ඔබ වරදට පොළඹවන කාම නිල

ඔක්තෝබර් 15, 2021

ශරීරයේ නිල ගැන ආයුර්වේදයේ පැහැදිලි කරනවා. ඒ මරුනිලයි. ඒ වගේම කාමනිල ගැන ඡ්‍යොතිෂයේ පැහැදිලි කරනවා. නමුත් බොහෝ ඡ්‍යොතිර්වේදීන් මේ නිල වර්ග ගැන අවබෝධයක් නැහැ. අඩුම තරමින් කෙහෙද තිබෙන්නේ කොහොමද ක්‍රියා කරන්නේ කියල දන්නේ නැහැ. නමුත් අප හැමදෙනාටම මේ ගැන සරල දැනුමක් තිබුණොත් තමයි හොඳ. එතකොට ඔබට සමහර කරදරවලින් මිදෙන්න පුළුවන්.

 

මනුෂ්‍ය ශරීරය එක එක කොටස්වලින් යුක්ත වස්තුවක් බවත් මේ එක එක කොටස් කෑලිවලට වෙන් කළොත් ශරීරයක් නැති බවත් දන්නවනේ. මේ න්‍යාය පත්‍රය අපට වඩා ධ්‍යානලාභි හෝ ධ්‍යාන අපේක්ෂිත යෝගාවචරයා දැනුවත්. නමුත් මේ ශරීරය බැඳුම් ගතිය කියන හැම කොටසක්ම එකින් එක වෙන්කරන්න බැරි ඒවත් තිබෙනවා.

 

සියලුම දේ තාවකාලිකයි. අවසන් ගමන් යනදිනයට මේ එකක්වත් අරගෙන යන්නෙ නැති බව කසාවත් පොරෝගත් හාමුදුරුවරු අපට උගන්වල තිබෙනවා. එහෙම වුණාට වැඩි දෙනෙක්ම සුඛෝපභෝගි රථවාහනවලින් වටිනා සිවුරු පොරොවගෙන අපේ බණ දේශනාවලට ඇවිල්ල අපට අතහරින්න කියලා මොරදෙනවා.

මිනිස් ශරීරයේ නිල ගැන ආයුර්වේදයේ පැහැදිලි කරනවා. ඒ මරුනිලයි. ඒ වගේම කාමනිල ගැන ඡ්‍යොතිෂයේ පැහැදිලි කරනවා. නමුත් බොහෝ ඡ්‍යොතිර්වේදීන් මේ නිල වර්ග ගැන අවබෝධයක් නැහැ. අඩුම තරමින් කොහෙද තිබෙන්නේ කොහොමද ක්‍රියා කරන්නේ කියල දන්නේ නැහැ. නමුත් අප හැමදෙනාටම මේ ගැන සරල දැනුමක් තිබුණොත් තමයි හොඳ. එතකොට ඔබට සමහර කරදරවලින් මිදෙන්න පුළුවන්. මේ කාම නිලයක් ක්‍රියාත්මක වුණාම ඔබ නොදැනුවත්වම ක්‍රියාශීලී කළබල වන එක නම් ස්ථිරයි.

ඉන්දියාවේ ටික කලකට පෙර ඉතා වේගයෙන් අලෙවි වූ පොතක් තමයි කාම සුත්ත කියලා කිව්වේ. ඒ පොත මම දන්නා තරමට භාෂා කීපයකින් මුද්‍රණය කරලයි තිබුණේ. ඒ පොත කවදා හරි ඔබට ලැබුණොත් කියවන්න. ශරීරයේ කාම නිල ගැන පැහැදිලි වැටහීමක් ලැබේවි. ඒකෙ විස්තර කරන්නේ එක්තරා පොහොසත් ගැහැනියකගෙන් දුප්පත් සපත්තු මහන්නෙකුගෙත් බලාපොරොත්තු රහිත වෙනසක්. මේ ළඟකදී එ කිව්වේ තෙවන මුද්‍රණය 2012 වූ වාත්ස්‍යානගේ කාම සූත්‍රය පොතේ එච්චර පැහැදිලි කර නැහැ.

අප දන්නවා අප වටා ග්‍රහ කිරණ ඉතා වේගයෙන් භ්‍රමනය වෙමින් නොපෙනෙන මෙහෙයක් කරනවා. වෙලාවකට වාසනාව, යහපත ගෙනෙනවා. වෙලාවකට අයහපත රෝග පීඩා ගෙනෙනවා. වරෙක පිස්සු හදනවා. වැඩ කෝටියයි. මේ ගැන වැඩි දැනුමක් නැති අය හිතන්නෙ කරුමෙට උරුමෙට වන ඒවා කියලා. බෞද්ධ දර්ශනයේ සඳහන් වනව කරුමෙට සිදුවෙන ඒවා නැහැ කියලා. අපි කළ කුසල් අකුසල් අනුවත් බොහෝ දේවල් සිදුවනවා තමයි. ඒ වගේ දර්ශනයන් වැඩිදුර හිතන්න හොඳ නැහැ. අපි දන්නවා උමතු ඔල්මාද අය නිතරම තනියම කතා කරනවා. ඒක රෝගයක්. එම රෝගය පුරා තිථිය පවතින දින 14 දී ටිකක් උත්සන්න වනවා. ඒ කාලෙට වෛද්‍යවරු ඒ රෝගයට වැඩිපුර ඖෂධ දෙන්නෙ නැහැ. රෝගය උත්සන්න වන්නෙ සඳේ බලපෑම උඩ. රවි කිරණ සඳු කිරණ, අඟහරු කිරණ ශරීරයට අයහපත් විදියට පතිත වුණාම මේ රෝග උත්සන්න වීම සිදුවනවා තමයි. මේ කාලයට වැඩිපුර ස්නානය කළාම සීතල ආහාර ගත්තට රෝගය මර්දනය වනවා. රවි, අඟහරු උෂ්ණාධික ග්‍රහයෝ.

ඔබේ ආදරණීය පුතා දුවනිය පාසල් යන කාලේ පුංචි ප්‍රේම සබඳතා පටන් ගත්තා මතකද?ඔබ තරවටු කළා සමහර විට ගැහැව්වා. නැවතුණාද? ටිකක් කල් ගියාම නිකංම නතර වුණා. සමහර තරුණ වයස පසුකරල කසාදත් බැඳලා දරුවොත් ලැබුණම පසුවත්, වෙනත් ලියකට නැත්නම් පුරුෂයෙකුට හොරෙන් ආදරය කරනවා දැක තිබෙන වද වචනයෙන් කිව්වට ඇහැව්වද. එහෙම කළේ කරන්නෙ ස්වාමියා හෝ බිරිඳට ඇති අකාරුණාව නිසා නොවේ. ඒ කාමනිල විපර්යාස බව දැන සිටියාද? රවි, කුජ, සිකුරු මේ ක්‍රියාවට දක්ෂයි. හැබැයි නියමිත රාශිවල නවතින්න ඕනෑ. සමහර පොත් පත්වල මේවා සරාගි යෝග කියලත් සඳහන් වනවා. ඒ පාඩම් වලත් සුළුවෙන් විස්තර කරනවා. නමුත් කාමනිල කියන වචනයෙන් නොවේ. ඡ්‍යොතිෂයේ මේ විදියට ඔබේ කේන්දරයේ ග්‍රහයො පිහිටියාම නරක කල ඇවිල්ලා කියල යන්ත්‍ර දමනවා. ඒකත් වැරදි නැහැ. මේ කාමනිල ක්‍රියාත්මක වීමේ දී හොඳ නරක දෙකම සම සමව ඇතිවනවා.

තවත් එකක් තමයි අපගේ ශරීරයේ කලාව කියල එකක් පිහිටනවා. පුර තිථිය ආරම්භයේදී කලාව හිස කොටසේ පවතිනවා. එතැන් පටන් දෙපතුළ දක්වා අව තිථිය දක්වා වෙනස් වනවා. මේවා ස්පර්ශ කරන්න බැහැ. ක්‍රියාකාරිත්වය පමණයි. මේ ක්‍රියාකාරීත්වයට ශරීරයේ ලේ ගමනාගමනය නැත්නම් රුධිර ධාවනය බලපානවා. මේ නිල ශාස්ත්‍රය සඳහන් කරන පරිදි එය අවබෝධයෙන් කියවන විට කාමනිල, මරුනිල පටලවා ගන්න එපා. මේ නිල ක්‍රමය හා කලාව ටිකක වෙනසක් තිබෙනවා. ඔබ දන්නා කරුණක් තමයි සර්පයෝ දෂ්ට කළාම ශරීරයේ කලාව පිහිටීම මත විෂ ශරීරගතවන බව. ඒ ගැන විෂ වෛද්‍යවරුන්ට මනා දැනීමක් තිබෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වගේම වැඩිපුරම කාමනිල ක්‍රියාත්මක වන්නේ විශේෂ හේතුවක් නැත්නම් අවුරුදු අටෙන් පසුවයි. බොහෝ සෙයින් මව්පිය ආරේටත් යනවා. කන්‍යාවියකගේ ප්‍රථම මල්වරයත් එක්තරා අන්දමක කාමනිල උද්දීපනයක් නැකැතින් කරන්නේ. සර්වජන වශී වලින් කරන්නේත් එක්තරා විදියක කාම නිල අවධි කිරීමක්. ඒකට විශේෂ වූ යන්ත්‍ර දෙකක් තමයි මාතාංගේශ්වරිය හා කාම මාතාංගේෂ්වරිය. මං හිතන්ෙනි මේ නිල ක්‍රියාත්මක වීම ශරීරයේ ස්නායු සමඟ යමිකිසි සබඳකමක් ඇති කියලා. මරුනිල ස්ථාන වෙනස් වන්නේ නැහැ. ඒත් පවතින තත්ත්වයෙහි කිසියම් වෙනසක් තිබෙනවා කාම නිල ස්ථාන හැම මොහොතෙම වෙනස් වනවා.හිත පාලනය කර ගත්තොත් හොඳයි මොකද මේ කාමනිල ක්‍රියාත්මක වීමේ දී ඔබ අසරණ වනවා. ඔබේ තීරණ ඉක්මනින්ම වෙනස් වනවා. දයාබර බිරිඳ එහෙමත් නැත්නම් ස්වාමියා දරුවෝ, ඥාති පිරිස, ඔබේ තත්ත්වය මේ ඔක්කොම තාවකාලික අමතක වෙනවා. ඔබට යළි හොඳ සිහිය එනකොට සිදුවන දේ සිදුවෙලා ඉවරයි. සමහර විට ඊට මාසයක් දෙකක් වුණත් ගතවේවි. හොඳ පැත්තටත් එහෙමයි. කාම නිල ක්‍රියාත්මක වෙලා අද රටේ ඉතා යහපත්ව ජීවත්වන අය බොහෝයි.

 

පාරම්පරික ඡ්‍යොතිර්වේදී /

ගුප්ත ශාස්ත්‍රඥ

සම්මාන – සහතික ලාභි

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.