රවි හා සම්බන්ධ වන ග්‍රහයන් නිසා ඔබට සිදු වන සුබ අසුබ ඵල

මැයි 14, 2021

රවි පස්වැන්නේ යෙදී සෙනසුරු දෙවැන්නේ සිටි විට දීර්ඝායුෂ භුක්ති විඳියි. නමුත් යම් යම් රෝගයන් නිසා පීඩාවට ලක්වේ. පියා සමඟ ඇති බැඳීම අඩු කරන අතර දරුවන්ට ද යහපත් නොවේ.

 

පසුගිය සතිය හා සම්බන්ධයි

රවි – ශනි

මෙම යෝගය සාමාන්‍යයෙන් අශුභ යැයි සලකනු ලබන යෝගයකි. සෙනසුරු නෛසර්ගික පාපියෙකි. එබැවින් නිතරම මෙබඳු සංයෝගයකින් දුක් පීඩාවන් උරුම කරදෙයි. අපකීර්තියට පත්වීම සිරගත වීම වැනි දෙයකට පත්වීමට පවා මෙම යෝගයෙන් ඉඩ ඇති අතර රැකීරක්ෂා කටයුතුවලදී නොයෙක් බාධක ඇතිවීමටත්, ඇස්පෙනීම දුර්වල වීමටත් හැකි පිහිටීමකි. නිතරම තම පියා සමඟ ද ප්‍රධානින් සමඟද මතභේද වැරදියට තේරුම් ගැනීම් ආදිය ඇතිකර ගනියි. නිදහස් මත දරන ස්වාධීනව කටයුතු කිරීමට ද විශේෂ කැමැත්තක් දක්වයි.

මෙම යෝගය දේශපාලන කටයුතුවලට නම් හොඳ යෝගයකි. රවි, මේෂ හෝ වෘශ්චික යන රාශි දෙකෙන් එකක යෙදී ශනිගේ ප්‍රධාන දෘෂ්ටියකට ලක්වුණහොත් ජන්මියා දුක් කරදර කර පින්නාගෙන ඉපදුන අයකු වෙයි. වැරදි ක්‍රියාවන් හි නිරත වන අතර දුරදිග නොබලා කරන එබඳු ක්‍රියාවලින් ද දුකක් අත්වේ. කාන්තාවන්ගේ ඇසුරට ඇබ්බැහිවන අයෙකි.

වෘෂභ හෝ තුලා රැසෙහි යෙදුම රවිට – ශනි දෘෂ්ටිය හෙලයි නම් පහත් මනසක් ඇති අලස දිළිඳු බියගුළු පුද්ගලයෙකි. විවාහය ප්‍රමාද වන අතර විවාහ ජීවිතයේ ද ගැටලු ඇතිවේ. මිථුන, කන්‍යා රාශියක යෙදුණු විට ශනිගේ ප්‍රධාන දෘෂ්ටියක් එල්ල වූයේ නම් කපටි ඥානයක් සහිත පුද්ගලයෙකි. ජීවිතය පුරාම තම ඥාතීන් නඩත්තු කරමින් ඔවුන්ගේ බර දරාගෙන යාමට සිදුවන අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවෙයි.

එහි ශුභ පැත්තක් ද ඇති අතර තමා යටතේ නිතරම සේවකයන් කීප දෙනෙකු තබාගෙන මූලිකයකු මෙන් කටයුතු කිරීමට ද හැකිවේ.

රවි කටකයේ යෙදී රවිගේ සංයෝග /දෘෂ්ටිය ලබයි නම් පෙණහලු හා ඇස් ආබාධවලට ගොදුරුවේ. අන් අයගේ දේපළවලට හා ධනය ලැබීමට වාසනාව ඇත.

රවි සිංහ රාශිය් සිටිමින් මෙබඳු දෘෂ්ටියක් ලබයි නම් දක්ෂ එහෙත් ශක්තිමත් බව අඩු පුද්ගලයකු වෙයි. අන් අය යටතේ වෙහෙසකර කටයුතුවල නිරතවීමට සිදුවේ.

ශනි තමාගේම රාශියක්වූ මකර, කුම්භ, යන රාශි දෙකේ සිටින රවිට දෘෂ්ටි හෙලයි නම් වික්‍රමාන්විත බව, ස්ථිර සංවර බව, ගෞරවයට පාත්‍ර වන බව ආදි ප්‍රතිඵල ලබාදෙයි. ගුප්ත විද්‍යාවන්හි නිපුනත්වයක් ද ඇති අයකු වෙයි.

රවි සෙනසුරුගෙන් සිව්වැන්නේ සිටීම විශේෂ යෙදුමකි. දේශපාලනයට යහපත් පිහිටීමක් වන අතර ශනි දුබලව සිටියේ නම් අශුභඵල ගෙන දේ.

රවි ලග්නයේ හා ශනි 10 වැන්නේ සිටිවිට ජන්මියා හිතුවක්කාර , කම්මැලි, තද පරුෂ පුද්ගලයකු කරයි. සතුට සැනසුම ලැබීමට ඉඩ ප්‍රස්තාව අඩුය. 10 සිටින ශනි ඔහුට කපටි බුද්ධිය නායකත්වය හැකියාව ලබාදෙයි.

රවි 2 යෙදී ශනි 11 වීමද දරුඵල අවම වීමට හේතුවේ. ඇස් පෙනීමේ දෝෂ ඇතිවිය හැකි අතර මිතුරන් ඇත්තේම නැති තරම්ය. මෙහිදී ලග්නය සිංහ හෝ කටක වුවහොත් මිල මුදල් වලින් අඩුපාඩු නැත.

රවි 03 වැන්නේද ශනි 12 වූ විට රවිට ශනිගේ දෘෂ්ටිය ලැබේ නම් හොඳ ප්‍රතිඵල ද නොලැබේ නම් අලස බව නාස්තිකාර බව හා පහත් පුද්ගලයන් ඇසුරට යොමුවීම වැනි නරක ප්‍රතිඵල ලබාදේ.

කේන්ද්‍රයේ 04 වැන්නේ රවිද ශනි ලග්නයේ ද සිටි විට දෘෂ්ටිය එල්ලවේ නම් මානසික පීඩා රෝගාතුර බිරිඳක් ලැබීම, නිතර ගමන් බිමන් යෙදීම ආදිය උරුම වේ.

රවිට ශනිගේ බැල්ම නොලැබේ නම් අශුභවාදී ආකල්ප දරන, ශාරීරික අඩුපාඩුකම් ඇති දුප්පත් අයකු වනු ඇත.

රවි පස්වැන්නේ යෙදී සෙනසුරු දෙවැන්නේ සිටි විට දීර්ඝායුෂ භුක්ති විඳියි. නමුත් යම් යම් රෝගයන් නිසා පීඩාවට ලක්වේ. පියා සමඟ ඇති බැඳීම අඩු කරන අතර දරුවන්ට ද යහපත් නොවේ.

රවි 06 වැන්නේ ද සෙනසුරු හතරවැන්නේ ද සිටියේ නම් මොනයම් හේතුවක් නිසා හෝ ස්ත්‍රීන් අතර අප්‍රසාදයට ලක්වනු ඇත. ප්‍රධානින් අතරත් අප්‍රසාදය ලබන අතර මවගෙන් ආදරය ලැබීමට ඉඩකඩ අඩුවීමට ද පුළුවන.

8 වැන්නේද ශනි 05වැන්නේ ද සිටිවිට දිළිඳු වේ. මානසික ව්‍යාකූලතා හෝ අඩුපාඩු ඇති පුද්ගලයෙකි.

රවි 09 වැන්නේද ශනි 06 වැන්නේ ද වූ විට ආගම දහමට ලැදි නොවූ අයෙකි.

රවි 10 වැන්නේ යෙදී ශනි 07 වැන්නේ වූ විට දේශපාලනයට යහපත් වුවත් පවුල් ජීවිතය අඩාළ වේ.

රවි 11 වැන්නේ යෙදී ශනි 08 වැන්නේ වූ කල දීර්ඝායුෂ ලැබීමට වාසනාව ඇති අතර අන් අයගේ ගෞරවයට පාත්‍රවන ධනවත් අයකු වෙයි.

රවි 12 වැන්නේ සිට ශනි 09 වැන්නේ යෙදීමෙන් ද අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

රවි හා රාහු

 

මෙම දෙදෙනා යෝගවීම ශුභඵල ප්‍රදානය කිරීමට හේතුවේ. සිංහ රාශියේ නම් බලවත් ශුභඵල ලැබේ. ජන්ම කේන්ද්‍රයේ 1,3,5,12 යන භාවයක පිහිටීම උසස් තත්ත්වයක් ලබාදෙන අතර ප්‍රසිද්ධ වේ. මෙම සංයෝගය මේෂ, මිථුන, තුලා, වෘශ්චික, කුම්භ රාශියක යෙදීම අයහපත්ය.

රවි ,කේතු හා සංයෝග වීමෙන් එතරම් ශුභදායක නොවේ. ස්ත්‍රී හඳහනක 1,4,7,10 වූ කේන්ද්‍ර ස්ථානයක යෙදුනොත් වැන්දඹු බවට පත්වීමට ද ඉඩ තිබේ.

10 වැන්නේ රවි කේතු යෝගය සැලකිය යුතු ආදායමක් ලබා දෙන්නකි. රවි හා රාහු යෝගයක්, රවි හා කේතු යෝගයක් යන දෙකම දාර්ශනික අංශයට හොඳ යෙදුම් වන අතර ශාන්ත නිශ්චල දිවියක් ගෙවීමට හැකිවේ. රැකියා කටයුතුවල යම් යම් පසුබෑමක් ද දක්නට ලැබෙනු ඇත.

 

 

ඡ්‍යොතිෂ රත්නාකර

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.