ලොවක් නරඹන විස්මිත දෙනෙත රැක ගනිමු

ජූලි 1, 2022

නීරෝගි දෑසකින් සුන්දර පරිසරයේ දසුන් ඔබට නරඹන්නට හැකි නම් ඔබ සැබෑ වාසනාවන්තයෙකි. අක්ෂි ගෝලය යැයි හැඳින්වුවද ඇස සම්පූර්ණ ගෝලාකාර නොවෙනු ඇත. ඒ ඇසෙහි ඉදිරි පෙනුම ස්වච්ච මණ්ඩලය ලෙස නම් කරන බබා (කුණිතය) සහිත පෙදෙස ඉදිරියට නෙරා ඇති බැවිනි. මුහුණේ සහ හිස් කබලෙහි පිහිටි ඇස එම අස්ථිවලට ආරක්ෂිත අයුරින් කුහර දෙකක් තුළ පිහිටා ඇත. මෙය වඩාත් තහවුරු වීම සඳහා ඇසේ ආරක්ෂාවට ඇසිපිය දෙකක් පිහිටා ඇත. දෑසට ආගන්තුක යමක් එල්ල වී ඒ නම් වහා ඇසිපිය වැසේ. ඉන් දෑස ආරක්ෂා වේ.

සෑම සත්වයකුටම දෑසක් තිබීම ආශ්චර්යකි. මිනිසාට ආලෝකයක් නොමැතිව යමක් බලන්නට නොහැකිවුවද නිශාචර සත්ත්වයන්ට රාත්‍රී කාලයේ ඕනෑම දෙයක් දකින්නට පුළුවන. අප සුරතලයට ඇති කරන පූසන් අඳුරෙහි සැරිසරන විට ඔවුනගේ නෙත් සුදිලෙන බබළන ගතියක් දක්නට ඇත. එමෙන්ම වවුලන් රාත්‍රී කාලයේ සැරිසරමින් ඔවුන්ගේ ආහාරපාන සොයාගනු ලැබේ.

ඇසට යම් විෂ ද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් වැටුණ විට ඉබේම උනා එන කඳුලෙන් ඇසේ ආගන්තුක දේවල් ඉවත්ව යනු ඇත. ඇසේ දෘෂ්ටිවිතානය නම් කොටසක් පිහිටා තිබේ. එය පිහිටා තිබෙන්නේ ආලෝකයේ සංවේදය දනවන ඉන්ද්‍රිය වන දෘෂ්ටි යෂ්ටි සහ දෘෂ්ටි කේතුයෙහිය. ඇසේ දෘෂ්ටිවිතානය ස්නායු සැපයුම අතින් ද ඉතා ඉහළ තත්ත්වයක පවතී. ඇසේ කාචයක් (ලෙන්සය) පවතිනු ඇත. එය උත්තල වර්ගයට අයත් එකක් වන අතර, පක්ෂමීය පේශීන් ලෙස හැඳින්වෙන ශරීරයේ පවතින සියලුම පේශීන්ට වඩා වෙහෙසවන පේශීන් පාර දෘෂ්‍ය (තරලයකින් පිරුණු කවරයක් වැනි කවය දරා සිටියි) ඇසේ කළු ඉංගිරියාවට (කණීනිකාවට) පිටුපසින් මෙම කාචය පවතී. එය අපට නෙපෙනේ.

හතළිස් ඇඳිරිය යනුවෙන් හඳුන්වන ඇස් නොපෙනීමේ දුර්වලතාවයට හේතුවන්නේ කාචය පාලනය කරන පේශීන් ගෙවීයාමය. මෙම තත්ත්වය ඇතිවුණ උදවියගේ පවතින්නේ පොත පත බැලීමේ අපහසුතාවයයි. ඒ සඳහා තාවකාලිකව උත්තල කාච යෙදූ කණ්ණාඩි භාවිතා කිරීම සුදුසු වේ. ඇසේ කණීනිකාව (කළු ඉංගිරියාව) ප්‍රධාන වශයෙන් සිදුකරන කර්තව්‍ය වනුයේ කාචයේ යොමුවන ආලෝකධාරා පාලනය කිරීමයි. එකවර අධික ආලෝකධාරාවක් ඇසට ඇතුළු වුවහොත් යම් වස්තුවක් පැහැදිළිව දැකිය නොහැකි වෙයි. මේ නිසා කණීනිකාව කුඩා වී ඇතුළුවන ආලෝකධාරා සීමා කරනු ඇත. එහෙත් ආලෝකයේදී වස්තුවක් පැහැදිලිව දර්ශනය නොවූ විට කණීනිකාව විශාල වැඩි ආලෝකධාරා ප්‍රමාණයක් කාචය තුළට යොමු කෙරේ.

දුර පවතින වස්තූන්ගෙන් පැමිණෙන මධ්‍ය ආලෝකය පමණක් කාචය මතට වැටීමට සළස්වන ඒවා ද පැහැදිළිව දර්ශනය කිරීමට ඇසට අවස්ථාව ලබාදෙන්නේ මෙම කණීනිකාවයි. එය මෙසේ විශාල වන්නේ සහ කුඩා වන්නේ තාරාමණ්ඩලය සතු රෝගීන්ගේ ආධාරය ඇතිවය. එය යමෙකුගේ පාලනයකින් තොරවූ ස්වයංක්‍රියාවකි. කණීනිකාවට ඉදිරියෙන් ඇති ප්‍රදේශය ‘අම්මය රසය’ ලෙසින් හඳුන්වන ඇසෙහි සමහර ප්‍රදේශයන්ට පෝෂණය සපයන තරලයෙන් යුතුවන අතර, කාචය පිටුපසින් පිහිටි කොටස’කාචරසය ලෙස හඳුන්වන ජෙලි වැනි ද්‍රව්‍යයකින් පිරී පවතිනු ඇත. පිටත සිට ඇස කරා එල්ල වන ආලෝකධාරා ස්වච්චය ධාරා තුළින් අම්මය රසය සහ කණීනිකාව හරහා කාචය ද එතැනින් කාච රසය තුළින් ගමන් කර දෘෂ්ටිවිතානය කරා ද පැමිණෙනු ඇත. දෘෂ්ටිවිතානයේ පිටුපස අවිච්ඡද සෛල පටලය කළු පැහැයෙන් යුතු වන අතර, ඒමත පතිත වන ආලෝක ධාරා විහිදීයාම ඉන් වැළකෙනු ඇත. යම්කිසි වස්තුවක් ඇසට පෙනී මොළය වෙත ආවේග යවා හැඳින ගැනීමට ගත වන්නේ තත්පර 0002 කි.

ඇසෙහි දෘෂ්ටි විතානය අඟලකට වඩා නොවන නමුත් එහි ප්‍රකාශ ප්‍රතිග්‍රාහකයන් කෝටි 13.7 ද දෘෂ්ටි, යෂ්ටි, කෝටි 12 ක් ද දෘෂ්ටි කේතු 70 ලක්ෂයක් ද තිබේ. දෘෂ්ටිවිතානයේ කේන්ද්‍ර කූපය ලෙස හැඳින්වෙන ස්ථාන ආලෝකයට බෙහෙවින් සංවේදී වන අතර, ඉතා කුඩා වස්තූන්ගේ ප්‍රතිබිම්බ පවා මෙහි සෑදෙනු ඇත. එතැනට දෘෂ්ටි කේතු මතට ආලෝකධාරා පතිත වනු ලැබේ.

මේ අතර අන්ධ බිංදුව ලෙස හැඳින්වෙන ආලෝකයට කිසිසේත්ම සංවේදී නොවන ස්ථානයක් ද දෘෂ්ටිවිතානයේ පවතී. මෙම දෘෂ්ටිවිතානයේ සියලුම ස්නායු එකට එක් වී එකට එක්ව දෘෂ්ටි ස්නායුව අක්ෂි ගෝලය වෙත පැමිණෙන ස්ථානය අන්ධ බින්දුව ලෙස හඳුන්වනු ලැබේ. මිලි මෛක්‍රෝන 400 - 735 අතර ආලෝක කිරණවලින් ‘නෙත’ උද්දීපනය වන අතර, මිලික්‍රෝන 400 ට අඩු පාරජම්බුල කිරණ මඟින් මෙන්ම මෛක්‍රෝන 750 ට වැඩි අධොරක්ත කිරණ ද ඇති උද්දීපනය කිරීමට අසමත් වනු ඇත. දිවා කාලයේ පෙනීම ලබාදීම ඇසෙහි දෘෂ්ටි කේතුවල වගකීම වන අතර, රාත්‍රී කාලයේදී එය දෘෂ්ටි යෂ්ටිවල වගකීම වනු ඇත. දෘෂ්ටි කේතුවල විකෘතිතා නිසා සමහර අය වර්ණ හඳුනා ගැනීමට දුර්වල බවක් දක්වන බවක් පෙනෙයි. එය වර්ණ අන්ධතාවය ලෙස හැඳින්වේ. විටමින් ඒ ඌණතාවය නිසා ඒ බව කරණ කොටගෙන රාත්‍රියේ (අන්ධකාරයේ) ඇස් නොපෙනීමේ තත්ත්වයන් ඇති වන බව පෙනේ. දෘෂ්ටි, යෂ්ටි වල ඇති ‘රොඩොප්ඩින්’ නම් ප්‍රෝටීන නිපදවීමට විටමින් ඒ අවශ්‍ය වේ. එසේම ‘ඒ’ විටමින් ඌණතාවය නිසා ළමා අවධියේදී ‘කොරටෝමලේඩියාව් නම් අක්ෂි ආබාධය නිසා ළමයින්ගේ අක්ෂි ආබාධය ඇස් අන්ධ කිරීමට පවා සමත් වේ.

අව්වේ ටික වේලාවක් සිට නිවස ඇතුළට පැමිණි ඔබට හදිස්සියේම කිසිවක් නොපෙනී යන්නේ දීප්තිමත් ආලෝකයක ‘රොඩොප්සින් බිඳ දමන නිසාය. ඇසට ඇතුළුවන බාහිර ද්‍රව්‍යයන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී එය බොහොම ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් කළ යුතු ය. ඇසට යමක් වැටුණ විට ඒවා ඇස තුළට ගිලී වැදී හෝ ඇලී ගිය විටෙක ඒවා වෛද්‍යවරයෙකු ලවා ඉවත් කරගත යුතුය. සුදුසු ප්‍රතිකාර හැකි ඉක්මණින් කළහොත් දෙනෙත රැක ගත හැකි ය.

පාරම්පරික අක්ෂිරෝග

විශේෂඥ වෛද්‍ය

සුසිලා

නාලනී ගොඩලියද්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.