දෙලොවටම සෙත සදන ව්‍යාසකාරය

මාර්තු 19, 2021

පුංසාමුනනත චිත්තානාං -මයමෙව සුඛාවහම්සා

ථිසංගනිවෘතතිර්වා -හඩගලොලං හි ජීවිතම්

 

උඩඟු සිත් ඇති පුරුෂයින්ට සුව මාර්ග දෙකක් ඇත. එකක් වනාහී සියලු සැප කෙරෙහි ඇල්ම හැර තපස් රැකීමය. අනෙක අභිමහත් වූ සැප සම්පත් නොඅඩුව අනුභව කිරීමය.

උඩඟු හෙවත් අහංකාරකම ඇති මිනිසුන්හටද සැප සම්පත් කරුණු දෙකකින් ලැබෙන්නේ ය. ඒ අනුව ඒ සම්පත් කා බී අත හැර ගොස් තපස් රැකීම එක කරුණකි. අනෙක නම් අති මහත් වූ සැප සම්පත් ඒ ඒ ආකාරයෙන්ම නොඅඩුව කා බී කල් ගත කිරීම ය.

අත්‍යාලපමපි සාධුනානං - ශිලාලෙඛව තිෂඨති

ජල නීචානාං - යත් කෘතර තද් විනශ්‍යති

යහපත් අයට සුළු උපකාරයක් වුවද ගලෙහි කොටන ලද්දක් මෙන් ස්ථිර වේ. එහෙත් අධම පුද්ගලයින්ට කරන ලද උපකාරය දියෙහි ඇඳි ඉරක් මෙන් මැකී යන්නේ ය. අස්ථිර වන්නේ ය. යහපත් ගුණ ධර්ම ගති පැවතුම් ඇති අයට සුළු උපකාරයක් කළ විට ඒ මතකය, ගලක කෙටූ සටහනක් ලෙසින් මතකයේ රැඳෙමින් කල් පවතී. එය මෙනෙහි කරයි. තවත් කෙනෙකුටද කියා සතුටු වෙයි. එම කටයුත්ත අමතක නොවෙයි. කල් පවතී. අධමයන් ලෙස සැලකෙන නූගත්, පහත් සිතුවිලි ඇති මෝඩකම් ඇති පුද්ගලයින්ට කළ උපකාරයක්, කෙවිටකින් දියෙහි ඇඳි ඉරක් වගේ ඉක්මනින් සුළු කළකදීම අමතක වී යයි. උදව් උපකාරයක් කිරීමට යාමේ දී සුළුවෙන් නොසිතිය යුතු කරුණකි. ආදර්ශයකි.

භ්‍රම නෙකා දෙහි දෙහිතී -

භික්ෂාම ප්‍රතිවිනිථිනාඞ

අප්‍රමාදස්‍ය පෞරාමතම්‍යං -

කථයන්ති ස්වමුර්තිභිඞ

ආහාර අපට දෙවයි කියමින් ආහාර ඉල්ලා ඈත මෑත ඇවිදින යාචකයෝ තමන්ගේ එම ස්වරූපයෙන් පෙර ආත්මයෙහි දී දුන් නොදුන් බව අප්‍රමාදව කරන්නාහු ය.

කෑමට ආහාරයක් දෙවයි කියා ඉල්ලමින් එහා මෙහා ඇවිදින්නා වූ දුගී යාචකයින් එදාද ආහාර ඉල්ලමින් ඇවිද්ද බවත් ඒ ආකාර ඇවිදින බව පෙනීයයි. පෙර පින් පව් මේ ආත්මයෙහිදී ද පල දෙන බව පෙන්වා දෙයි.

නාසති විද්‍යා සමඞ මිත්‍රං - නච ව්‍යාධිසමො රිනුඞ

නචාපත්‍ය සමඞ සෙනහො නව - දෛවාතපරං බලම්

උගත් ශාස්ත්‍රය සමාන මිත්‍රයෙක් ද රෝගයට සමාන සතුරෙක් ද තම දරුවන්ට ඇති ආදරය සමාන ආදරයක් ද තමාගේ දෛවයට වඩා අන්‍යවූ බලයක්ද කෙනෙකුට නැත්තේ ය.

තමන් උගත් ශාස්ත්‍රය වෙනත් මිතුරෙකුට සමාන මිතුරෙක් වඩා වැඩිය. රෝගයක් හෙවත් අසනීපය තමාටම සතුරෙක් වැනිය එය කරදර උපද්‍රව ඇති කරන්නාය. තමාගේ දරුවන්ට ඇති ආදරය සමාන ආදරයක් ද නැති ය. ඒ වගේම තමා උපතින් ලැබුවාවූ දෛවය හෙවත් වාසනාවට වැඩියෙන්, වෙනත් ආවේගයක් හෝ බලවේගයක් හිමි නොවන බව සහජයෙන් ලබන ශක්තිය පිළිබඳව දක්වාලීමකි.

දුජිනෛඞ සහ සමපකිඞ ශක්‍රැතාෂින යුජ්‍යාතෙ

ගෘහණතො දහතෝඩහාරඞ ශාතෙත කෘෂණයතෙ කරඞ

දුදදන් සමඟ එකට වාසය කිරීමද, ඔවුන් හා සතුරු වීමද නුසුදුසු වන්නේ ය. දිලිසෙන ගිනි අඟුරු ගන්නා අයගේ අත දවන්නේ ය. නිවී ගිය විට දැලි ගැවීමෙන් අත කිලිටි වන්නේ ය.

අසත්පුරුෂයන් වුවද නෙගැළපෙන්නාවූ අය සමඟ එක්වි වාසය කර, ඒ අය සමඟ සතුරු වී වෙන්වීමත්, එතරම්ම සුදුසු නොවෙයි. නොගැළපෙයි. දැවෙන ගිනි අඟුරු අතගා අත

පිළිස්සෙන්නා සේ අසත්පුරුෂයන් ආශ්‍රය කිරීම වැනි ය. නිවී ගිය අඟුරු ඇල්ලීමෙන් අත කිලිටි වන්නා ය.

නමනති එළි නොව වෘක්ෂාතමන්ති විබුධා ජනාඞ

ශුෂක කඨානී මුඛශව හිද්‍යනෙත න නමනතිච

ගෙඩි සහිත ගස් නැමේ. නුවණැති ජනතාවෝද නැමෙන්නාහ. (නම්‍යශීලිවෙති) කඳ වියළී ගිය ගස් වැනි මෝඩ ජනතාව නැමිය නොහැක. බිඳ වැනසී යන්නෝ ය.

පල බරවූ ගස්වල ගෙඩි බරට නැමෙයි. නුවණැති, යමක් දන්නා වූ ඇතැම් අය කරුණා මෛත්‍රිය අනෙකුට පිරිනමයි. වියළී ගිය ගස්වල අතු රිකිලි ද මැරී දිරාපත්වෙති. ඒ වගේ කිසි දැනුමක් හෝ ගුණයක් නැති අයත් ගස් කොළ වියළී මැරීගියා වැන්න කෙනෙකුට පිහිට නොවිමී මෛත්‍රීය නොවීම වැඩක් නැත.

ජනමානතරශතාභ්‍යසතා විෂයෙසු රතිර්නෘණම්

ජරදෙගාරීච ශස්‍යෙෂු දුඛෙන විනිචාය්‍යතෙ

සිය දහස් ගණන් ජාතීවලදී, රූප ශබ්ද ආදී පංචකාම සම්පත්තියෙහි ඇති මිනිසුන්ගේ කැමැත්ත, මහලු ජරපත් කෙනෙකුගේ බඩගින්නට ඇති ආශාව මෙන් විය. ඉතා අපහසුවෙන් වලකනු ලබයි. පංචකාම සම්පත්තියෙහි මිනිසුන්ගේ කැමැත්ත මැඬලිය හැක්කේ ඉතා අපහසුවෙනි.

සිය දහස් ගණන් අවුරුදු ගත වී ගියත් රූප ශබ්ද, ගඳ, රස, ස්පර්ෂ යන පංචකාම යන ආශාවන් ඇති මිනිසාගේ කැමැත්ත වන්නේ ජරාවට මහලු වයසට ගිය කෙනෙකුටද ආශාව ඇත්තේ බඩගින්නටය. ඒවා ද ඒ උනාට අපහසුතාවයෙන්ම වළක්වා ගැනීමට සමත් වෙනවා. පංච කාම සම්පත්තියෙහි දැඩි කැමැත්ත දක්වන කෙනාද එය වළක්වා ගන්නේ අකමැත්තෙන් අපහසුවෙනි.

ඉගි යතක්‍රියතෙ කම -

තකපරක්‍රෙපහ්‍යුතෙ

මූලෙ සිකෘස්‍ය වාක්ස්‍ය -

ථලං ශාඛාසු දෘශ්‍යතෙ

ලැබූ මෙම ජාතියෙහි යම් කුසල හෝ අකුසල කර්මයක් කරන්නේ ද එහි විපාක පරලොවදීම විඳීමට හැකිවෙයි. ඒ එසේමයි. ගසක් මුලට ජලය වත් කිරීමෙන් අතුවල ගෙඩි හට ගන්නේ ය.

ලැබූ මෙම ආත්මයේ කරපු පිනක් හෝ අකුසල කර්මයක් පවක් කළහොත් එහි හොඳ හෝ නරක නරකට මිය යාමෙන් පසු පරලොව දී අනිවාර්යයෙන්ම ලැබෙයි. එය නියතයි. ස්ථිරයි. හැදූ ගස මුලට වත්කර ජලය නිසා ගස්වල අතු රිකිලිවල ගෙඩි පලදාව දරන්නා වැනි ය. (වක්කළ දියට සැලකුම ගස පල බරින් දරයි.)

අත එව හි නෙචජනනි -

සාධවා සතසමාගමම්

සළු යොගාසිලුනස්‍ය -

මනසො නාසති භෙෂජම්

සත් පුරුෂයන්ගෙන් වෙන් කිරීම කඩුවෙන් සිත කැපීමට බෙහෙතක් නැත. සිත වෙනස් කිරීමටද බෙහෙතක් නැත. මේ නිසා සත් පුරුෂ තැනැත්තා එවැනි සමාගම්වලට කැමැති නොවන්නේ ය.

යහපත් ගුණ ඇත්තන්ගෙන් එවැනි පුද්ගලයන් වෙනස් කිරීමට ඒ ඒ අයගේ සිත් තුළින්ම වෙයි. එවැන්නට මුල් වන්නේ අධමයන් හෙවත් ගුණධර්මයන් හීන වූ අයයි. යහපත් සිත කඩුවකින් වත් කපා දැමිය නොහැක. එසේම දැන, හැඳුනුම්ලත් යහපත් සත්පුරුෂයන් වෙන්කිරීමට වෙර දරන්නන් වෙත හමා නොයයි.

ඡ්‍යොතිර්වේදී සාමවිනිසුරු රාජ්‍ය සම්මානලාභි,

මාකෙහෙල්වල කරුණාපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.