සිය වෙදකමෙන් රටට ඵලදායි සේවයක් කිරීමට විෂ වෛද්‍යවරුන් පෙළ ගැසිය යුතුයි

ජූලි 15, 2022

වෛද්‍ය විනිතා කල්‍යාණී

සර්ප විෂ වෛද්‍යවරුන් අත්වැල් බැද ගෙන ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇති බවත් ඈත අතීතයේ සිට සර්ප දෂ්ටයන්ට ගොදුරු වූ ජනතාව සුවපත් කිරීම එකම වෛද්‍ය ශාස්ත්‍රය දේශීය සර්ප විෂ වෛද්‍ය ශාස්ත්‍රය පමණක් වන බවත් එම වෛද්‍ය ක්‍රමයේ සංවර්ධනය උදෙසා රාජ්‍ය මට්ටමේ උපකාර නොලැබ යාම වෛද්‍යවරුන්ගේ කලකිරීමට හේතු වූ බවත් බටහිර වෙදකමට සඳහා ලැබුණු රාජ්‍ය අනුග්‍රහය හා ප්‍රචාරය මගින් ජනතාව ඊට පෙළඹවීම ආදි කරුණු රාශියක් විෂ වෙදකමේ ප්‍රවර්ධනයට තර්ජනයක් වූ බවත් අද රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රෝහල් වල පවතින ඖෂධ හිඟය නිසා ඒ කරා යන විෂාතුර රෝගීන් අසරණ භාවයෙන් මුදවා ගැනීමට විෂ වෛද්‍යවරුන් වහ වහා සංවිධානගතව ක්‍රියාකාරිව තම සේවාව නොපිරිහෙලා ඉටු කළ යුතුව ඇති බවක් ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමයේ ලේඛකාධිකාරිනි, කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධිකාරිනී. විදුහල්පතිනි, වෛද්‍ය විනිතා කල්‍යාණී පතිරාජ මහත්මිය පැවසුවාය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විෂ වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගි වූ මෙම මහා සභා රැස්වීම අමතා තවදුරටත් කතා කළ ඒ මහත්මිය, අඩ සියවසකටත් වැඩි කාලයක් මුළුල්ලේ විෂ වෙද සංවිධානවලට සම්බන්ධව සිටී. තමා වී සංවිධානයන්හි දෙවැනි පරපුරේ නායකත්වයට පත්ව විස වෙදකම පෝෂණය කර සංරක්ෂණය කිරීමට විවිධ සැලසුම් දියත් කරමින් රටට අවශ්‍ය විෂ වෛද්‍යවරුන් බිහි කිරීමේ කාර්යාලයේ ප්‍රමුඛයා වශයෙන් තම සංවිධාන ඉදිරියට ගෙන ආ බවද විවිධ පරපුරු වලට ආවේනිකව පවත්නා සර්ප විෂ වෙදකම එහි අත් මුළු සිඳ බිඳ යොදවා කාලානරූපව සකස් විය යුතුව ඇතැයිද පෙන්වා දුක්නේය. ඒ සඳහා විෂ වෛද්‍යවරුන්ගේ සහ සම්බන්ධතාවය ඇතිව මනා කතිකාවතත් ගොඩනැඟිය යුතු බවද පැවසුවාය.

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ මහ ලේකම් වෛද්‍ය ඒ .එම්. හීන් නිලමේ මහතා සභාව අමතමින් විෂ වෛද්‍යවරුන්ගේ පමණක් නොව සියලුම පාරම්පරික වෛද්‍යවරුන් සිය පරපුරේ උරුමය ඉදිරි පරපුර සඳහා ලබා දිය යුතු බවත්, මාරාන්තික සර්ප විෂයෙන් ජනතාව බේරා ගන්නා වෛද්‍යවරුන් ජාතියේ ප්‍රනාමයට ලක් විය යුතු බවත් වෙදකමේදි ඇතිවෙන විවිධ බාධක අභියෝග හමුවේ උදාසීන නොවිය යුතු බවත් රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට තම වෙදකම පවත්වාගෙන යාම සඳහා නීතියේ රැකවරණය ලැබී තිබීම ප්‍රශ්න ජයගැනීමට හේතුවක් වන බවත් පැවසූ අතර, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ එවකට හිටි විද්වත් වෙද පඬිවරුන් විෂ වෛද්‍ය සංගමය හා රැදි බැදී සිටි බවත් ජනතා යහපත සඳහා මෙබඳු සංගම් අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් වන බවත් පැවසුවේය.

විෂ වෛද්‍ය මහා සංගමයේ ප්‍රධාන සභාපති වෛද්‍ය උදිත අබේසිංහ, රාජකීය පණ්ඩිත පූෂ්‍ය වැලිවතුරේ රතනසාර වෙද හිමි හා ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජ්‍ය පූරිජ්ජල අනෝමදස්සි හිමි ඇතුළු තවත් කීපදෙනෙකු සභාව අමතා කතා කළහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.