සුබසෙතින් සුවය

පෙබරවාරි 12, 2021

කුරුණෑගල මල්කඩුවාවේ ශ්‍රීමතී ශි‍්‍රයාලතා. වයස 69 කි.

දකුණු කකුලේ ඇස්වටය ඉදිමී ඇත. ඇවිදින විට වේදනාවේ

01.අරළු, රසකිඳ,සාරණ,දේවදාර කළන් තුන බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා පත 1/2 බැගින් උදේ, සවස දින 8 ක් බොන්න.

02.ලුණුවරණ කොළ, ඉඳිකොළ, වැරැල්ල කොළ ,හීනටිහාලෙන් කැඳ පිස බොන්න.

03.තල් ඇට,සතකුප්ප , මීඇට, කුඹුරු ඇට, ඉරමුසු මුල්, කබරස මුල්, ගුගුල් සමව ගෙන, මී තෙලින් රත්කර ගාන්න.

 

කුලියාපිටිය යක්විල අමරා වයස 57කි. තුනටියෙන් පහළ හිරිගතිය ඇත. හන්දි රිදේ. අත්පාවලද හිරිය ඇත. ඇවිදින්න අමාරුයි. ඇඟිලිවලද හිරිය පවතී.

 

1.අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, හාතාවාරිය අල, දුම්මැල්ල , කටුකරෝසන කළන් 1 මංචාඩි 14 බැගින් ගෙන වතුරපත 16-2 ට සිඳ පෙරා උදේට සවිඳ ලුණුද සවසට සීනි ද දමා දින 6 ක් බොන්න. තවත් දින 6 ක් උදේටත් සීනි දමා බොන්න.

2.දවල්ට රෑට කෑමට පසුව බලාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න

3.යෝගරාජ ගුලි 3 බැගින් රසකිඳ,දේවදාර තැම්බූ ජලය සමඟ බොන්න.

 

වයස 37 කි. අමරකීර්ති සඳලංකාව

උදරය නෙරා ඇත

1.කුඹුරු ඇට මද, සුදුලූනු, අරළු, වලගසාල්, කොහොඹපොතු, කලාඳුරු අල, එළබටුමුල්, කටුකරඬු කළන් 1 1/2 බැගින් ගෙන වතුර පත 24-3 ට සිඳ පෙරා උදේ 6 ට සවස 6 ට රාත්‍රී 10 ට පත 1 බැගින් බොන්න .එම කෂාය මුට්ටියට නිම්බාදි චූර්ණයෙන් මේස හැඳි එකක්ද, තිපල් චූර්ණයෙන් මේස හැඳි එකක්ද දමා කෂාය තම්බා ගන්න.

2.ධාත්‍රී චූර්ණය තේ හැඳි 2 ක් නින්දට පෙර උණුවතුරින් බොන්න.

මේධහර ක්වාථය දවල්ට, රෑට කෑමට පෙර මේස හැඳි 2 බැගින් බොන්න.

මෙම බෙහෙත් පන්තිය මාසයක් ගන්න. කෂාය දින 14 ක් බොන්න. සුවය ලැබේවි.

 

අවුරුදු 23 කි. දමයන්ති අල්විස්, පැණිදෙණිය

අව්වේ ගියවිට හිසරදය සෑදේ

1.අරළු, බුළු,නෙල්ලි, වියළි කහ, කොහොඹපොතු, බිංකොහොඹ, රසකිඳ, කළන් 1 මංචාඩි 14 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා උදේට සවිඳලුණු ද සවසට සීනි ද සමඟ දින 2 ක් බී, තව දින තුනක් උදේට ,සීනිද සවසට සවිඳ ලුණුද දමා බොන්න.

2. දවල්ට, රෑට කෑමට පෙර පිප්පල්‍යාද්‍යාසවය සහ රාෂ්ණාදී ක්වාථය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

3.කඵකේතු වටි 2 ක් අමුඉඟුරු, තොටිල පොතු තැම්බූ වතුරින් සීනි දමා උදේ 10 ට සවස 4 ට බොන්න.

3.හිසට නීල්‍යාදි තෙල් ගා මසාජ් කරන්න. උදේ 8 ට පෙර කට්ඵලාදී චූර්ණය තේ හැඳි 1 1/2 ක් මී පැණියෙන් අනා කා ,අමු ඉඟුරු,රසකිඳ තැම්බූ වතුර සීනි දමා නින්දට පෙර බොන්න.

 

වයස 26කි. ගාල්ල දංගෙදර – පි‍්‍රන්සි ප්‍රනාන්දු

කෙස් යයි. දිනපතාම කෙස් යන නිසා තට්ටය පෑදේයයි බිය වෙමි.

 

1.අරළු, බුළු, නෙල්ලි, රසකිඳ,දුම්මැල්ල, හාතාවාරිය අල, කටුකරෝෂණ කළන් 1 මංචාඩි 14 බැගින් ගෙන – වතුර පත 16-2 ට සිඳ පෙරා සීනි, මී පැණි දමා දින 6 ක් බොන්න.

2.භෘංග රාජ රසායනය තේ හැඳි එකක් උදේ 7 ට සවස 5 ට ගිතෙල් සමඟ කා නෙල්ලි, රසකිඳ තැම්බූ වතුර සීනි දමා බොන්න.

3.දවල්ට, රෑට කෑමට පෙර ධාත්‍රී අරිෂ්ඨය සහ ශතාවාරී ශෝවකන්‍යා ක්වාථය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

භෘංගාමලක තෛලය, ත්‍රිඵලා තෛලය, අමිල තෛලය, මිශ්‍රකර හිසේ ගා මසාජ් කරන්න.

 

අවුරුදු (47 )ක කාන්තාවක්මි.

මගේ හම ගැලවෙනවා. නියපොතු දිරනවා. බෙහෙත් ගත්තාට සුවයක් නෑ.

 

මෙම ප්‍රතිකාර කරන්න

01.පාවට්ටා මුල්, මුද්දරප්පලම්, තිරැස්සවාළු, ඉරමුසු මුල්, වැල්කහඹිලියා මුල්, සෙනෙහෙ කොළ, කටුකරෝෂණ, අරළු, කොහොඹ පොතු, වෙනිවැල්ගැට, හීංගොකටු, රත්කිහිරිය, කළන් 1 බැගින් ගෙන වතුර පත 24-3 ට සිඳ පෙරා උදේ 6 ට පත එකක් සවිඳ ලුණු දමා,සවස 6 ට සීනි දමා රාත්‍රී 10 ට නිකම්මද බොන්න. (දින 14ක්) සවිද ලුණු දමා දින 4 ක් බී ඉන්පසුව උදේටද සීනි දමා බොන්න.

2.පංචතික්ත සෘතය ගුලි 2 ක් මී පැණියෙන් අනා කා නෙල්ලි,රසකිඳ තැම්බූ වතුර බොන්න. උදේ 10 ට සවස 4ට .

3.දවල්ට, රෑට කෑමට පෙර මහා මංජිෂ්ඨාද ක්වාථය මේස හැඳි 2 බැගින් බොන්න.

04.පිණ්ඩ තෛලය, නීල්‍යාදි තෛලය, විසර්පහර තෛලය, සීතෝදක තෛලය, අවුන්ස 01 බැගින් ගෙන මිශ්‍රකර උදේටත් , සවසටත් ගා විනාඩි 20ක් පමණ අතගාන්න.

ගිනියම් කෑම, සෙම වඩන කෑම නවතන්න.

 

උදරය ඉදිරියට නෙරා ඇත. මම තරබාරු අයෙක් නොවේ. මට බෙහෙතක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි.

 

නමක් ,වයසක් මුකුත් නැත. මධ්‍යම වයසේ අයකු යයි සිතා ප්‍රතිකාර නියම කරමි.

1.අරළු, සුදුලූණු ,වළඟසාල්, කොහොඹපොතු, කළුදුරු, කුඹුරුඇට මද, එළබටු මුල්, කටුවැල්බටු, කළන් 1 1/2 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා උදේ, සවස සීනි දමා දින 8 ක් බොන්න.

02.රාත්‍රී නින්දට පෙරා ධාත්‍රී චූර්ණය තේ හැඳි 2 ක් උණුවතුරින් තම්බා කෝපි මෙන් බොන්න. දින 4 ක්.

03.අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, හාතාවාරිය අල, දුම්මෑල්ල, කටුකරෝෂණ,කොහොඹපොතු, කළන් 1 1/2 බැගින් ගෙන වතුර පත 16-2 ටසිඳ පෙරා පත 1 බැගින් උදේට සවිඳ ලුණුද සවසට සීනිද දමා දින 10ක් බොන්න.

04. දවල්ට,රෑට කෑමට පෙර ත්‍රිංනිඩි පානය මේස හැඳි 2 බැගින් බොන්න.

05.පළමු කෂාය දින 8 ක්ද, ඉන් දින 2ට පසුව 02 වෙනි කෂායද පටන්ගෙන ඉන් දින දෙකකට පසුවද මෙම කෂාය තව දින 8ක් බොන්න.

සුදුලූනු ,අරළු, කොල්ලු, මුරුංගාමුල්, කළන් 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ පෙරා පත 1/2 බැගින් සවිඳලුණු දමා උදේ සවස බොන්න.

06.මේධහරණ ක්වාථය දවල්ට , රෑට කෑමට පසුව මේස හැඳි 2 බැගින් බොන්න.

07.3 න්වෙනි කෂාය දින 8ක් බී දින දෙකකට පසුව මෙම කෂාය තව සතියක් බොන්න.

සුදුලූනු,කරපිංචා නැටි, කොල්ලු, ගොරක පොතු, අඹපොතු, මාදං පොතු, කළන් 2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා උදේ, සවස පත 1/2 බැගින් බොන්න.

08.මේථි චූර්ණය තේ හැඳි 1ක් නින්දට පෙරා උණුවතුරින් බොන්න. තවදුරටත් උදරය නෙරා ඇත්නම් පෙරුංකායම් ,සිවියමුල්, රත්නිටුල්,පොල්කිරෙන් තම්බා ගන්න.සුවස ලුණු , සූදුරු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වියළා චූර්ණකරගෙන තේ හැඳි 1 ක් මෝරු සමඟ උදේ සවස කන්න.

 

40 ක කාන්තාවකි. එගොඩ උයනේ මැටිල්ඩා බොතේජු

වායු ගෙඩියක් ඇත. (ටෙනිස් බෝලයක අඩක් පමණ)

මෙම ප්‍රතිකාර කරන්න.

01.කාමරංගා පොතු විනාකිරෙන් අඹරා ගාන්න

02.කාංචනාර ගුග්ගුලි 2ක් උදේ 7ට සවස 5ට රාත්‍රී 10ට කටුවැල්බටු ,පාවට්ටා මුල් තැම්බූ වතුරින් බොන්න. මෙවැනි ඖෂධ වට්ටෝරු 4 ක් ලබාගෙන දිගටම පාවිච්චි කර සුවය ලබා ගන්න.

 

05.අවුරුදු 56ක අයෙක්මි.

සැම්සන් – මීගමුව

ලිංගික දුබලතාව පවතී

 

01.වල්කොත්තමල්ලි, සහමුලින් ගන්න. හීං නිදිකුම්බාද එසේම ගන්න. එරබදු පොතු, කාක බෝ පොතු, රුක්අත්තන පොතු, පොකුරුවද, කුප්පමේනියා මුල්, වේලා මුල්, කාමරංගා මුල්, වඳුරු මෑ ඇට, කිරිබදු අල, අමුක්කරා අල, කළන් 1 බැගින් ගෙන වතුරපත 24-3ට සිඳ පෙරා උදේ 6 ට සවස 6ට රාත්‍රී 10ට පත 1 බැගින් බොන්න. එම කෂාය සමඟම ගෝක්ෂරාදී ගුලි 2 බැගින්ද, චන්ද්‍රප්‍රභා වටී දෙක බැගින්ද බොන්න.

2.දවල්ට, රෑට කෑමට පෙර බලාරිෂ්ඨය, අවුන්ස 8 දසමූලාරිෂ්ඨය අවුන්ස 08,අශ්වගන්ධාරිෂ්ඨය අවුන්ස 16 මිශ්‍ර කර මේස හැඳි 2 බැගින් බොන්න.

03.දසවන ප්‍රමේහ තෛලය තේ හැඳි 1 බැගින් දවල්ට, රෑට කෑමට පසුව බොන්න.

04.ප්‍රමේහ , ගජකේෂරී රසායනය දවල් 10ට රාත්‍රී 10ට තේ හැඳි 1 බැගින් කා කිරි බොන්න.

05.අශ්වගන්ධ තෛලය, රතිකාමරණ තෛලය, මිශ්‍රකර දුර්වල අවයවයේ ගා හොඳින් පහතට පිරිමදින්න. සුව සහනය ලැබේවි. මාසයක් ප්‍රතිකාර ගන්න.

තරණි දිල්හානි පිළියන්දල වයස 16කි. ඉතාම මහතයි. කැතයි. බෙල්ල කකුල් පසුපස (මුළු ශරීරයම) වයසට වඩා ලොකු ශරීරයක් නිසා ඉතාම අවලස්සනයි.

01.සුදුලූණු, කොල්ලු, උළුහාල්, මුරුංගාමුල්, කරපිංචා නැටි, කරවිල ඇට, හරංකහ, ගොරකපොතු කළන් 1 බැගින් ගෙන වතුරපත 24-3 ට සිඳ පත 1 බැගින් උදේට සවිඳලුණුූ දමාද සවස 6ට රාත්‍රී 10ට නිකම්මද බොන්න. හැකි නම් ඒ සමඟ (6 ට හා 10ට) වාත රෝග වටි 2ක් හා අමෘතාදී ගුග්ගුලු 2 ක් බැගින් බොන්න. (දින 14)

02.දවල්ට, රෑට කෑමට පෙර මේධහර ක්වාථය මේස හැඳි 2 බැගින් බොන්න.

03.කුලන්වාදි චූර්ණය තේ හැඳි 1/2 උණුවතුරින් බොන්න. උදේ 10 ට සවස 3 ට

04. මේධහර චූර්ණය මේස හැඳි 1 බැගින් ද එයටම කලවම් කර බොන්න.

05.බාර්ලි, කොල්ලු, කඩල තැම්බූ වතුර, උණුවතුර බොන්න.

06.පහසු වෙලාවට ඕනෑම වෙලාවක මී පැණි තේ හැඳි 2 බැගින් ඇල්වතුර වීදුරුවකට දියකර බොන්න.

07.පළමු කෂායට දින 4ට පසුව සුදුලූනු, අරළු, කොල්ලු, මුරුංගාමුල්, කළන් 3 බැගින් ගෙන බොන්න. එම කෂාය සමඟ සීග්‍රැ අරිෂ්ඨය මේස හැඳි දෙකක්ද දියකර බොන්න.

අංක 02,03,04 බෙහෙත් දිගටම මාසයක් ගන්න. ඔබගේ අනවශ්‍ය සෙමත්, මේදයත් දහනය වී ලස්සන වේවි.

 

බණ්ඩාරගම ඤාණරත්න වයස 44 කි වම් කකුලේ වළළුකර ඉදිමී ඇත. ඇවිදින විට වේදනා වේ.

1.ලේවල ඇසිඩ් (අම්ල –ඇඹුල් ගතිය) වැඩිවී ඇත. උදේ 7 ට පෙර උදේ කෑමත්, දවල් 1ට පෙර දවල් කෑමත්, සවස 7ට පෙර රාත්‍රී කෑමත් ගන්න. අවේලාවේ කෑමෙන් වළකින්න.

2.නීරමුල්ලිය, බෙලිමුල්, රණවරා මල් තම්බා බොන්න.

3.සාරණ මුල්, නීරමුල්ලිය, තැම්බූ වතුරින් ශෝක්ෂරා ගුලි 2 බැගින් උදේ 9ට සවස 3ට බොන්න.

4.උණුවතුරට ලුණුකැට දමා දියකර තවන්න. ඉන්පසුව ශූලහර තෛලය ගාන්න.

5.මානිමන්ථ චූර්ණය තේ හැඳි එකක් උණුවතුරින් කෝපි මෙන් උදේ 7ට සවස 5ට බොන්න.

6.දවල්ට, රෑට කෑමට පසුව පුනර්නවාසවය සහ චන්දනාසවය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

වයස 33 ක කාන්තාවක්මි – සීදුව

සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදේ. හිසේ වේදනාව ඇත. නෑවොත් වැඩියි. තෙල් දමන්නත් බෑ. එවිට වේදනාව වැඩියි. නිතරම දහදිය දමන අතර දහදිය ඇලෙනසුලුය.

ඔබේ ශරීරය උෂ්ණය.අධික ගිනිකාරකම පවතී.

1.අරළු,බුළු, නෙල්ලි, බිංකොහොඹ, වියළි කහ, රසකිඳ, කොහොඹ පොතු, කළන් 1 මංචාඩි 14 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ උදේට එඬරු තෙල්ද, සවසට සීනිද දා දින 2ක් බී. උදේට එඬරු තෙල් වෙනුවට එළඟිතෙල් දමා තව දින 3ක් බී උදේට, සවසට සීනි දමා තව දින තුනක් බොන්න.

2.දවල්ට, රෑට කෑමට පෙර පටෝල කටුකාදී ක්වාථට මේස හැඳි දෙක බැගින් බොන්න.

3.කෑමට පසුව ශතාවරී ගෝපකන්‍යා ක්වාථය මේස හැඳි 2 බැගින් බොන්න.

4.කෛශෝර් ගුලි 2 ක් උණුවතුරින් උද් 7ට සවස 5ට බොන්න.

නිර්ගුණ්ඩියාදි තෛලය හිසට දමා මසාජ් කරන්න.

5.ධාත්‍රී චූර්ණය තේ හැඳි 1 ක් උණුවතුරින් නින්දට පෙර බොන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.