වර්ෂ 2021 ක්වූ April 16 වැනිදා Friday
සමනළ කඳු යායේ පිහිටි ධූරාගේ සටන් ගම්මානයේ සිද්ධීන් එසේ සිදු වෙද්දී, සිම්ජාගේ කඳවුරේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයකි. පෙරදා රාත්‍රියේ සිය කඳවුර ආක්‍රමණය කළ ඝාතකයින් සොයා මුළු මහත් බළ සේනාවම අවදි වී පරීක්ෂා කළද, කිසිවක් සොයාගත නොහැකි...
සමනළ පව්වට හිරු කිරණ වැටී, තිමිර පටලය මැකී යාමටත් පෙරාතුව, ධූරාගේ ගම්මානය එකම සැණකෙළියක් වී තිබිණ. හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් දෙපළ සිය ඉලක්කය ප්රබලව ජය ගෙන ඒ කඳුකර ගම්මානයට පැමිණියේ මීට සුළු මොහොතකට පෙරය. මුවගෙහි පිරුණු අභිමානවත් සිනාවෙන්...
සිය සගයින් තිදෙනෙකු මරා දැමූ කාළවර්ණ පුද්ගලයින් දෙදෙනා විනාශ කරලීම සඳහා සතුරු සෙබළුන් කෝපයෙන් කෑ ගසමින් ආයුධ අමෝරාගෙන ඉදිරියට පනිද්දී හර්ෂදේවයෝ, සිය අසිපත සුළි සුළඟක් ලෙස සිරුර වටා කරකැවූහ.
ඒ සමගම ඔහු ඉදිරියට වේගයෙන් කඩා පැන්න සතුරු...
සිම්ජාගේ කඳවුරට හොර රහසේ ඇතුළු වී සිතියම ලබා ගැනීමෙන් පසුව හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් ගේ සතුට සීමා රහිත විය. ඒ සිතියම සතුරන්ගෙන් සොරා ගැනීම යනු, එතැනින් ඉදිරියට ඇති ගමන් මාර්ගය මුළුමනින්ම සතුරන් කෙරෙන් සඟවාලීමක් හා සමාන විය.
ඒ සමගම...
සිම්ජාගේ කඳවුරෙහි පැවතියේ වික්ෂිප්ත වූ ස්වභාවයකි. ජයමාලී දේවිය පසුපස හඹා ගිය අශ්වාරෝහක සේනාංකය, හෙළයේ රණ ශූරයන් අතින් සමූල ඝාතනය වීමත්, ඔවුන්ට මග පෙන්වූ ගුප්ත විද්යාධාරියා වූ ගාවුලාගේ මරණයත් නිසා සතුරන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගියේය....
සබරගමු පුරවරයේ ඒ මහා සමනළ පව්වට හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව එක්තැන් වූ ඒ අරුණෝදයේ, ධූරාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පෙරදින සටනෙන් දිවි ගලවාගත් සතුරන්ගේ මඟ පෙන්වන්නා වූ ගාවුලා නම් ඇදුරා සියලු විස්තර දැනගෙන ඝාතනය කළ බව ධූරා, ජයමාලී...
සබරගමු අඩවියේ සිද්ධීන් සියල්ල, හෙළයේ රණශූර ගෝරාවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ අසමසම හැකියාවන් හමුවේ, හෙළ ජාතියට වාසි සහගත ආකාරයෙන් එසේ විසඳී යද්දී, සිම්ජාගේ ප්‍රධාන ගුප්ත විද්‍යා ධාරියා වූ මෂ්පිණ්ඩිගේ කූඩාරමේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස්...
සීතල අරුණෝදයේ පළමු හිරු රැස් දහර ඒ මහා සමනළ පව්ව සිප ගන්නටත් පෙරාතුව ජයමාලී දේවිය මෙන්ම, ධූරා ගේ ගම්මානයේ සිටි සියලුම දෙනා පිබිදී සිටියහ. බ්‍රහ්ම මුහුර්තිය හෙවත් උදෑසන හතරහමාරටත් කලින් අවදි වීම හෙළ දේශයේ කුඩා දරුවන්ට පවා හුරු වී තිබූ...
සිය මහරජතුමන්, එලෙසින් භද්‍රජෝති ආශ්රමයේ කෙමෙන් කෙමන් සුව අතට පත් වෙද්දී, සබරගමුවේ ගෝරාවරුන්ගේ ගම්මානයේ ඉහළ කොටසේ වූ ධූරාගේ නිවසේ සිටි ජයමාලී දේවිය, ඇයට සකස් කර දුන් සයනයේ නිදි වර්ජිතව එහා මෙහා පෙරළුනාය.
ඇයගේ ආරක්ෂාව පිණිස පැමිණි ධූරාගේ...
සිය මහරජතුමන් සුරක්ෂිතව නිසි වේලාවට තමා වෙත ගෙන ඒම පිළිබඳව භද්‍රජෝති මහසෘෂිතුමෝ, ජයබුද්ධි හට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළහ. මන්ද යත්, ඉර අස්තගත වන්නට පෙරාතුව මහරජතුමන් මහි අංගන පුරවරයේ භද්‍රජෝති ආශ්රමයට නොගෙනාවේ නම්, ශරීරගත වූ විෂ සමගම බැඳුණු...
සුදු පැහැති තිමිර පටලයෙන් ඒ ගම්මානයේ සියලුම නිවාස වෙළී පැටලී ගොස් තිබුණි. හාත්පස වූ අන්ධකාරය හරහා, නිවාසවල කුඩා කවුළුවලින් පිටතට විහිදුණු පහන් ආලෝකය මීදුම් පටලය තුළින් දිස්වූයේ කසාවන් සිලින්ඩරාකාර ආලෝක ධාරාවන් මෙනි. දැඩි තුෂාරයෙන් වැසුණු එම...
මිහිදුමෙන් මතු වූ රණශූරයා...සූර්යයා ක්‍රමයෙන් අස්තයට ඇදෙත්ම, රාස්සිගේ අව් රශ්මියෙන් මුළු ප්‍රදේශයම නැහැවී යන්නට පටන් ගත්තේය. නැගෙනහිර බලනගිර බළකොටුවේ සිට සබරගමු පුරවරයේ සමනළ පව්ව දක්වා වූ ඒ සැතපුම් සිය ගණනක දුර ප්‍රමාණය කඟවේනෙකු ගේ නැතහොත්, හොඹුව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329