කාලයක් පවතින උදර වේදනාව

ඔක්තෝබර් 29, 2021

උදරවේදනාවට හේතුව තීරණය කිරීමට පෙර රෝගය පැවති කාලය, හටගන්නා ස්ථානය, පැතිරීම, දරුණුකම, ආහාර ගැනීම, ඖෂධ, මත්පැන් පානය, ඉරියව්ව, චලනය සහ මලපහ කිරීම යන කුමන කරුණක් නිසා ඇතිවේද? අඩුවේද? යන කරුණු සලකා බැලිය යුතු ය.

උදරයේ වේදනාව කාලයක් පැවතීමට හෝ වරින්වර හටගැනීමට හේතු රාශියක් ඇත. උදරයේ පිළිකාවක් හටගැනීම හෝ සැරවා ගෙඩියක් හටගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ය.

 

මහා ධමනියේ කලාතුරකින් ඇතිවන පිම්බීමක්, ලසිකා ග්‍රන්ථි විශාලවීම විෂාදය, කාංසාව, සුෂුම්නා තෙරපීම, උදරයේ මාංසපේශි වෙහෙසට පත්වීම, මධුමේහය, ඇඩිසන්ගේ රෝගය, ලේවල කැල්සියම් වැඩිවීම, ඊයම් විෂවීම, මත්පැන් පානය, රක්තානු විනාශවීම, ස්නායු පීඩා සහ ස්ටීරොයිඩ් ඖෂධ ගැනීමද වෙනත් හේතූන් වේ.

 

මෙම උදර වේදනාවට හේතුව තීරණය කිරීමට පෙර රෝගය පැවති කාලය, හටගන්නා ස්ථානය, පැතිරීම, දරුණුකම, ආහාර ගැනීම, ඖෂධ, මත්පැන් පානය, ඉරියව්ව, චලනය සහ මලපහ කිරීම යන කුමන කරුණක් නිසා ඇතිවේද? අඩුවේද? යන කරුණු සලකා බැලිය යුතු ය. වේදනාවේ ආකාරය තීව්‍රද? නොකඩවා පවතීද? රෝගියා රාත්‍රියට අවදි කරයිද? වරින්වර හටගනීද? දිගටම පවතීද? වේදනාව සමඟම වමනය ඇතිවේද? අරුචිය, මල පිටවීම හෝ නොවීම යන ලක්ෂණ පවතීද? රෝගියාගේ හැසිරීම, ගතිය මානසික තත්ත්වය කෙසේද? බර අඩුවීම, උණ, සෙංගමාලය හෝ නිරක්තිය පවතීද? යන කරුණු විමසිය යුතු ය. උදර පරීක්ෂාවේ දී ආමාශය, අන්ත්‍ර, අක්මාව, පලීහය සහ වකුගඩු යන ඉන්ද්‍රියයන්ගේ විකෘතියක් තිබේදැයි බැලිය යුතු ය. ගුද පරීක්ෂාව මෙහිදී අත්‍යවශ්‍ය වේ. එය සාමාන්‍ය නම් කොඳු ඇට පෙළ, සුෂුම්නාව, පෙනහළු සහ හෘද්වාහිනී ව්‍යුහාව වැනි වෙනත් ඉන්ද්‍රිය පරීක්ෂා කළ යුතු ය.

උදර ප්‍රදේශයේ වේදනාව ආහාර ගැනීම සමඟ සම්බන්ධ නම්, අරුචිය පවතී නම් ආමාශයේ හෝ ග්‍රහණියේ හෝ රෝගයකි. ආහාර ගත් විට උදරවේදනාව ඇතිවේ නම් ආමාශයේ ක්ෂත විය හැක. මෙම තත්ත්වය අන්නද්‍රවශූල යනුවෙන් ආයුර්වේදයේ සඳහන් ය. ආහාර ගෙන පැය බාගයකට පමණ පසුව උදර වේදනාව ඇතිවේ නම් ග්‍රහණික්ෂත හෙවත් පණිනාමශූල තත්ත්වයකි. මෙබඳු පීඩාවලදී ඡ්දජතධඵජධනර සහ උතබපචඵධභදඤ පරීක්ෂණ කළ යුතු ය. මල පිටවීම වෙනස් නම්, ගුදයෙන් ලේ යාම සහ ආහාර මාර්ගයේ අවරෝධයක් ඇත්නම් මහාන්ත්‍රයේ පීඩාවකි. මෙහිදී බේරියම් ඥදඥථච, ඵඪඨථධඪඤධඵජධනර ඛ්ධතධදධඵ ජධනර පරීක්ෂණ සිදු කෙරේ.

රුධිරනාලවල මේද තැන්පත් වී ඇති රෝගියකුගේ ආහාර ගැනීමෙන් පසු උදර වේදනාව ඇති වේ නම් එයට හේතුව උදරයේ ර්ඥඵඥදබපර කොටසට ලේ අඩුවීමකි. මෙවිට ර්ඥඵඥදබඥපඪජ ඒදඨඪධඨපචනඩර පරීක්ෂාව කළ යුතුය. නොකඩවා උදර වේදනාව පවතී නම් කුඩා අන්ත්‍රයේ හෝ මහාන්ත්‍රයේ පීඩාවක් දැයි බැලිය යුතු ය. තරුණ රෝගියකුට මල පහවූ පසු උදර වේදනාව අඩු වේ නම් මල පිටවීම වෙනස් වී බඩපිපීම ඇත්නම් ධ්පපඪබචඡතඥ ඕධඹඥත ඉරදඤපධථඥ රෝගය විය හැක. මෙහිදී රුධිර පරීක්ෂාවක් සහ ඉඪඨථධඪඤධඵජධනර පරීක්ෂාව කළ යුතුය. උදරයේ ඉහළ කොටසේ ඇතිවන වේදනාව තුනටියට පැතිරීම, බර අඩුවීම, මල බුරුල්ව යාම ඇත්නම් රෝගියා මත්පැන් පානය කරයි නම් අග්න්‍යාශයේ ප්‍රදාහයක් හෝ පිළකාවක් විය හැක. මෙහිදී උ ඉ ඉජචද හෝ ඛ්ඊ ඉජචද හෝ අග්න්‍යාශ ක්‍රියා පරීක්ෂාවක් කළ යුතු ය. දෑලවර වේදනාව වරින් වර හට ගනිමින් පසු පසට පැතිරීම සහ මූත්‍ර පිට වීම වෙනස් වීම ඇත්නම්, වකුගඩු හෝ මූත්‍ර නාලවල අශ්මරී (ගල්) ඇත. මෙවිට උ ඉ ඉජචද සහ ධ්ඍ උපධඨපචනඩර කළ යුතු ය. මානසික ව්‍යාකූලතාවයක් තිබුණ රෝගියකුට කරන ලද පරීක්ෂණවලින් කිසිදු රෝග තත්ත්වයක් නොපෙන්වයි නම් එය මානසික බලපෑමකි. නමුත් උදර වේදනාව දිගටම පවතී නම් ආමාශය අග්න්‍යාශය අක්මාව හෝ මහාන්ත්‍රයට පිළිකාවක පැතිරීමක් හෝ අග්න්‍යාශ ප්‍රදාහය හෝ උදරයේ විදුධියක් (චඡඵජඥඵඵ) විය හැක. රෝගීන් ටික දෙනෙකුට පරීක්ෂණ මඟින් කිසිදු රෝගයක් නොපෙන්වයි නම් වේදනාව ශමනය කරන ඖෂධ යොදනු ලැබේ.

 

වෛද්‍යශූරී වෛද්‍ය විශාරද

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.