නිවැරැදි ඡ්‍යොතිෂ කරුණූු ‍පිළිපදිමු

ජනවාරි 14, 2022

ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය කිව්වේ වැඩිපුරම අප වටා වේගයෙන් භ්‍රමනය වන තරු ග්‍රහලෝක වැනි සංකීර්ණ වස්තුන්ගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල මනුෂ්‍යයාට හා විශ්වයට බලපාන්නෙ කෙසේද යන්න දැනගැනීම හා දැනගැන්වීමේ විෂයයයි. ඒ ගැන නිවැරදි වූ ක්‍රියාකාරිත්වය දැනගැනීම ඕනෑම ඡ්‍යොතිෂඥයකුගේ යුතුකමයි. ඒ අනුව මනුෂ්‍යයා හැඩගැස්වීමෙන් නිවැරදි යහපත් ප්‍රතිඵල ගැනීම අපේ පරම අභිලාෂය විය යුතුයි.

 

අප ජීවත්වන විශ්වය තුළ සෑම ජීවියකුගේ ජීවත්වීම පැවැත්ම සඳහා කිසියම් ශක්තියක් අවශ්‍ය කරනවා. ඒක අපට ලැබෙන්නෙ විශ්ව ශක්තියෙන් බව පුරාණ මිනිහා දැන සිටියා. විශ්ව ශක්තිය නැත්නම් ජීවයක් නැති බව. ඒක නිසාම එහි වැඩිදුර සොයන්න මිනිහා පෙළඹුණා. ලංකාවේ ඉන්දියාවේ නම් ඒ ශක්තිය ගැන පරීක්ෂණ කරනවා හරි අඩුයි. නොකරනවා නෙමෙයි නමුත් ඇමරිකාව වැනි රටවල් වල මෙම පරීක්ෂණ ඉතා බහුලව කරනවා. මෑතක් වනතුරු අඩුම තරමින් අපේ මිනිසුන් පෘතුවිය භ්‍රමනය වනව කියල වත් දැන හිටියේ නැහැ. බොහොමයක්ම දැන හිටියේ පෘථිවිය වටා අන් ග්‍රහලෝක කැරකෙනව කියලා .දැන් මිනිසුන් දන්නවා. ඉර නැත්නම් සූර්යයා වටේ සියලුම ග්‍රහලෝක ඒ කිව්වේ පෘථිවියත් ඇතුළුව කැරකෙනව කියලා. ඒ පරීක්ෂණ නිසා. ලෝකය කිව්වේ ඉරහඳ ග්‍රහයෝ ,ගහකොළ, සතා සර්පයා, වාතය, ජලය, ගින්දර වැනි අත්‍යාවශ්‍ය දේවල් තිබෙන තැනක්. බුද්ධාගමේ ගැඹුරු තැන්වල මීටත් වඩා දේවල් තිබෙන තැන් පවා සඳහන් වනවා. ඒවා පියවි ඇසට නොපෙනෙන තරම් සියුම්. විශේෂයෙන් ඡ්‍යොතිෂයට හුදෙක් ආදරය කරන මිනිසුන් ස්වභාවධර්මයාට ආදරය කරන්නම ඕනෑ. ස්වභාව ධර්මයා නැතුව ජීවිතයක් නැහැ. එහෙනම් ඡ්‍යොතිෂයත් නැහැ. පුංචිම උදාහරණයක් තමයි මේ විශ්වය තුළ තිබෙන ගස්වැල් වලින් පිටකරන අම්ලකර වායුව නැත්නම් මිනිස් ජීවිතයක්ද නැහැ.

මේ ඡ්‍යොතිෂය මිනිහාට කොච්චර අවශ්‍යද කියල මිනිස්සු හිතන්නෙ නැහැ. හිතුණත් ගණන් ගන්නෙ නැහැ. මෙච්චර ඡ්‍යොතිෂයෙදි බොහෝ වැඩවලට ඡ්‍යොතිෂය උපයෝගි කරගන්නවා. අර්ථය තේරුම නොදන්නව වුණත් දවසේ රාහු කාලයට කවුරුවත් යහපත් වැඩ පටන්ගන්නෙ නැහැ. රාහු කාලය දවසේ පැය එකයි විනාඩි තිහක් තිබෙන බවත් ඒක දිනෙන් දිනට වෙනස් බවත් කියල දුන්නෙ නක්ෂත්‍රයෙන් නැත්නම් ඡ්‍යොතිෂයෙන්. යහපත් වැඩ කිරීමේදී දවසේ සුබ වේලාව, සඳු සිටින දිශාව මරු සිටින දිශාව කියල දුන්නෙ ඡ්‍යොතිෂයෙන් පමණයි. රටක් ගොඩගන්න ගොවියාට වී බොල්නොවන විදියට කුඹුරට වී ඉසීමත් ඒ කාලසීමාවන් කියල දුන්නෙත් ඡ්‍යොතිෂයෙන්. වී ගොවිතැන ක්‍රමයෙන් අභාවයට යද්දි ඡ්‍යොතිෂයත් ස්වල්ප වශයෙන් වුවත් අභාවයට ගියා.

ආදි කාලයේ සිට පවතින ඡ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රයෙන් ඔබට මට බොහෝ ප්‍රයෝජන ගත හැකි. අපි ඒවා නොදන්න නිසා ප්‍රයෝජනය ලැබෙන්නෙ නැහැ. අපට එදිනෙදා ප්‍රයෝජනය ගත හැකි සරල ඡ්‍යොතිෂ කරුණු ටිකක් ලියන්න හිතුණා. ඔබට සරල විදියට ප්‍රයෝජනය ගන්න පුළුවන්. එහෙම කරල ටිකකින්වත් ප්‍රයෝජන වුණාම ටිකක් ගැඹුරට ගිහිල්ලා ඡ්‍යොතිෂයෙන් ප්‍රයෝජන ගන්න . හැබැයි ටිකක් කම්මැලිකම නම් අතාරින්න ඕනෑ. මේවා මහලොකු වැඩ නොවේ. ඉතින් ඔබේ ගෙදරට නැත්නම් නිවසට උදේ පාන්දර ඉර උදාවන වෙලාවට හිරු කිරණ වැටීමට සලස්වන්න ඕනෑ. ඒක කරන්නෙ ඉස්සෙල්ලම දවසේ අළුයම අවදි උන විට ඉක්මණින්මයි. ඒ ඔබ කරන්නෙ නැගෙනහිර ක්ෂිජයෙන් එන කිරණ නිවස තුළට ඒමට සැලැස්සීමයි. ඔබ දන්නවා. අළුයම නිවස තුළට නැඟෙනහිර ක්ෂිතිජයෙන් හිරු කිරණ එනව කියන්නෙ සිව් ත්‍රිකෝණයෙන් “ධර්ම” ත්‍රිකෝණයට අයත් 1,5,9 විවෘත වුණා කියන එකයි. ඔබ දන්නවනේ ඡ්‍යොතිෂයේ ත්‍රිකෝණ හතර. මේවා පෙරදිගින් වැටෙන බලවත් කෝණ දෘෂ්ටි. පුරුද්දක් වශයෙන් මෙම කිරණ නිවසකට වැටුණාම, ධර්ම ත්‍රිකෝණයෙන් ලැබෙන සියලුම සුබපල ඒ නිවසට ලැබෙනව. ඔන්න නිවැරදි ඡ්‍යොතිෂයෙන් එක දියුණුවක්.

ඊළඟට කියන්නම් කෝ නැකැත කොහොම ද ක්‍රියාකරවන්නෙ කියලා. මේකත් පළමු කී වගේම ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් එකක්. ඔබගේ ජන්ම පත්‍රයත් අරගෙන ඡ්‍යොතිෂ මාමා ළඟට ගිහිල්ල නැකැතක් ගන්න. එතකොට ඒ මහත්මයා ඔබේ නැකැතට සුදුසු දිනයක පුර තිථිය පවතින දිනයක, ඔබේ පක්ෂියා අවශ්‍ය කාරණයට අවශ්‍ය ගමනක් යන වෙලාවක්, රාහු කාලය හා යම කාලය හැර දේවි. ඔබ අහගන්න ඕනෑ. ඒ දෙන සුබවේලාව කොච්චර වේලාවක් තුළද පවතින්නෙ කියා. ඊට පසු ඒ කිව් වේලාවට කිව් දිශාව බලා පිටත්වන්න. ඔබ ඒ පිටත් වු වේලාවට ගෙදරින් පිටව ගොස් අවශ්‍ය කාරනය උදෙසාම මුහුණ දෙන්න ඕනෑ. සමහර විට තව වේලාව තිබෙනව කියල කඩේකට වත්, බැංකුවකට වත් ගියොත් නැකැත කැඩෙනවා. ඊට පසු කිසිම ගුණයක් දෙන්නෙ නැහැ. ඊට පසු නැකැත දුන් කෙනාට බනින්ට එපා. වරද කළේ ඔබ. නැකැතක් දුන්නට මදි ගත්තට මදි. නිවැරදිව ක්‍රියාකරවන්න ඕනෑ. අපි හිතමු. ඔබේ නැකැත ලැබුණේ ඔබේ පක්ෂියා රජ වන වේලාවට කියල. වෙලාව වැඩියි කියල අතර මග රැඳුණොත් ඔබ ඔබේ අවශ්‍ය කාරනයට මුහුණ දෙන්නේ ඔබේ පක්ෂියා නිදි හෝ මරණ වේලාවට නැත්නම් යාමයට වන්ට පුළුවන්. එහෙම වුවහොත් ඔබට අත්වන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. එහෙම වුණ අය බොහොමයක් මට මුණගැහිල තිබෙනවා. ඒ හැම දෙනාම නැකැත දුන් ඡ්‍යොතිෂ මහත්මයාට බැන වැදුණා මිස තමුන්ගේ වරද අවබෝධ කරගත්තෙ නැහැ. එනිසා ඔබ එහෙම කරන්න එපා. නියම නැකැත ගෙන ඒ අයුරින්ම ක්‍රියා කර යහපත හා දියුණුව ලබන්න අනික තමයි වැඩිපුරම බ්‍රහස්පතින්ද දිනවලට සඳු ඉන්නෙත් දකුණු දිශාවේ මරු ඉන්නෙත් දකුණු දිශාවේ. එතකොට ටිකක් කල්පනා කරල ඡ්‍යොතිෂ මහත්මයා සමඟ සාකච්ඡා කරල නිවැරදි දිශාව ගන්න. මොකද නැකැත ගන්න කොට දන්නවනේ “මරුට පිටුපාලා සඳුට මුහුණ දීලා “ කියන නියමය. අන්න ඒක ක්‍රියාත්මක කරන්න.මේ නැකැතක් ගැනීම ලෙහෙසි නැහැ. මොකද වැරදුණොත් නිකං ඉන්නත් බැරිවනවා. රාහු කාලය අත හැරියට “යම දෙවි ගමන් විලාසය” ගැන අවබෝධයක් නැහැ. ඒකත් හරියට බ්‍රහස්පතින්දට දිශාව ගන්නව වගේ වැඩක්. පංච පක්ෂි එක යාමයකට සීමා කරල තිබෙන්නේ පැය 2 යි විනාඩි 24 යි එය ඉංගී‍්‍රසි පැය හොඳේ. සිංහල පැය ක්‍රමයට හරවගන්න අවශ්‍ය නම් දන්නවනේ. තව පුංචි දෙයක් කියන්න ඕනෑ. නැකැත කිව්වේ අපේ වචනයෙන් කිව්වොත් ‘තිතට වැඩ” කියන එක දන්නවනේ මේ හැම එකක්ම ගන්නෙ දවසේ සූර්ය උදාවෙන් බව. ඔය ලිතේ තිබෙන සූර්ය උදාවට අරගෙන බැහැ හොඳේ. දිශාවෙන් දිශාවට පළාතෙත් පළාතට ඔබ සූර්ය උදාව වෙනස් බවත් දැනගන්න ඕනෑ. විශේෂයෙන් පෝරුවේ සිටුවීම් වලදි ටිකක් අපි කල්පනා වන්න ඕනෑ. විශේෂයෙන් හැමදාම කියන එකක් අදත් කියනවා. පොරොන්දම් හා නැකැත් ගැන නිපුන දැනුමක් ඒ කිව්වේ සාමාන්‍ය දැනුමක් නොවේ. හොඳ දැනුම් සම්භාරයක් නිපුණත්වයක් නැත්නම් ඒවා කරදෙන්න එපා. වැරදුණොත් ප්‍රතිඵලය ලැබෙන කොට ප්‍රමාදයි. නැවත නිවැරදි කරගන්න බැහැ. අපි පුංචි උදාහරණයක් ගනිමු. යම්කිසි කෙනෙක් නැකැතක් ගන්නවා ගෙයක් හදන්න හෝ පුංචි ව්‍යාපාරයක් අරඹන්න. ඉතින් ඒකට රත්රන් බඩු උගස් කරල, මුදලක් අරගෙන නැත්නම් ණය මුදලක් අරගෙන ඔබව විශ්වාස කර ගත් නැකැතට වැඩේ ආරම්භ කරනවා. කිසියම් හෝ කරුණකින් නැකත වැරදුණොත් ඒක නැකැත ගත් අයට අවබෝධ වන්නෙ මාස 3 කින් වත් අඩුම ගානෙ ගියාට පසුවයි. එතකොට ඔවුන් ගොඩක් ප්‍රමාදයි. ඒ අය දුක් වුණාට නැකැත දුන් අයට බැන්නට ණය ගෙවීම නවත්වන්න බැහැ. මානසික වැටීම නවත්වන්න බැහැ. එනිසා පොරොන්දම් බැලීම හා නැකැත්දීම ඉතාම කල්පනාවෙන් කරදෙමු. එතකොට ඒ අය ඡ්‍යොතිෂයට පින්දේවි. ඡ්‍යොතිෂ නිසා දියුණුවේවි. ඡ්‍යොතිෂයත් බැබලේවි.

 

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.