දිවි සුරකින ඖෂධීය ශාක

ඔක්තෝබර් 29, 2021
 
ආඩතෝඩ
පාවට්ටා යන නමින්ද හැඳීන්වෙන  ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ උස්ව වැවෙන පඳුරු විශේෂයකි. මෙහි ලන්සාකාර පත්‍ර අඟල් 6 -12 අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර රෝස පැහැති රේඛාවක් සහිත සුදු පැහැති මල් හට ගනී. ඵලය කුඩාය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැතිවම බැරි ඖෂධයකි. ආඩතෝඩ ගසේ කොළ, මුල්, පොතු, මල් හා නැටි යන අංග පහම තැවිලි , වමන, ප්‍රමේහ, කුෂ්ඨ රෝග, සඳහා ඖෂධ ලෙස ගනී.
 
අළුබෝ
ඉරලඨරඪභථ ථචඬභත යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අළුබෝ ජම්බු කුලයට අයත් ශාකයකි. මෙහි සිනිඳු පොත්ත අළුපාටය. කුඩා මල් සුදුය. අළුබෝ පත්‍ර තරමක් විශාලය. ඵලය දම්පාටය. අඟල් භාගයක් තරම් කුඩාය.ශ්‍රී ලංකාවට ආවේණික පැළැටියකි.
 
අරූද
යුරෝපය නිජබිම කරගත් කුඩා ශාකයක් වන අරූද ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ අභබච ඨපචමඥධතඥදඵ ය. ඉතා තද ගන්ධයක් පවතී. යුනානි වෙදකමේදී බහුලව භාවිත වේ. අර්ධ පඳුරුමය බහුවාර්ෂික ශාකයක් වන අරූද අඩි 2 -3 පමණ උසය. තද කොළ පැහැ අරූද පත්‍ර සිලින්ඩරාකාරය. ක්‍රමවත් ද්විලිංගික පුෂ්ප කහ පැහැතිය. පලය, අළු දුඹුරු පැහැති ස්පෝටිකාවකි. ඒ තුළ කෝණාකාර බීජ රාශියක් පිහිටා ඇත. සම්පූර්ණම ශාකය ඖෂධ සඳහා යොදා ගනියි. වාත, ශාමක, ශ්ලේස්මල කාරක ගුණ දරයි. පණුවන් හා විෂබීජ නසයි. සීතල දුරු කරයි. යුරෝපය ජන්ම භූමිය වන අරූද ශාකය ඉරාකය ආශ්‍රිත රටවල දක්නට ලැබේ. ලංකාවේ හා ඉන්දියාවේද මෙය වගා කරනු ලබයි. අඩි 2000 ට වඩා උස ප්‍රදේශවල සරුවට වැඩෙයි.
 
අත්තන
සොලනාසේ කුලයට අයත් අත්තන ශාකය අඩි දෙකක් පමණ උසට වැඩේ. ඉතා සියුම් බූවක් කඳ වටා දැකිය හැකිය. පත්‍රවලද බූව පවතී. පත්‍ර දිගය. විශාල මල් සුදු පැහැතිය. ඇතැම් අත්තන විශේෂවලමල් දම් පැහැතිය. මලේ හැඩය පුනීලයක් මෙනි. කටු සහිත ගෙඩි කොළ පාටය.ඵලය තුළ බීජ පවතී.කොළ හා ඇට ඖෂධ ලෙසගනී. ළපටි කොළවල හා බීජවල ඇට්‍රොපීන් හයොක්සයිබීස් සහ හයෝසීන් නම් වූ ඇල්කොලයිඩ පවතී. ඵල අත්තන කළු අත්තන හා තුන්බෝ අත්තන නමින් අත්තන වර්ග තුනක් ආයූර්වේදයේ දක්වයි. කුෂ්ඨ වර්ග, සෙම හා විෂ වේදනා සඳහා අත්තන ගුණ බව ආයූර්වේදයේ සඳහන් වේ. හන්දි ඉදිමුමටද අත්තන කොළ ඖෂධ ලෙස ගනී. ගසේ පංචාගයම ඖෂධ ලෙසගනී.
අරළු
කොම්බබුටාසේ කුලයට අයත් අරලු ගස මධ්‍යම කඳක් සහිත ශාකයකි. ගසේ සෑම දිශාවටම අතු ඉතිවිහිදී පවතී. ගසේ පොත්ත ඝණකම්ය. දිග පත්‍ර අඟල් 3 -5 ක් පමණ වේ. කහ පාට මල් කුඩාය. අරළු ඇට ඉතා තදය. විජයා, රෝහිණි , පුතනා, අමෘතා, අභයා, ජීවන්ති, චේතකි යනුවෙන් අරළු වර්ග සතක් පිළිබඳව ආයූර්වේදය සඳහන් වේ. අරළු උෂ්ණය, බඩගිනි වඩවන සුලුය. ආයුෂ වර්ධනය වීමටත් මිනිස් සිරුරට වැළදෙන රෝගාබාධ විශාල සංඛ්‍යාවකට ඔසුවක් බවත් සඳහන්ය. අරළු සපා වැළදීමෙන් කුසගිනි වැඩෙයි. අඹරා වැළදීමෙන් මළ පිරිසිදු වෙයි. අරළු භාවිත නොකළ යුතු අය ලෙස ආයූර්වේදයේ සඳහන් වන්නේ දුර්වල අය, ඉතා කෙට්ටු අය, ගර්භනීව සිටින කාන්තාවන් හා පිත් අධික අයයි. ලංකාවේ පහතරට හා උඩරට වියළි ප්‍රදේශවල අරළු සුලබව වැවේ.
වෙනිවැල්ගැට
අත් බෙහෙතක් ලෙස සුලබව භාවිතයට ගැනෙන වෙනිවැල්ගැට වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඛ්ධඵජඪදඪභථ ජ්ඥදඥඵබපචබභථ ය. තද හිරු රැස් නොවැටෙන හා වසර පුරා තෙතමන හා උෂ්ණත්වය රදාපවතින ප්‍රදේශවල මෙම ශාකය සරුවට වැවේ. මෑතක් වනතුරුම මිනිසුන් දැන සිටියේ වෙනිවැල් ශාකයේ වියළි කඳේ කොටස් තම්බා පානය කිරීමට යොදා ගන්නක් ලෙසිනි. එහෙත් සැබැවින්ම වෙනිවැල් යනු ඉතා ගුණදායක ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධයකි. අප නොදැන සිටියද වෙනිවැල්ගැට මත් විෂ දුරලන ඖෂධයකි. මත්ද්‍රව්‍ය මඟින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයනට වන හානි අවම කිරීමේ බලය වෙනිවැල්ගැට සතුව ඇත. එසේම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව මෙම ශාකය සතුය. පිටගැස්ම වැළදීම වලකනු පිණිසද වෙනිවැල්ගැට තම්බා පානය කිරීම ගුණය. වෙනිවැල් ශාකයේ ඇති ස්වාභාවික කහ පැහැය සහ කසට බව මුල් කොට ඒවා තැම්බු වතුරින්ථ මුහුණ සේදීම සහ ආලේපන ලෙස භාවිත කිරීම සම පැහැපත් වීමට හේතු වේ. රුධිරය පිරිසිදු කිරීමේ බලය ඇති නිසා වෙනිවැල් තම්බා පානය කිරීමෙන්ද පැහැපත් බව වැඩිකර ගත හැකිය. ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්‍රිත වනාන්තරවල බහුලව වැඩෙයි.
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.