සෙමට ගුණදෙන කප්පරවල්ලිය

මැයි 26, 2023

වෙද මහතා -

මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද?

 

ඉස්කෝලේ හාමිනේ -

මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.

වෙද මහතා -

ඇයි දුවට මොනව වෙලාද?

 

ඉස්කෝලෙ හාමිනේ -

දුවට දැන් දවස් පහ හයක ඉදල ඇරෙන්නෙ නැති කැස්සක් තියෙනවනේ, පස් පංගුව තම්බලත් දුන්නා. ඒත් ඇරුණෙ නැහැ.

 

වෙද මහතා-

ඇයි? කලින් උණ හැදිලා තිබුණද?

 

ඉස්කෝලෙ හාමිනේ -

ඔව් උණ හැදිලා තිබුනා. ඒකට බේත් බිව්වම අඩු වුණා. ඒත් කැස්ස දිගටම තියෙනවනේ?

 

වෙද මහතා -

දැන් තියෙන උණේ හැටි ඔහොම තමයි. දැන් කැස්ස විතරද තියෙන්නේ?

 

ඉස්කෝලෙ හාමිනේ -

දැන් කැස්ස විතරයි තියෙන්නේ, රෑට තමයි වැඩි.

 

වෙද මහතා -

ඔය කැස්සට හොඳම බේත තමයි කප්පරවල්ලිය පැණිය. ඒක බිව්ව නම් කැස්ස ඉක්මනටම හොඳ වෙනවා.

 

ඉස්කෝලෙ හාමිනේ - මොකක්ද කප්පරවල්ලිය පැණිය කියන්නේ. කොහොමද ඒක හදාගන්නෙ.

 

වෙද මහතා -

කප්පරවල්ලිය සහමුලින් අරගෙන කොටලා යුෂ, සීනි, උක් හකුරු දමල තවත් බේත් කිහිපයක් දමල පැණි කරල අරගත්තාම කප්පරවල්ලිය පැණිය හදා ගන්න පුලුවන්. හදාපු පැණි බෙහෙත් සාප්පුවල ගන්නත් තියෙනවා.

 

ඉස්කෝලෙ හාමිනේ - දුවට දැන් වයස අවුරුදු 10යි. මේ බෙහෙත බොන්නෙ කොහොමද?

 

වෙද මහතා -

තේ හැඳි 2 බැගින් දවසට දෙපාරක් දුන්නම ඇති. සතියක් බොන්න. කැස්ස හොඳටම හොඳ වේවි.

 

ඉස්කෝලෙ හාමිනේ - එතකොට කප්පරවල්ලිය කියන්නෙ? ගොඩක් වටින ඖෂධයක් නේද? මේක හඳුනා ගන්නෙ කොහොමද? අපෙ පළාත්වල හැදෙනවද?

 

වෙද මහතා -

කප්පරවල්ලිය කියන්නෙ ඉතා වටින බේතක් තමයි. පොඩි ළමයින්ගේ සෙම් අමාරුවලට දිව්‍ය ඖෂධයක්. පොඩි ළමයින්ට හැදෙන කක්කල් කැස්ස රෝගයට තියෙන හොඳම බේතත් කප්පරවල්ලිය තමයි. කප්පරවල්ලිය බොහෝ දුරට ඉරිවේරිය පැලෑටියට සමානයි.

ඒත් කප්පරවල්ලිය පත්‍ර ඉරිවේරිය පත්‍රවලට වඩා තද සුවඳකින් යුක්තයි. ඒ වගේම කප්පරවල්ලිය පත්‍රවල මාංසල ගතියත් වැඩියි.

ඒ වගේම කප්පරවල්ලිය අර්ධ පඳුරු ආකාරයට සෑදෙන බහු වාර්ෂික පැළෑටියක්.

මේ පැළෑටිය පුරාම බූවක් දකින්න තියෙනවා. කඳේ පහළ තියෙන ගැටවලින් මුල් හටගන්නවා. ඒ වගේම මේ වායේ හට ගන්න මල් රෝස දම් පාටයි.

 

ඉස්කෝලෙ හාමිනේ -

හරි. මම දැකල තියෙනවා ඉරිවේරිය වගේ පැළෑටියක් තරමක් සැර සුවඳ තියෙන. ඒ කප්පරවල්ලිය තමයි. කප්පරවල්ලිය මොන මොන පළාත් වලද හැදෙන්නේ?

 

වෙද මහතා -

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ වල කප්පරවල්ලිය වැවෙනවා. විශේෂයෙන් පහතරට සහ මැදරට සිසිල් තෙත් ප්‍රදේශවල වඩාත් හොඳින් වැවෙන්වා. ඒවගේම ඉන්දියාවෙත් සෑම තැනම වගේ හැදෙන පැළෑටියක්. කප්පරවල්ලියවල ජන්ම භූමිය මලක්කා දූපත්

 

ඉස්කෝලෙ හාමිනේ - කප්පරවල්ලිය හඳුන්වන වෙනත් නම් තියෙනවද?

වෙද මහතා -

සංස්කෘත භාෂාවෙන් කර්පූර්වල්ලී, පාෂාණභේද, පර්ණයවානී, කප්පරවේලිය යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් කර්පූර්වල්ලී කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඛ්ධභදබපර ඡධපචඨඥ නම යෙදෙනවා. කප්පරවල්ලියවල උද්භීද විද්‍යාත්මක නාමය ඛ්ධතඥභඵ චථඡධඪදඪජභඵ ඹ්ධභප. කුලය ඹ්ඒර්ධ්ඒඛ්ඡ්ඒඡ් කුලය හෙවත් තුලසි කුලය වෙනවා.

 

ඉස්කෝලේ හාමිනේ - කප්පරවල්ලිය පැළේ මොන කොටස් ද බේත් වලට ගන්නෙ?

 

වෙද මහතා -

කප්පරවල්ලිය සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගන්නවා. ඒ අතරිනුත් පත්‍ර විශේෂයි.

 

ඉස්කෝලෙ හාමිනේ -

මොන මොන ලෙඩවලටද කප්පරවල්ලිය ගුණ?

 

වෙද මහතා -

පොඩි ළමයින්ගෙ කක්කල් කැස්සට විශේෂයෙන් ගුණයි. ඒ වගේම ක්ෂය රෝගයට, ඉක්කාවට, උගුරෙ ඇතිවන දැවිල්ලට, ශ්වාස නාල ප්‍රදාහයට, නිව්මෝනියාවට ලොකු පොඩි කාටත් හොඳයි. ඒ වගේම පැපොල, ඇදුම, කැස්ස, අක්මා රෝග, ආහාර අරුචිය, බඩගිනි අඩුකම, අතීසාරය, පාචනය, මූත්‍ර අඩස්සිය, මූත්‍ර ගල්, මූත්‍ර දැවිල්ල, පණු අමාරු, කට ගඳ ගැසීම වගේ රෝග රාශියකට කප්පරවල්ලිය ඉතාමත්ම ගුණදායකයි.

 

ඉස්කෝලේ හාමිනේ -

බලාගෙන ගියාම කප්පරවල්ලිය කියන්නෙ පුදුම ඔසුවක්නේ? අපිට මේවා පහසුවෙන් යොදාගන්න පුළුවන් කොහොමද?

 

වෙද මහතා -

කප්පරවල්ලිය අඩංගු බේත් ගොඩක් තියෙනවා. ඒ අතුරින් ඇඳුමට කප්පරවල්ලිය කොළ වණ්ඩුවේ තම්බා ගත් යුෂ, සීනි, මී පැණි, තිප්පිලි කුඩු දමලා බොන්න දෙනවා. අතීසාරයට සහ බඩේ කැක්කුමට කප්පරවල්ලිය වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මේස හැන්දක් මී පැණි හෝ දෙහි ඉස්ම සමඟ බොන්න දෙනවා. ඇස් කැක්කුමට කප්පරවල්ලිය යුෂ ඇස වටේ ගානු ලබනවා.

ළදරුවන්ට සෙම හැදුණාම කප්පරවල්ලිය කොළ 5 ක් පමණ අරගෙන රතුලූනු ගෙඩියක් හා ලුණු කැටයක් සමඟ කොටා යුෂ අරගෙන උණු වතුර හැන්දක් සහ මී පැණි හැන්දක් දමා බීමට දීම ඉතා හොඳයි. කැස්සට කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා මීපැණි සමඟ තේ හැන්දක් පමණ බීමෙන් කැස්ස පාලනය වෙනවා. ඒ වගේම කප්පරවල්ලිය ඉස්ම අක්මාවේ රෝගවලටත් විශේෂ ගුණ දෙනවා. ඒ වගේම පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණයත් කප්පරවල්ලියවල තියෙනවා.

මේ වගේ විශිෂ්ට ගුණ රාශියක් කප්පරවල්ලියවල තියෙනවා.

 

ඉස්කෝලෙ හාමිනේ -

බලාගෙන ගියාම කප්පරවල්ලිය කියන්නෙ පුදුම ගුණ තියෙන ඔසුවක් නේ?

 

වෙද මහතා -

ඔව්. ඉතා වටිනා ඖෂධයක් තමයි කප්පරවල්ලිය. මේවයේ නිෂ්පාදිත ඖෂධත් තියෙනවා. කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාථය ඒ අතුරින් කිහිපයක්. අපිට පහසුවෙන්ම මේවගේ හදපු බේත් ගන්න පුලුවන්.

 

ඉස්කෝලෙ හාමිනේ - කප්පරවල්ලිය කියන්නෙ කොච්චර වටින බෙහෙතක් ද කියල අද තමයි මම දැන ගත්තෙ. ඒකට වෙද මහත්තයට ගොඩක් පිං. මම අදම දුවට කප්පරවල්ලිය පැණිය ගෙනත් දෙනවා.

 

වෙද මහතා -

හොඳයි කප්පරවල්ලිය පැණිය දීල බලන්න. ඉක්මනටම කැස්ස සනීප වේවි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.