සිකුරුගේ නීචය විවාහය කෙරෙහි බලපාන ආකාරය

මාර්තු 12, 2021

පුත්‍රකාරක මෙන් 5 වැන්නාධිපති ගුරු 5 වැන්නේ පතිතව රණ හංස යෝගය උදා කරමින්, අඟහරු සහ සඳු යන ග්‍රහයන්ගෙන් ශුභ කර්තරී යෝගයකට මැදිව සිටීම හේතු කොට ගෙන විවාහයෙන් දරුඵල 4 ක් ලැබුණි. ඒ නමුත් මොහු විකෘති කාම සේවනයට බොහෝ සෙයින් ඇබ්බැහි වී සිටි නිසා පසු කලෙකදී සමාජ රෝග වැළඳී පවුලෙන් නෙරපනු ලැබ මහ මඟ මිය ගියේ ය.

සිකුරු, ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයේම විවාහ කාරක ග්‍රහයා වේ. මෙකී සිකුරු කටක, සිංහ යන රාශීන් දෙකේ සතුරු වූ විටත්, කන්‍යා රාශියෙහිදී නීච වූ විටත් දුර්වල ග්‍රහයෙක් බවට පත්වන හෙයින් උප්පත්තියේ දී එකී රාශියන්හි සිකුරු පතිත ස්ත්‍රිය සහ පුරුෂයින්ගේ විවාහය හා ලිංගික ජීවිතය කෙරෙහි එකී දුර්වල සිකුරු අශුභ බලපෑම් ඇති කරන්නේ ය.

විශේෂයෙන්ම කන්‍යා රැසෙහි නීච වන සිකුරු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ලිංගික ජීවිතය කෙරෙහි දැඩි අශුභ බලපෑම් ඇති කරන්නේ ය. එයට හේතුව නම් මෙකී සිකුරු ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ රහස්‍ය ප්‍රදේශය නිවේදනය කරන කාමයට සහ මෛථුනයට අධිපති ග්‍රහයා වන හෙයිනි. ඒ අනුව ස්ත්‍රීන්ගේ මෙකී සිකුරු දරු උපතට දායක වන ඩිම්බ කෝෂ පාලනය කරන අතර පුරුෂයින්ගේ ශුක්‍රාණු සහ වෘෂණ කෝෂ පාලනය කරන ග්‍රහයා වන්නේ ය. මෙකී සිකුරු කන්‍යාවේ නීච වීම, ස්ත්‍රී පක්ෂයට වඩා පුරුෂ පක්ෂයට දැඩි අශුභ බලපෑම් එල්ල කරන්නේ ය. එයට හේතුව නම් පුරුෂයින්ගේ කේන්දරවල සිකුරු නීච වූ විට මෛථුනයට දායක වන ශුක්‍රාණු නිපදවීම අඩුවන හෙයින් ඔවුන්ගේ කාම ශක්තිය දුර්වල වීමයි. එහෙයින් එකී දුර්වල කාම ශක්තිය හේතු කොට ගෙන සිකුරු නීච පුරුෂයින් ඉලන්දාරි වයසේ දී සමලිංගික අත්දැකීම් ලැබීමට නිරායාසයෙන්ම වාගේ පෙලඹේ. සිකුරු නීච පුරුෂයින්ට බොහෝ මිතුරන් වෙති.

එකී මිතුªරන් අතරින් එක් විශේෂ මිත්‍රයෙක් වෙයි. එම මිතුරා සමඟ ගමන් බිමන් යෑමද දෛනික බුධ කටයුතුවල යෙදීමද මොවුන් කෙරෙහි දක්නට ලැබෙන විශේෂ ගති ලක්ෂණයක් වන්නේ ය. මෙවැන්නන් ස්ත්‍රීන් පිළිකුල කරන අතර ස්ත්‍රී පක්ෂය දැඩි ලෙස විවේචනයට ලක් කරති. ඇතැම් අවස්ථාවලදී සෑම ස්ත්‍රියක්ම ගණිකාවක් යැයි පවසමින් ස්ත්‍රීන් දෝෂ දර්ශනයට ලක් කිරීමට සිකුරු නීච පුරුෂයින් පසුබට නොවෙයි. මෙවැනි ගති ලක්ෂණයන් නිසා ඇතැම්හු මොවුන් සමලිංගිකයන් බව හඳුනා ගන්නේ ගැමි වහරේ ඇති පුහුල් හොරා කරෙන් දැනේ යන ප්‍රස්තාව පිරුළ මතකයට නඟමිනි.

ස්ත්‍රී පක්ෂයට මෙකී සිකුරු නීචව සිටියදී අඟහරු සහ 7 අධිපතීන් හත් වැන්නත් දුර්වල නම් එවන් ග්‍රහ බලයක් ඇති ස්ත්‍රීන් සමලිංගික සේවනයට යොමුවෙති. එනමුත් සිකුරු නීච වුවද හත් වැන්න හත අධිපති සහ අඟහරු බලවත් නම් සහ අඟහරුගේ බලවත් දෘෂ්ටියක් ලග්නයට හෝ හත් වැන්නට ලැබී ඇත්නම් එවැනි ග්‍රහ බලයක් ඇති ස්ත්‍රීන් සමලිංගික සේවනයට යොමු නොවන අතර යුග ජීවිතයට ඇතුළත්ව යහපත් යුග ජීවිතයක් ගත කරති. මෙහිදී සිකුරුගේ නීචය පුරුෂයින්ට මෙන් ස්ත්‍රීන්ට වැඩි බලපෑමක් ඇති නොකිරීමට හේතු භූත වන කාරණය වන්නේ ස්ත්‍රීන්ගේ ලිංග ඉන්ද්‍රියන්ට සහ ලිංගික ක්‍රියාවලියට වැඩි බලපෑම් ඇති කර ග්‍රහයාට අඟහරු වන හෙයිනි. ඒ නමුත් දැහැමි ඡ්‍යොතිෂවේදීන් සිකුරුගේ නීචය භංග වේ නම් සිකුරුගේ නීචයෙන් අශුභඵල නොලැබේ යැයි පවසති.

ඒ නමුත් මෙයට නිරවුල් පිළිතුරක් ලබා ගත හැක්කේ සිකුරුගේ නීචය භංග වූ කේන්දරයක් අධ්‍යනය කිරීමෙන් පමණක් වන හෙයිනි. පහත දැක්වෙන අතීතයේ දී එංගලන්තයේ විසූ විකෘති කාමාශාවන්ට ගිජු වූ ලෝක ප්‍රකට ගත් කතුවරයෙක් වූ ඔස්කාවයිල්ඩ්ගේ පහත දැක්වෙන සිංහ ලග්න කේන්දර සටහන අධ්‍යනය කරමු. එම සිංහ ලග්න කේන්දරයෙය් දෙවැන්නේ සිකුරු කේතු සමඟ සිටින්නේ නීචවය. තුන්වැන්නේ ලග්නාධිපති රවි නීචව දෙවැන්නාධිපති බුධ සමඟ සංයෝගව සිටියි. සිව්වැන්නේ යෝගකාරක අඟහරු රුචක නම් පංච මහ පුරුෂ යෝගය උදා කරමින් සිටියි. පස් වැන්නේ ගුරු මුල ත්‍රිකෝණ බලය ලබමින් රණ හංස යෝගය උදාකරමින් සිටි අතර අට වැන්නේ රාහු ද දහ වැන්න වූ වෘෂභයේ සෙනසුරු මිත්‍රවද, 12 වැන්න වූ කටකයේ සඳු ස්වක්ෂේත්‍ර කුලීර යෝගය උදා කරමින් සිටියි. ඒ අනුව අප මාතෘකාවට සම්බන්ධ සිකුරු ඉහත කේන්දරයේ දෙවැන්න වූ කන්‍යාවේ නීචව සිටින අතර, එම කන්‍යාවෙහි අධිපති බුධ සඳුගෙන් කේන්ද්‍ර ස්ථානයක් වන තුලාවේ මිත්‍රව සිටීමෙන් සිකුරුගේ නීචය භංගකර ඇත. එසේ සිකුරු නීචය භංගව ඇති නිසාත් සිකුරු ගේ රැසක් වන වෘෂභ වූ දහ වැන්නේ හත අධිපති සෙනසුරු යෝග කාරක අඟහරුගේ දෘෂ්ටිය ලබා සිටීම හේතු කොටගෙන ඔහුට විවාහයක් සිදුවිය.

පුත්‍රකාරක මෙන් 5 වැන්නාධිපති ගුරු 5 වැන්නේ පතිතව රණ හංස යෝගය උදා කරමින්, අඟහරු සහ සඳු යන ග්‍රහයන්ගෙන් ශුභ කර්තරී යෝගයකට මැදිව සිටීම හේතු කොට ගෙන විවාහයෙන් දරුඵල 4 ක් ලැබුණි. ඒ නමුත් මොහු විකෘති කාම සේවනයට බොහෝ සෙයින් ඇබ්බැහි වී සිටි නිසා පසු කලෙකදී සමාජ රෝග වැළඳී පවුලෙන් නෙරපනු ලැබ මහ මඟ මිය ගියේ ය.

ඒ අනුව ඉහත උදාහරණයෙන් පැහැදිලි වන්සේ සිකුරු ගේ නීචය භංගය විවාහයක් සිදුවීමට හේතුවන ග්‍රහ බලයක් විය හැකි නමුත් ජන්මියා තුළ ඇති වන විකෘති කාම ආශාවන් ජන්මියා කෙරෙන් පහව නොවන බවයි. මෙයට හේතුව වශයෙන් මා දකින්නේ ජගත් ආත්මකාරක සමඟ අංශක 28 කට වඩා ඇත්තෙ ජගත් ආත්මකාරක සමඟ ගමන් කරන සිකුරු කන්‍යාවේ නීච වන විට රවි ස්වකීය මුල ත්‍රිකෝණ බලය ලබන සිංහයේ ගෝවරය වෙමින් සිටීම. ජන්මියා විසින් පෙර ආත්මයේ කරන ලද බලවත් කාම අපචාරයක් පලදීමත් වශයෙන් මේ භාවයේ දී විකෘති කාම සේවනයට යොමුවන බවයි.

 

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.