යහපත් මේද සහිත පොල්තෙල්

මැයි 28, 2021

පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝගවලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත් මත රාශියකි. නමුත් පොල්වලින් නිසියාකාරව තෙල් නිෂ්පාදනය කෙරේද, ඒවා අගුණ නොවන බවට මත මුළු මහත් ලෝකයම අද පිළිගනී. එසේම මිනිසාට පෝෂණීය ගුණය ලබාදෙනු සමඟම යහපත් මේද සහිත පොල්තෙල් භාවිතයට බිය යුතු නොවේ. ඒ සඳහා ෆාම් තෙල් නොව පිරිසුදු පොල්තෙල් වීමද වැදගත් වේ.

ඇමෙරිකාවේ පෝෂණවේදීන් ද ශ්‍රී ලංකාවේ නිහාල් මෙන්ඩිස් මහතාද, පිලිපීන ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් පොල් හා පොල්තෙල් නිතර ආහාරයට ගන්නා බැවින් කළ පර්යේෂණ අනුව ඔවුන් සනාථ කර තිබුණේ, පිළිකා මර්දනය කිරීමේ හැකියාව, පියයුරු පිළිකා මර්ධනයටද, පොල්තෙල්වල 49% ක් පමණ පවතින ලෝරික් අම්ලය ඇසුරින් උපදින මොනොලොරින් රසායන ප්‍රබල විෂබීජ නාශකයක් ද වන බවද, ඒ මඟින් වෛරස සෛල දියකර හැරීමේ හැකියාව ඇති බවත්, එයින් සරම්ප, හර්පිස් යන වෛරස විනාශ කරන ලද බවත් ය. පොල්තෙල්වල අඩංගු ග්ලිසරින් මඟින් එය ඉතා හොඳ ශක්ති ජනක ආහාරයක් ලෙස ගත හැකි ය. එය අන්ත්‍රවල ඇති ජීර්ණකස්‍රාවයන් සමඟ මිශ්‍රවන නිසා පහසුවෙන් දිරවීමේ හැකියාවද ලබාදෙනු ඇත.

පොල්තෙල්වල අඩංගුව ඇති කැප්ලින් අම්ලය නිසා නිෂ්පාදනය වන මොනොකැප්රිලින් මිනිස් සිරුරට ඇතුළුවන රෝග කාරක විෂබීජ නැසීමේ හැකියාවෙන් ද යුක්ත වේ.

පොල්තෙල්වල ඇති අසංතෘප්ත මේදය. ලෝරික් අම්ලය - 44% - 51 %

මිරිප්ටික් අම්ලය - 13% - 18 %

පල්මිටික් අම්ලය 07% - 10 %

ස්ටියරික් අම්ලය 01% - 03 %

කැප්රිලික් අම්ලය 5.4% - 9.5 %

මේවා ඇත්තේ නිදහස් මේද අම්ල ලෙස නොව ත්‍රිත්ව ග්ලිසරයිඩ ලෙසින් ය.

පොල්තෙල්වල අසංතෘප්ත මේද අම්ල ප්‍රතිශතය

ඔලික් අම්ලය 5% - 8 %

ලිනොලෙසික් අම්ලය 1% - 3 %

තවද නූතන වෛද්‍ය පර්යේෂණ මතය අනුව පොල්තෙල්වල සතු සංතෘප්ත මේදය මඟින් රුධිරවාහිණී අවහිර නොකරන බවට දැනට සනාථ කොට ඇත. පොල්තෙල්වල ඇති මධ්‍යද්‍රාම මේද අම්ල මෙය ශරීරයට ඉතා ආරක්ෂාකාරී පරිවෘත්තීය ක්‍රියාවලියකට ලක්වන බවට සොයාගෙන ඇත. මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියෙන් පසුව මධ්‍යද්‍රාම මේද අම්ල අක්මාවට පරිවහණය වේ. අනතුරුව ඉන් කොටසක් කිටෝනදේහ නම් සංඝටක උත්පාදනයට ද ඉවහල් වේ. ඉන්පසු ශරීරයේ ශක්ති අවශ්‍යතාවයන්ට උපයෝගීවීම මේ මඟින් සිදුවේ.

පොල්තෙල් බොහෝ භාවිතා කරන ජන කොට්ඨාස ගෙන කල පර්යේෂණ අනුව ඔවුන් අතර හෘර්දයාබාධඅවම වීමත් නිරෝගිභාවය අතින්ද ඉහළවීමත් ය. දකුණු ආසියාවේ අප ද නිරතුරු පොල් හා තෙල් දෙකම භාවිතා කිරීම විශේෂයක් වේ.

පොල් තෙල් වල ඇති මධ්‍යද්‍රාම මේද අම්ල ශරීරයේ මේද දහනයට විශාල ලෙස උපකාර කරන අතර, එය පොල්තෙල්වල විශේෂ ගුණයකි.

පොල්තෙල්වල ඇති ලෝරික් අම්ලක ජීවානු නාශකයක් වන බැවින් දිලීර රෝග මැඩීමේ ද හැකියාවක් පවතී.

පොල්තේවලට කුසගින්න ප්‍රමාණ කිරීමේ ගුණය පැවතීමද විශේෂයකි. කළ පර්යේෂණ අනුව මධ්‍යද්‍රාම මුයිග්ලිසරයිඩ ලබාගත් අය දවසට ගත් ආහාර ප්‍රමාණය කැලරි 256 කින් පමණ අඩුවීමද විශේෂයක් වෙනවා.

පොල්තෙල් අයත් වන්නේ මධ්‍යද්‍රාම මුයිග්ලිසරයිඩ කාණ්ඩයටය.(එම්.සී.ටී) මෙම මධ්‍යමද්‍රාම ඇති ස්වභාවික තෙල් කාණ්ඩයක් වනුයේ පොල්තෙල් හා ෆාම් තෙල් ය. එසේම පොල්තෙල් භාවිතයන් ආශි‍්‍රතයෙන් කළ පර්යේෂණ අනුව එහි ප්‍රතිඵල බ්ධභපදචත ධට ව්භබපඪබඪධද සඟරාවේ පළකර තිබුණේ මෙසේ ය. එය අනුව පොල් අයත් වනුයේ එම්.සී.ටී කාණ්ඩයේ මේදවල ගණයන්ටය. එහි ගුණය දක්වා තිබුණේ,

ශක්තිය වැඩිකරයි, ශරීර පරිවෘත්තිය ඉහළ නංවයි, කැලරි දහනය ඉහළ නංවයි, ආහාර පරිභෝජනය සීමා කරයි, ශරීරයේ මේද ස්කන්ධය අඩු කරයි, ශරීරයේ බර අඩු කරයි.

ලෝකයේ අඩුම කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් පොල්තෙල් වීම විශේෂයකි.

පොල්තෙල් ව්‍යාංන රසවත් කර ගැනීමට මෙන්ම එම ආහාර ගුණයන් වැඩීමටත් එදා සිට භාවිතා කොට ඇත. තෙලෙන් බඳින ව්‍යාංජන ගැන ඉතිහාස පුවත් දක්වනුයේ දුමන යන නමින් ය. එය දුම්දීම හෙවත් තෙම්පරාදු කිරීම යැයි ද මතයක් පවතී. 12 වන ශත වර්ෂයට පෙර ද සිංහලයන් විසින් ව්‍යාංජන දුන්තෙලින් දුමාකරන ලද බවට විශ්වාසයක් වෙති. (වික්‍රමාරච්චි මහතා 1988 - 168 ) එදා තෙලින් එළවළු දමා පිළියෙල කරගත් බතට පැසිබත ලෙසද හඳුන්වා තිබුණා.

බෞද්ධ මතය අනුව පොල්තෙල් සත්තාහකාලීන ආහාර වර්ගයන්ට අයත් වේ. මේ අනුව දක්වනුයේ සත්දිනක් තබාගෙන කාලයේදීත්, විකාලයේදීත් ඒවා පරිභෝජනයට ගත හැකි වීම නිසා ය. ආයුර්වේදයේ හිත භෝජන උදෙසා තෙල් වර්ගද අයත්වන බවත් ඉන් පොල්තෙල් වැදගත් වේ.

 

 

වෛද්‍ය

නිරූපා සංජීවනී රත්නායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.