උඩුකාව සමින්දි පිළිතුර

ධනු ලග්න කන්‍යා නවාංශක පුවපල් නැකත දැනට දසාව රාහු, පංච මහා පුරුෂ යෝග දෙකකින් වර්ණවත්ව ඇති ඔබේ ජන්මය ඉතා බලවත් බව පෙනේ. ගුරුගෙන් හංස යෝගයෙන් බුධගෙන් භද්‍රයෝගයක් පමණක් නොව බුධ ආදිත්‍යය යෝගයද උදාකරගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කර ගැනීමට වාසනාව ඔබට ඇත. දැනට ගත කරන දසාව එතරම් සුභදායක නොවුවද, ජන්ම පත්‍රයේ බලවත් බව නිසාම එතරම් අපලකාරි බවක් නොපෙනේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේම බලවත් වෘත්තියකට හිමිකම් ඇත.

ආශ්‍රය කරන අය අතර, මෙන්ම වෘත්තීය ස්ථානයේද ජනපි‍්‍රයත්වයට පත්වන අතර, ඔබෙන් උපදෙස් ගන්නට පෙළඹෙන අයද දිනෙන් දින වැඩිවනු ඇත. දැනට බලවත් විවාහ යෝග නැකත් ඉතා යහපත් විවාහයක් හා යුග දිවියක් ඔබට උරුම බව පෙනේ. එහෙත් විවාහය සඳහා තව ටිකකලක් ඉවසන්නට සිදුවේවි. පමා වුවද වාසනාවන්ත විවාහයකි. ඔබ වෘත්තියක නියැලෙන්නේ නම් සහකරුද එහිම සිටින්නට පිළිවන. එහෙත් ජන්ම පත්‍ර ගලපා විවාහ වන්නේ නම් ඉතා යහපත් ය. විවාහ දෝෂ නැත. දරුපලද ඉහළ තලයක පිහිටා ඇත. වාසනාවන්ත බලවත් ජන්ම පත්‍රයකි.

Posted Date: 
Friday, මැයි 17, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව