සාම්ප්‍රදායික පොරොන්දම් බලා විවාහය තීරණය කළ හැකිද?

ජුනි 25, 2021

කිරි වෘක්ෂ නොමැතිවීම නිසා දරුවන් නැතැයි කියන අයද මේ අතර සිටී. තවත් සමහරු පක්ෂීන් ගැන භීතිකාවක් දක්වති. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් පිරික්සුම සෑම පංචාංග ලිතකම ඇත. එය බැලීමට අකුරු දන්නා කෙනෙකුට හැකිය. ඡ්‍යොතිෂවේදියෙකුම අවශ්‍ය නැත. මෙම පොරොන්දම් පරීක්ෂාව තීරණය කර ඇත්තේ එදා පැවැති දඹදිව බ්‍රාහ්මණ වංශික පැවතුම්වලට අනුගතවය. ගෝත්‍ර සහ වර්ණ භේදය දැනට ලංකාවේ නැත. එදා දඹදිව බඹුණු සමාජගත සිරිත් ය.

 

විවාහ වීමේ දී මුලින්ම කරන ඉතාම වැදගත් දෙයක් වනුයේ පොරොන්දම් බැලීමයි. මේ පිළිබඳව අද විවිධ මතිමතාන්තර සමාජය තුළ පැතිර පවතී. සමහර අය කුජ 7 සිටන කේන්ද්‍ර සොය සොයා සිටී. සමහරු හතේ ශනි සිටින අයම සොයති. තවත් සමහරු පිරිමියා පූර්වනාසිනාලිංගවීම ඉතාම අසුබ යැයි සලකති.

 

කිරි වෘක්ෂ නොමැතිවීම නිසා දරුවන් නැතැයි කියන අයද මේ අතර සිටී. තවත් සමහරු පක්ෂීන් ගැන භීතිකාවක් දක්වති. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් පිරික්සුම සෑම පංචාංග ලිතකම ඇත. එය බැලීමට අකුරු දන්නා කෙනෙකුට හැකිය. ඡ්‍යොතිෂවේදියෙකුම අවශ්‍ය නැත. මෙම පොරොන්දම් පරීක්ෂාව තීරණය කර ඇත්තේ එදා පැවැති දඹදිව බ්‍රාහ්මණ වංශික පැවතුම්වලට අනුගතවය. ගෝත්‍ර සහ වර්ණ භේදය දැනට ලංකාවේ නැත. එදා දඹදිව බඹුණු සමාජගත සිරිත් ය. ගෝත්‍ර සහ වර්ණ පොරොන්දම් ගැළපීම නිශ්ඵලයි. මහේන්ද්‍ර සහ ස්ත්‍රී දීර්ඝයෙන් පැවසෙන්නේ ද ඔවුනොවුන්ගේ ලිංගික පෙළඹීම් ය. එයද අද සමාජයට අවශ්‍ය නැත.

වෘක්ෂ පොරොන්දමෙන් කිරිහර වෘක්ෂවලින් දරුඵල නිගමනය කළ හැකි ද? 5 සහ 11 වැන්න පිරික්සිය යුතු යි. විද්‍යාත්මකව බලන විට ශුක්‍රාණු හා අර්තවනු සංයෝගය හරහා ඇතිවන සරුබීජ කාරක හේතු කොට ගෙන දරු උපත් ගැන කියැවේ. (එක්ස් සහ වයි හේතුකොටගෙන ගැහැනු පිරිමි දරු උපත් සිදුවේ.)

ස්ත්‍රීන් පුරුෂලිංග නැකත්වලද පුරුෂයින් ස්ත්‍රීලිංග නැකත්වලට උපත ලබයි. පක්ෂීන් 5 කට සීමා වූවත් තවත් පක්ෂීන් බොහෝ ඇත. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලග්න රාශි සහ එම රාශි අධිපතීන්ගේ ගැළපීම් අත්‍යවශ්‍ය වේ. දෙදෙනාගේම ජන්ම නැකත් ගැළපීම් සුබ විය යුතු යි. නැකත් 3 - 7 වීම සුබ නැත. මනුෂ්‍ය, දේව, රාක්ෂ, ගණ 3 කට බෙදා ඇතත් එය යුගදිවියට අදාළ නොවේ. යෝනි නාඩි රජ්ජු, භූත පොරොන්දම් ගැළපීම් අවශ්‍ය වේ. සංසර්ගික සතුට රුධිර ගැළපීම් මත වා, පිත්, සෙම්, සමනය වීමෙන් නිරෝගීකමත් නිරෝගී දාරක සම්පත්වලට හිමිකමත් ලබයි. දෛවය හරහා දෙදෙනෙකු හමුවී ඔවුනොවුන්ගේ හාදකම් මත විවාහ වී සාර්ථක කරගත් බැව් ඇත්තකි.

මහෞෂධ අමරා විවාහය එයට කදිම නිදසුනකි. කුජ දෝෂය කුජ, ශනි, කුජ ශුක්‍ර, කුජ සඳු යෝගයන් ගැන බැලිය යුතු යි. මෙම දෝෂයන් පැවතීමෙන් කායික අවශ්‍යතාවයන් මත දෙවැනි තුන්වැනි විවාහයන්ට යෑමට සිදුවේද යන්න ගැන බැලීම වැදගත් වේ. දෙදෙනාගේම ආයුෂ ගැන බැලීම වටී. විවාහ වී වසර 4 කින් 5 කින් එක් අයෙකු මියගියහොත් කනවැන්දුම් වේ. එය ඉතාම බරපතල තත්ත්වයකි. එවැනි දෑ පොරොන්දමට වැදගත් වේ.

කේන්ද්‍ර දෙකේ රවි, සඳු සමානව හෝ රවි මාරුකරගෙන සිටීම යහපත් ය. කුජ ශුක්‍ර දෙදෙනා ද සමඟ හෝ රාශි මාරුකරගෙන සිටීමත් යහපත් ය. කේන්ද්‍රවල කාල සර්ප යෝගය කේමදෘම යෝගය සහ අසුබ පරිවර්තන යෝග සහ අසුබ පරිවර්තන ග්‍රහයෝග විමසා බැලිය යුතු වේ.

ඒවායින් යුග දිවියට බාධා ගෙන දේවි. රාහු කුමන අයුරකින් හත් වැන්නේ සිටියත් යුග දිවියට එතරම් සුබ ඵල ගෙන නොදේ. පංච ග්‍රහයෝග, ධර්ම කර්මාධිපති යෝග නිසා විවාහයෙන දියුණුව ලබයි. යහපත් වාසනාවන්ත දරුවන් ලබයි. කේන්ද්‍රයේ හත් වැන්නේ රවි, කුජ, රාහු, ශනි සිටී නම් අනික් කේන්ද්‍රයේ ද එම ග්‍රහයින් සිටීම සුබයි. විෂෙන් විෂ නසී, සුබයින්ගේ සිටීමද එසේ ය.

පරිගණකය හරහා මේ පිළිබඳ ගැඹුරින් නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබේ ද? කොතරම් දුරට හොඳටම ගළපා විවාහ වූවත් තම තමන්ගේ පෙර කරන ලද භව කර්මයන්ගේ විපාකයන් හරහා ද විඳිය යුතු බැව් අප සිතිය යුතු බැව් සිතිය යුතු යි.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු

හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.