තුංමෝදර නිමාලි පිළිතුර

කන්‍යා ලග්න කන්‍යා නවාංශක විසා නැකත දැනට දසාව බුධ ලග්නය වර්ගෝත්තම වීම ඉතා සුභදායකයි. ලග්නාධිපති දුර්වලව 8 වැන්නා වූ මාරක ස්ථානයේ උපතේදී ස්ථාපිතවීම එතරම් සුභදායක නැත. රැකියා ස්ථානයේ අධිපති වන්නේද බුධයි.

මෙම ස්ථාන දෙකටම බුධගේ දෘෂ්ඨිය නොමැති වීමද පාඩුවකි. මාතෘකාරක, චිත්තකාරක සඳු තනිවී දෙවැන්නේ සිටීමෙන් කේමදෘම යෝගයද උදාවි ඇතත් එයද භංගවී නොමැත. මෙම පිහිටීම් සුභවාදි නොවේ. නිතර සිතට වදදෙන ගැටලු පැනනැගීමටත් සිත් කලකිරීම් වලටත් හේතු වේ. 10 වැන්න හා 8 වැන්න අතර පරිවර්තන යෝගයක්ද ස්ථාපිතව ඇත.

කුමන රැකියාවක් කළත් ඊට බාධාකාරි තත්ත්වයන් ඇති විය හැක. රැකියාවෙන් තෘප්තියක් ලබා ගැනීමත් අසීරුවිය හැක. රජයේ රැකියාවකට ළංවීමේ හැකියාවද විරලය. රාජ්‍ය කාරක රවිද 10 වැන්නට සම්බන්ධයක් නැත. උසස් අධ්‍යාපන බලාපොරොත්තු ද කඩවන්නට ඇති බව පෙනේ. ඉතා ඉවසීමෙන් කල්පනාකාරිව රැකියා කටයුතු නොකළහොත් ඔබට රැකියා කිහිපයකටම මාරුවන්නට සිදුවේවි. ඉවසීමෙන් කටයුතු කළහොත් දියුණුවක් බලාපොරොත්තු විය හැක.

 

Posted Date: 
Friday, මැයි 17, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව