වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
2024.11.07 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 11.54 - 01.23
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වෙහෙසකාරී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස උදා කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.
මිථුන
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදු කරයි.
කටක
මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි.
සිංහ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. වෙහෙසීම් බහුල දිනයකි.
කන්‍යා
ඉගෙනීමට උනන්දුවක් දක්වන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් සිදු කර ගන්නා දිනයකි.
තුලා
නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වයි. වරින් වර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
වෘශ්චික
කරදර බාධක යෙදුණත් ප්‍රමාද වී හෝ ඉදිරි සැලසුමක් සාර්ථක කර ගන්නා බවක් පෙනේ. සමාජ ගෞරවයට පාත්‍රවන දිනයකි. ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වෙහෙසක් දරයි.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථකකර ගැනීමට අවස්ථාව උදා කරයි. ඥාති උපකාර සැලසෙන දිනයකි.
මකර
ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේවි.
කුම්භ
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරත වෙයි.
මීන
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උදර ගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පෙම් සබඳතාවයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.