වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2024.12.29 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඉර උදාව - පෙ.ව. 06.21
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - සවස 04.36 - 06.04
සුබ දිශාව - දකුණ
මේෂ
වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. දූදරු සමඟියට මඟපෑදෙයි පිනට දහමට ළැදිවන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.
වෘෂභ
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි.
මිථුන
අන් අයගේ ගරු සැලකිල් හිමිවන දිනයකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ළඟම ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසේ.
කටක
වගකීම් බහුල කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු අධික වන බවක් පෙනේ. සෙම් රෝග, උදරගත ආබාධ ආදිය මතුවිය හැකි දිනයකි.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
කන්‍යා
ගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි. පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි.
තුලා
අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි. හිතවතුන්ගෙන් තෑගි භෝග හිමි කරයි.
වෘශ්චික
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.
ධනු
පවුලට අලුත් ඥාතියකු එකතුවීමට හේතු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.
මකර
ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
කුම්භ
සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟහැරී යන දිනයකි.
මීන
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුලකරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන දිනයකි.