උදරාබාධ සහ අර්ශස් සඳහා කොහිල

මැයි 14, 2021

අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය ගැනීමට, ජලය බෙදාහරිනු ලබන්නේ පයිප්ප ජලයෙනි. මේ නිසා ගෙදරට සීමාවී තිබූ කොහිල වගාව අද වන විට අභාවයට ගොස් ඇත. දලු කොහිල මිටි වශයෙන් බැඳ වෙළඳ පොළට පැමිණේ. කොහිල අල ශුද්ධ පවිත්‍ර කර විකිණීමට වෙළඳ පොළේ ඕනතරම් ඇත.

 

ශ්‍රී ලංකාවේ උපන් මඩේ වැවෙන කොහිල ශාකය නිවර්තන දේශගුණයේ වැවේ. ඒත් මෙය මුල් උපත ලෙස සලකන්නේ වියට්නාමයයි. ජලජ ශාකයකි. වගුරුමය ස්ථානවල වැඩෙන පැළෑටියකි. මහත කටු සහිත බිම දුවන කඳක් ඇත. කඳ සෙ.මී. 2-4 පමණ විශ්කම්භයකින් යුක්තය. පත්‍ර තද කොළ පැහැතිය.

 

ඉන්දියාව, බංගලාදේශය, චීනය, නේපාලය ඉන්දුනීසියාව, බුරුමය, දකුණු කොරියාව, උතුරු කොරියාව , සමහර අපි‍්‍රකානු රටවල දක්නට ලැබේ. ඉක්මනින් වදවී යන ශාකයක් ලෙස හඳුන්වාදී ඇත. අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය ගැනීමට, ජලය බෙදාහරිනු ලබන්නේ පයිප්ප ජලයෙනි. මේ නිසා ගෙදරට සීමාවී තිබූ කොහිල වගාව අද වන විට අභාවයට ගොස් ඇත. දලු කොහිල මිටි වශයෙන් බැඳ වෙළඳ පොළට පැමිණේ. කොහිල අල ශුද්ධ පවිත්‍ර කර විකිණීමට වෙළඳ පොළේ ඕනතරම් ඇත. සුපර්මාකට්වල කොහිල අල ඉතා පිරිසුදුව පිස ගැනීමට හැකිවන ලෙස පොලිතින් බෑග්වල ක්‍රමානුකූලව කපා විකිණීමට ඇත.

 

උද්භිද විද්‍යාත්මක නාමය :– ඹ්චඵඪච ඵඡඪදධඵච ඹ්ඪදද වේ.

සිංහල – කොහිල, කොහොවිල

දෙමළ – කොහිල

හින්දි – කොහිල

බංගලාදේශය :– මුලාසරි

සංස්කෘත – අහිරු

පර්යාය නම ඹ්චඵඪච චඥභතචබඥච ඹ්චඵඪච ලධතතඪදඨඥපඪ

කුලය – අරාසේ – (ඒපචජඥචඥ)

කොහිල ප්‍රභේද කීපයකි

කිරි කොහිල, වැල් කොහිල, කළු කොහිල, මහ කොහිල, ගුරු කොහිල

මෙම ශාකයක උස මීටර් 1 -2 පමණ සීමාවේ. කටු සහිත ශාකයකි. මඩකඩිති වල, පොකුණු ඉවුරුවල, හොඳින් පැතිරී වැඩෙන ශාකයකි. සදාහරිතය. මහත කටු සහිත බිම දුවන කදක් ඇත. පත්‍රයේ උඩ පැත්ත සිනිඳුය. යටි පැත්ත කටුසහිතය. වෘත්ත ඉතා දිගය.

මෙම ශාක පවුලට අයත් බොහෝ ශාකවල කැල්සියම් ඔක්සලේට් ස්ඵටික අඩංගුව තිබේ. මෙය විෂවුවත් පිසීමෙන් ඒවා විනාශ වේ. කොහිල දලු ශුද්ධ කිරීමේදී ප්‍රවේශමෙන් කළ යුතුය. කෑමට දලු තෝරා ගැනීමේදී නොමේරු දලු පමණක් ගැනීම කටු මේරු දඬු ප්‍රවේශමෙන් ඉවත් කිරීම, විශේෂයෙන් කළ යුතුය. කොහිල අල, පත්‍ර හා නොමේරු දලු ආහාරයක් වුවත් තරුණ පිරිස් පි‍්‍රය නොකරන ආහාරයක් බවට පත්වී ඇත. සමහර කාන්තාවන් කොහිල දලු මාලුව ව්‍යාංජනයක් ලෙස සැලකීමේදී ඉතා රසට පිස ගනී. ආහාරය රසකර ගැනීමට තක්කාලි වැනි දේ භාවිතා කරයි.

රසායනික සංයුතිය දෙස බැලූවිට කොහිල අල සහ කොහිල දලු යන දෙවර්ගයම එතරම්ම කැලරිවලින් බහුල බර ආහාරයක් නොවේ. මෙසේ වන්නේ මේදය හා කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් එතරම් ඉහළ අගයක නොපවතින බැවිනි.

 

කොහිල දලු කොළවල පෝෂණ පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථය - සාන්ද්‍රණය

තෙතමනය (ග්‍රෑම්) – 89.0

ප්‍රෝටීන් (ග්‍රෑම්) 4.0

මේද ග්‍රෑම් 0.6

පිෂ්ටය (ග්‍රෑම්) 3.2

කැල්සියම් (මි.ග්‍රෑම්) 55.0

පොස්පරස් (මි.ග්‍රෑම්) 26.3

යකඩ (මි.ග්‍රෑම්) 16.3

විටමින් ඒ (මි.ග්‍රෑම්) 13.0

කැලරි 34.0

 

කොහිල අලවල පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථය - සාන්ද්‍රණය

තෙතමනය (ග්‍රෑම්) - 85.0

ප්‍රෝටීන් - 1.7

මේදය (ග්‍රෑම්) - 0.1

පිෂ්ටය (ග්‍රෑම්) - 11.3

කැල්සියම් (මි.ග්‍රෑම්) - 21.0

යකඩ (මි.ග්‍රෑම්) - 0.4

තයමින් (මි.ග්‍රෑම්) - 10.0

විටමින් සී (මි.ග්‍රෑම්) - 22.0

පොස්පරස් (මි.ග්‍රෑම්) - 74.0

කැලරි 53.0

 

බාහිර උදරාබාධ නොව ශරීරය අභ්‍යන්තර උදරාබාධ සඳහා හටගන්නා ලෙඩ සඳහා කොහිල ආහාරයට ගැනීම සුවදායකය. කොහිල අල සහ දලු යන කොටස් දෙකම ව්‍යාංජනයක් පිළියෙල කිරීම ගුණදායකය. කොහිල දේශීය වෙදකමේදී වැඩිපුරම භාවිත වන්නේ අර්ශස් රෝග සඳහා ය. මේ අතර කොහිල අල හා දලු ද උගුරේ ආබාධ සඳහා යොදා ගැනේ. ගුදයෙන් ලේයන රෝගීන්ට කොහිල අල, අලුකෙසෙල් (තරමක් ඉඳුණු) වැටකෙයියා බොඩ, උම්බලකඩ කැබැල්ලක්, කිතුල් හකුරු කැබැල්ලක් වතුර දමා කෂාය කර දින තුනක් බීම ගුණදායක වේ.

මීට අමතරව අප රටේ අය සුළු වශයෙන් වෙනස්කම් මගින් කොහිල කැඳ පිළියෙල කිරීම අනුගමනය කෙරේ.

ශුද්ධ කර ගත් කොහිල අල කිලෝග්‍රෑම් 1 , පොල් බෑයක කිරි ,සුදුලූනු, ලුණු රස අනුව ලුණු දමා හකුරු සමඟ පානය කිරීමෙන් ප්‍රනීත මෙන්ම ඉතා ගුණදායක වේ.

පණු රෝග, ඇදුම, කැස්ස, උදරාබාධ, සර්ප හා කෘමින් දෂ්ට කිරිම, වකුගඩු ගල් ඇතිවීම සුව කරගත හැක.

 

ආයුර්වේද විද්‍යාලයේ හිටපු ප්‍රමුඛාචාර්ය

(දොස්තර ආර්.බී. ලෙනෝරා ඔසු තුරු පදනම)

ආර්.සනත් ලෙනෝරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.