ආයුර්වේදයට නැතිවම බැරි මී පැණි

මාර්තු 17, 2023

ශරීරයට අවශ්‍ය යකඩ, තඹ, සිලිකා, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් හා විටමින් අන්තර්ගත ලොව පැරණිම ඖෂධයකි.

 

මීපැණිවල ඛනිජ කොටස් එකොළහක් ද මධුර පදාර්ථ අසූ එකක්ද ඇතුළත් බව පර්යේෂණවලින් හෙළි වී ඇත. එහි මීපැණිවල සියයට හැත්තෑ තුනක්ම (73%) ඇත්තේ ශක්තිය ලබාදීමට අවශ්‍ය සීනි වර්ගයකි. එහි සියයට හැත්තෑපහ සිට අසූව දක්වා (75% - 80% ) දක්වා ඩෙක්ස්ක්රෝස් සහ ලිව්රෝස් යන සීනි වර්ග ද අඩංගු වේ.

 

විටමින් බී, තයමින්, විටමින් ඩී, ඇස්කොබික් අම්ලය, රයිබොප්ලේවින් පැන්තෝතෙන්ටික් අම්ලය, පයිරි ඩොක්සින්, නියැසින් ඇතුළු තවත් විටමින් රාශියක්ම අන්තර්ගතව ඇත. මී පැණිවල ලවණ අඩංගුව ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයකි. එමෙන්ම මිනිස් පැවැත්මට අත්‍යවශ්‍ය වන කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් වගේම අයඩින්ද අන්තර්ගතව ඇත. වර්ගීකරණය අනුව මී පැණි වර්ග අටක් ඇති බව ආයුර්වේදයේ දැක්වේ.

ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට මී පැණි මහඟු ඖෂධයකි. මහන්සිය මඟහරවා ශක්තිය ලබාදීමටත් මී පැණිවලට ඇත්තේ පුදුම ගුණයකි. සංස්කෘත භාෂාවෙන් මධු යන නාමයෙන්ද හඳුන්වන මී පැණි වර්ග අටකින් සමන්විත වන බවට හඳුනාගෙන ඇත. මාකෂික, භාමර ආශාරය්‍යයේ, පයිත්තික, අවුද්ධාලක, ජද්ර, දාලා, ක්වුද යනුවෙනි.

මී පැණි පහසුවෙන් දිරවන අතර ශරීරගතව ඉක්මනින් ගුණ ලබාදෙයි. සෙම නොවඩා ශරීරයේ සෙම නසාලයි. මීපැණි ඇස්වලට හිතකර බැවින් විවිධ ඇස් රෝග සඳහා අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද යොදනු ලැබේ. කුසගින්න ඇතිකරන මී පැණි කටහඬ ද මිහිරි කරවයි. අඩු වයසින් ඇස්පෙනීම දුර්වල වන දරුවන්ට මෙන්ම පෙනීම දුර්වල වැඩිහිටියන්ටත් ඇස්පෙනීම වර්ධනය කර ගැනීමටත් කැරට් ඉස්මට මී පැණි මිශ්‍රකර බීම ගුණදායකය.

මී පැණි ග්‍රෑම් සියයක අඩංගු පෝෂණීය පදාර්ථ ශක්තිය කිලෝකැලරි 1.272, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 82.4, සීනි ග්‍රෑම් 82.12, කෙඳි ග්‍රෑම් 0.2, ප්‍රෝටීන ග්‍රෑම් 3, ජලය ග්‍රෑම් 17.1, බී. 2 කාණ්ඩය විටමින මිලිග්‍රෑම් 0.38, බී 3කාණ්ඩය මිලිග්‍රෑම් 12.1, බී. 3 කාණ්ඩය විටමින මිලිග්‍රෑම් 12.1, බී. 5 කාණ්ඩය මිලිග්‍රෑම් 24, බී 12 කාණ්ඩය විටමින මිලිග්‍රෑම් 2, විටමින් සී මිලිග්‍රෑම් 5, කැල්සියම් මිලි ග්‍රෑම් 6, යකඩ මිලිග්‍රෑම් 42, මැග්නීසියම් මිලිග්‍රෑම් 2, පොස්පරස් මිලිග්‍රෑම් 4, පොටෑසියම් මිලිග්‍රෑම් 52, සෝඩියම් මිලි ග්‍රෑම් 4, සින්ක් මිලිග්‍රෑම් 22 කුෂ්ට රෝග වැනි සමේ හටගන්නා රෝග රැසකට ගුණදායකය. මී පැණි පිත් රෝග ලේ සම්බන්ධ රෝගවලට හා ප්‍රමේහ පණුරෝගවලටත්, ළදරු රෝගවලටත් දෙනු ලබන මහඟු ඖෂධයකි. මී පැණි පහසුවෙන් දිරවන ඖෂධයක් වන අතර, සෙම වර්ධනය නොකොට සෙම අඩුකරයි. මලපහ කිරීමේදී ඇතිවන අපහසුතා සහ මල බුරුල්ව යන අවස්ථාවලදී මී පැණි ටිකක් බීමෙන් එය මඟ හරවා ගත හැකිය.

මී පැණිවල ඇති විශේෂත්වය වන්නේ මීපැණි පරණ වූ තරමට ඒවා ගුණාත්මකභාවය වැඩිවීමයි. කැස්සට මී පැණි හොඳ බෙහෙතකි. ප්‍රතිශ්‍යා කැස්සට ඉඟුරු ඉස්ම, දොඩම් ඉස්ම හා මීපැණි මිශ්‍රකර වරින්වර තේ හැන්දක් හෝ දෙකක් හෝ බීමෙන් සහනයක් ලබා ගත හැකිය. අජීර්ණයට, බඩේ දැවිල්ලට මෙන්ම ඕක්කාරයටත්, වමනය යැවීමටත්, මීපැණි ස්වල්පයක් බොන්නට දීමෙන් ගුණයක් ඇතිවේ. කිසියම් මානසික හෝ කායික හේතුවක් නිසා නින්ද නොගොස් අවදිව සිටින්නේ නම් ඔහුට හෝ ඇයට රාත්‍රි නින්දට පෙර මී පැණි හැන්දක් බීමට දීමෙන් සැප නින්දක් ලබාගත හැකිය. මී පැණි උෂ්ණ වේ. එබැවින් ශරීර උෂ්ණ අවස්ථාවලදී මී පැණි නොගත යුතුය. උෂ්ණ අධික භාජනවලට ද නොදැමිය යුතුය.

ඉක්කාව සුවවීමට දෙනු ලබන ඖෂධයක් මී පැණි. අතීසාර රෝගීන්ට, මුත්‍රා ආශි‍්‍රත රෝගවලින් පෙළෙන රෝගීන්ට ද දෙනු ලබන විශේෂිත ඖෂධයක් දත් දිරායාම, දත්මුල් දිය වීම, දත්මුල්වලින් ලේ ගැලීම ආදි මුඛරෝගවලින් පෙළෙන අවස්ථාවලදී අරළු, පිලමුල්, මූණමල් පොතු එකට දමා සාදා තම්බාගත් ඖෂධීය ජලයට සීනක්කාරම් කුඩු දමා මී පැණි මිශ්‍රකර මුඛය සේදීමෙන් ඉක්මන් සුවයක් ලබාගත හැකිය. ආහාර දිරවීමේ ශක්තිය අඩු අයට මී පැණි ඉතා ගුණදායක වන අතර, ආහාර දිරවීම පහසුකරමින් ආමාශයේ අම්ලතාවය දුරු කරයි. ශක්තිය ලබා දෙන ආහාර රුචිය වැඩිකරන මී පැණි ඇස්වල කාන්තිභාවය වැඩිකරයි. සුව පහසු නින්දක් ලබාදෙයි. පිළිස්සුම් තුවාලවලට ක්ෂණික සුවයක් ලබාදෙන අතර පි‍්‍රයමනාප සිරුරකට අවශ්‍ය රූප සෝභාව ද ලබාදෙයි.

පණුරෝග සුවකරන අතර සෙම් පිත් කැස්ස, ඇදුම, පාචනය, වමනය සහ දියවැඩියාවට යහපත් වේ. මීපැණි සමේ ආලේප කිරීමෙන් ශරීරය වර්ණවත් බවක් ඇති කෙරේ. විෂබීජ නාශකයක්ද වන මී පැණි සමේ ගෑමෙන් මනා සුවයක් ලැබේ. රළු කසට මධුර ගුණයෙන් සමන්විත මී පැණි තුන්දොස් නසා රෝගාබාධ දුරුකරයි.

 

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන මාධ්‍යවේදී

බී.ඇල්.පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.