සිට පෙ.ව. 10.36 දක්වා සුබයි.. - දෙනට නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි , රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, නිවාස කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට සුබයි..

23 වන සඳු දින රාත්‍රී 7.31 දක්වා සුබයි. - සියාවස නැකත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, නිවාස කටයුතු, ඉඳුල්කටගෑම,ශාස්ත්‍රීය කටයුතු, ගිවිසුම් ආදියට සුබයි..

සැප්තැම්බර්

13 වැනි සඳු දින සවස 3.14 දක්වා සුබයි. - දෙට නැකත පවතී. සඳු, බුධ, කිවි , රාහු, කේතු, ශනි යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නිවාස කටයුතු ආදිය සඳහා සුබයි.

16 වන ගුරු දින රාත්‍රී 8.54 දක්වා සුබයි. - උත්‍රසල නැකත පවතී. රවි, සඳු, කුජ, බධු , ගුරු, කිවි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ,ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට සුබයි..

23 වන ගුරු දින දහවල් 1.52 දක්වා සුබයි. - අස්විද නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි , කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන, ගෙවැදීම, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට සුබයි..

ඔක්තෝබර්

8 වැනි කිවි දින මුළු දිනයම සුබයි.. - සා නැකත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, රථ වාහන කටයුතු, ගෙවැදීම, ඉඳුල් කටගෑම, රැකියා කටයුතු, ගිවිසුම් කටයුතු ආදියට සුබයි..

18 වන සඳු දින පෙ.ව. 10.53 සිට සවස 6.12 දක්වා සුබයි.. - උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු,නිවාස කටයුතු, විවාහ, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

21 වන ගුරු දින මුළු දවසම සුබයි. - අස්විද නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි , කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, විවාහය, රථ වාහන,නිවාස කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු ආදියට සුබයි..

28 වන ගුරු දිනය පුරා සුබයි. - පුනාවස නැකත ද පුෂ නැකත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. සඳු, බුධ,ගුරු, කිවි , ශනි, රාහු (රවි, කුජ, කේතු) යන විංශෝත්තරී මහ දශාවලින් උපන ් අයට ගොවිතැන් කටයුතු,විවාහය, වෙළඳාම, වෙදකම, රථ වාහන, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, නීතිමය කටයුතු සඳහා සුබයි..

2021 නොවැම්බර් මාසය

14 වන රවි දින මධ්‍යහනය දක්වා සුබයි. - පුවපුටුප නැකත පවතී. සඳු, බුධ , ගුරු, කිවි , ශනි, රාහු යන විංශෝත්තරී

මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු වලට සුබයි..

15 වන සඳු දින පෙ.ව. 6.42 සිට සුබයි.. - උත්‍රපුටුප නැකත පවතී. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන්, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය,ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි..

18 වන ගුරු දින දහවල් 12.03 දක්වා සුබයි. - බෙරන නැකත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුරන් පැරදවීම සඳහා සුබයි..

21 වන රවි දින මධ්‍යහනය දක්වා සුබයි. - රෙහෙන හා මුවසිරස නැකත් පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු (බුධ, ගුරු, කිවි ) යන විම්ශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන,නිවාස, විවාහ කටයුතු, ඉඳුල්කට ගෑම, ශාස්ත්‍රීය කටයුතු සඳහා සුබයි..

22 වන සඳු දින පෙ.ව. 9.09 දක්වා සුබයි. - මුවසිරස නැකත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි , රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු,විවාහ කටයුතු, ගෙවැදීම, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු ආදියට සුබයි..

දෙසැම්බර්

08 වන බුධ දින දහවල් 1.07 දක්වා සුබයි. - සුවන නැකත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි..

13 වන සඳු දින පෙ.ව. 5.46 සිට රාත්‍රී 9.38 දක්වා සුබයි. - රේවතී නැකත පවතී. සඳු, බුධ, කිවි , ශනි, රාහු,කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන කටයුතු, විවාහය, නිවාස කටයුතු ,හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා කටයුතු, ගිවිසුම් ආදියට සුබයි..

14 වන කුජ දිනය පුරාම සුබයි.. - අස්විද නැකත සමඟ කේවල සිද්ධි යෝගය පවතී. රවි, කුජ, බුධ, ගුරු, කිවි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙළඳාම, වෙදකම, රථ වාහන, නිවාස කටයුතු, හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම ආදියට සුබයි..

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.