ඡ්‍යොතිෂ විමසුමට අනුව වාසනාවන්ත දරුවකු බිහිකරන්නට නම්...

අගෝස්තු 13, 2021

ඍෂි භාෂිතය අනුව හා ඡ්‍යෝතිෂ විද්‍යාවේ මූලාශ්‍රීය පදනම මත දාරක සම්පත පිළිබඳව ඇවතුම් පැවතුම් රාශියක්ම ප්‍රකාශ කර තිබේ. කාන්තා ඔසප් චක්‍රය අනුව ඒ ඒ දිනවලදී සහ සබඳතාවය අනුව දාරක සම්පත් ලැබීමේ වාසනාව උදාවේ.

 

ඔසප් චක්‍රයේ අනුපිළිවෙලින් 8 වැනි දිනයේදී වාසනාවන්ත පුතෙක් ද 9 වැනි දිනයේදී බුද්ධිමත් වාසනාවන්ත සම්පත් හිමි අයෙක් ද වේ. 10 දිනයේදී ප්‍රකට පුද්ගලයෙක් වන අතර රාජ්‍ය තනතුරු දරයි. 11 වැනි දිනයේ දුවෙක් විය හැක තරමක අයහපත් තත්ත්වයක් උද්ගත වේ. 12 වාසනාව හිමි පුතෙක් වන බැව් දැක්විය හැක. 13 දින රූමත් දියණියක් වේ. තරමක් චරිතයට එතරම් සුබවාදී නැත. 14 දින ඉතාම වාසනාවන්ත ප්‍රකට බලවත් චරිතයක් හිමිවේ. 15 බොහෝ සම්පත් ලැබෙන බුද්ධිමත් දියණියක් වේ. 16 දින උසස් ඉගනීමක් ලබා රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තලයට පිවිසේ. ඔසප් දිනයේ සිට හයවැනි දිනයේ පටන් අඹුසැමි ඇසුර පැවැත්විය හැකිය.

පැරණි කාලයේ මගුල් හා මුළු රැයම ඉතාම සුබ ප්‍රශස්ත නැකත් දිනයක් තෝරාගන්නේ මෙවැනි වාසනාවන්ත දරූ උපතක් හිමිවීමේ ප්‍රතිඵලය ධනාත්මක වීමටයි. ගැබ් ගත් කල ආහාර පාලනය කර ගන්න. හිතෙන හිතෙන අන්දමට සෑම වෙලාවකම ආහාරපාන ගන්න එපා. තෙල් අධික තම්බපු රෝස් කළ මස් වර්ග අමු බිත්තර ගැනීම අයහපත්. එළවළු, පලතුරු ගන්න. පොත් පත් කියවන්න. කලාත්ම චිත්‍රපට නරඹන්න. ගුවන් විදුලි රූපවාහිනී නරඹන්න අමරදේව ශූරීන්ගේ සංගීතයටත් රවිශංකර් ශූරීන් ගේ සිතාර් වාදනයටත් සවන් දෙන්න. මානසිකව කායිකව සතුටෙන් ඉන්න. අධික ලෙස මහන්සි වන්න එපා. විවේකය අවශ්‍ය වේ. වැඩිපුර සිනහ වුණාට වැඩිපුර නිදාගන්නත් එපා. රාත්‍රියේ නිදි නොමරන්න.

පැරණි කාලයේ ළිඳෙන් වතුර ඇදීම වතුර කළය උකුලේ තබාගෙන යෑම මිරිස්, කුරක්කන් ඇඹරීම , වී කෙටීම, පෙලීම, ආදිය කළේ කුසේ සිටින දරුවාගේ ශාරීරික වැඩීමට උපකාරක වන බැවිනි.

මිථ්‍යා මතවලින් වළකින්න. බුද්ධිමත්ව වැඩ කරන්න. මළ ගෙවල් වලට යන්නේ නම් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. කුස තුළ සිටින දරුවාගේ පෙර පාසලද එකී කුසයි. ගැබ තුළ සිටින කාල පරාසය තුළ බාහිරින් උගත යුතු සියලු දේ උකහා ගනී. හොඳ මෙන්ම නරකද ඉගෙන ගනී. බාහිර ශබ්ද තරංග හොඳින් ඇසේ.

උසස් සංගීත රාවයට දරුවා සවන් යොමුකරයි. පිරිත් හඬ , නෙළුම් කවි , පාරුකවි, පතල් කවි, හේන්කවි නෙළුම් කවි, කමත් කවි, ආදි ජනකවි ගායනයට දරුවකුට සවන් දීමට සලස්වන්නේ නම් දරුවා උපතින්ම සෞන්දර්ය වාදී උසස් කලාකරුවකු වනු ඇත. ආයු වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච මහා සම්පත්තියම හිමි දරුවෙකු සෑදිය යුත්තේ බාරකාරත්ව හිමිවන්නේද මවටයි. දරුවා ගැබ තුළ මනාව සෑදීමට යත්න දරන්න. උපන්නාට පසු දරුවා හදන්නට යෑම හරියට නිවුන යකඩ හෝ වානේ කැබැල්ලකට මිටි පහර ගසනවා වැනිය.

ලෝහය රත්වූ මොහොතේම යකඩ හෝ වානේ කැබැල්ල මිටියෙන් හොඳින් තලා තමාට අවශ්‍ය ආයුධය කිණිහිර උඩින් සකසා ගත හැක.

විවාහයත් ඊට පසු ඇතිවන ගැබ් ගැනීමත් පිළිබඳව විද්‍යාත්මක සොයා බැලීම්වලදී දාරක සම්පත් පිළිබඳ විවිධ මතිමතාන්තර ගොඩ නැගී තිබේ. මෙහි මිථ්‍යා මතද පැතිර පවතී.

ශුක්‍රාණු හා ඩිම්බ සංයෝගයෙන් බීජමය කළලය ආශි‍්‍රතව පෙර කරන ලද කුසලාකුසල කර්ම විපාකයන්ට අනුකූලව උපදින දරුවාගේ දෙඅත්ලේ සනිටුහන් වන රේඛා උපන් මොහොතේදී සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාවටත් වඩා නිවැරදි දත්ත රැසක්ම අඩංගුවී ඇති බවත් මුළු ජීවන තොරතුරු උපන් දා සිට මිය යන තෙක්ම සනිටුහන් වී තිබෙන බැව් හස්ත රේඛා පර්යේෂණවලින් හෙළි වී ඇත්තේය.

උපන් වේලාව නිවැරදිනම් කෙන්ද්‍රයේ ග්‍රහ සටහන් නිවැරදිය උපන් වේලාව වැරදි නම් දින ග්‍රහ සටහන සම්පූර්ණයෙන්ම වැරදි වන්නේය. දරුවාගේ අත් දෙකෙහි ධනාත්මක රේඛා සටහන සනිටුහන් වීමට ද මූලික කරුණක් වන්නේ මවගේ ධනාත්මක සුබවාදී සිතුවිලි ජාලයයි.

ජානරෝග හා වසංගත රෝග ඇත්නම් ඒ කාලය තුළ ගැබ් ගැනීම අයහපත්ය. වසර 30 - 35 න් පසු සරු බීජ අඩුවිය හැක. පුරුෂයාගේ සරු බීජ අඩුනම් ගැටලු ඇතිවේ. ඒ ගැන සොයා බලන්න. දරුවකු ලැබීමට වයස 35න් පෙර නම් වඩා යහපත්ය.

කෘත්‍රීම ආහාරපානවලින් වලකින්න. දේශීය ඖෂධ ලබා ගැනීම වඩාත් සුබයි. වයිරස් රෝගීන් ගෙන් ඈත් වී ඉන්න. දිගු වේලාවක් වාඩි වී ඉදීම අයහපත්ය. ආහාර ගන්නා විට ප්‍රමාණයකට ආහාර ගෙන වතුර පානය වැඩිකර ගන්න. බිරිඳ ගැබ්ගෙන සිටින අවදියේදී දෙදෙනා අතර සුහදශීලිව ඇසුරු කිරීම සුබදායකයි.

දරුවා බිහිවන්න ආසන්න කාලය තුළම දෙදෙනා අතර සහ සංවාදය හිතකර වේ. එය අයහපත් නොවේ. උපක්‍රමශීලිව ක්‍රියාකළ යුතුවේ. ශුක්‍රාණුවල ඇති එක් හෝමෝනයක් නිසා දරුවා බිහිවෙන මාර්ගය මොලොක් සිනිඳු දියරයකින් යුක්තවීම උපදින දරුවාට ඉතාම පහසුවක්. එය විද්‍යාත්මකයි. හතර සහ හයවන මාසවලදී ඇසුරු ඉතාමත්ම කලාත්මක විය යුතුවේ.

අලුයම් කාලය ඉතාම ධනාත්මක බැව් ඍෂිවරු ද පවසා තිබේ. ගැබිණි කාලයේදී මාස 7 දී ඔබේ පියයුරු පුඩු ඇඟිලිවලින් හොඳින් පිරිමදින්න. දරුවාට කිරි උරා බීමට පහසු වනසේ පියයුරුවල ලොකු කුඩා බව එයට අවශ්‍ය නැත. වෛද්‍ය පරීක්ෂණවලට නැඹුරුවන්න.

සුව පහසු ලිහිල් ඇඳුම් වලින් සැරසෙන්න. දිනකට ජලය ලීටර් දෙකක් පමණ පානය කරන්න. එවිට දරුවාට ජලබෑගයේ පිහිනීමට පහසුයි. ඌෂ්ණ ආහාරපාන ගන්න එපා. අධික ශීතල ආහාර පාන ද අහිතකරයි. ගින්දර අසල වැඩිකාලයක් නොසිටින්න. ගෑස් කුකර් ළඟ වැඩි වේලාවක් ගත නොකරන්න. සැමවිට සිනාසී වැඩ කරන්න. සතුටු සිතින් ඉන්න. ක්‍රෝධ කරන්න එපා.

මවගේ ඇවතුම් පැවතුම් සිතුම් පැතුම් ඉතාම යහපත් සුසංයෝගී ධනාත්මක නම් කුසේ සිටින දරුවා පංච මහා සම්පත්තියම හිමි දරුවෙකු වනු නිසැකයි.

එක්තරා මාළු විකුණන කාන්තාවකට ලැබුනු දරුවාගේ මුඛය මාළුවෙකුගේ කටේ හැඩය ලැබී තිබුණු බැව් එක්තරා ප්‍රවෘත්තියකි.

කහ හොඳ නම් අඹරන ගල මක් වේද?

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.