වසරකට ඩොලර් මිලියන 8,500ක් ගෙනෙන දේශීය වෛද්‍ය ක්‍රමයක්

දෙසැම්බර් 27, 2024

මෙරට පවතින දේශීය වෛද්‍ය ක්‍රම නිසි අයුරින් සංවර්ධනය කිරීමෙන් හා එය සංචාරක ව්‍යාපාරයට සමගාමීව සංවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 8,500ක පමණ ආදායමක් ඉපැයීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. තවද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් ඔස්සේ සංවර්ධනය කිරීමට ද බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසුවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පැවසුවේ, මෙරට ජනතාවට සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් ගත කිරීමට දායක වන ආයුර්වේද ක්ෂෙත්‍රය දැනට පවතින තත්ත්වයට වඩා සංවර්ධනය කිරීමට පියවර ගැනීමේදී, බටහිර වෛද්‍ය ක්‍රමයට සමගාමීව දේශීය මෙන්ම ආයුර්වේද, පාරම්පරික, සිද්ධ, යූනානි, හෝමියෝපති ඇතුළු මෙරට දැනට පවතින දේශීය ක්‍රමවේද ඒකාබද්ධ කිරීම වැදගත් වන බවය. එමෙන්ම තෝරාගත් ස්ථානවල එක් එක් ඒකක ලෙසින් හා පර්යේෂණ මට්ටමින් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමත්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරා ඔස්සේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත්ය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.