ජ්‍යොතිෂයට අනුව සරු අස්වැන්නක් සඳහා

පෙබරවාරි 25, 2022

 

කෘෂිකර්මාන්තය ලෝකයේ ඕනෑම රටකට අත්‍යවශ්‍යම කර්මාන්තයකි. කිසියම් රටක් කුමන දෙයකින් හෝ ඉදිරියෙන් සිටිනවා. මේ කුමන දෙයකින් කිසියම්ම දියුණුවක් ලැබුවත් ඉදිරියෙන්ම සිටින්නේ වගා සංග්‍රාමය කරන රටවල් පමණයි. කුමන දේවල් මිනිහා අත්හදා බැලුවත් කුමන අයුරින් පරීක්ෂණ කළත් ඒ සැමදෙනම ආහාරයෙන් ජීවත්වන අය වන්නේමය. සියලුම සත්වයන්ට ආහාර අත්‍යවශ්‍යමය. එම නිසා ඕනෑම රටක් කුමන හෝ ව්‍යාපාර කර්මාන්ත දියුණුව ලැබුවද කෘෂිකර්මයෙන් කිසියම් හෝ දියුණුවක් ලැබිය යුතුම ය.

එනම් එම රටේ කිසියම් හෝ ප්‍රදේශයක, ස්ථානයක කෘෂිකර්මය පවත්වාගෙන යා යුතුමය. කෘෂිකර්මාන්තයේ වටිනාකම නියමාකාරයෙන් දත් පැරණි අය මේ ගැන හොඳින් දැනගත් නිසා කෘෂිකර්මාන්තයෙන් රට පෝෂණය කෙරිණ. යම් ප්‍රදේශයක වැව හා දාගැබ දම්වැලක පුරුකක් මෙනි. නිසරු බිමක් එළි පෙහළි කර එතැන තිබූ පස් කපා එතැනම දාගැබ ඉදි කෙරිණ. එවිටම ඉබේටම වර්ෂාවට වතුර පිරි වැවක් නිර්මාණය විය. එම වැවේ වතුරින් අවට කෘෂි කර්මාන්තය දියුණු විය. එතැනින් සැපයූ බතින් ගැමියා පෝෂණය විය. ක්‍රමයෙන් කෘෂිකර්මාන්තයට යොමු වූ ගොවියා එළවළු අල, බතල වැවීමට වැඩි කලක් ගත නොවීය. දාගැබ ඉදිකිරීමෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය අවසන් වූයේ දැහැමි සමාජයක් සම්පූර්ණ කිරීමෙනි. ඒ අවශ්‍ය කෘෂි දැනුම තිබුණ නිසාමය.

තවද වැඩි දෙනෙක් බතින් සහලින් රට පෝෂණය කරද්දී අනිකුත් දෙනා අල, බතල, පොල්, රබර් වෙනස් වූ දිනවල සමහරු පෙරවරුවේ සමහරු පස්වරුවේ වවා ලාභ ලබන ව්‍යාපෘති ආරම්භ කළහ. ආරම්භයේ දී අවබෝධයට ලක් නොවුවද අල, බතල වැනි පල නෙළීම එක දිනයක ද, ගෙඩි ලබන ශාක වැවීම වෙනත් දිනයකද, කඳින් පල නෙලන ශාක තවත් දිනයකද කළේ එකල ගොවියා ග්‍රහ දෙව් දින දැනගෙන හිටි බව දැන් නොරහසකි. එම කරුණු ගැන හොඳින් විපරම් කිරීමේ දී එක එක භෝග ලබන වෙනත් ශාක එකම දිනයේ නොවැවිය යුතු බවත් ඒ ඒ ශාක සිටුවීමට නියමිත දින ඇති බවත් අතීතයේ ගොවියා දැන සිටි බව නොරහසකි.

ගස්වැල් ආහාර නිෂ්පාදකයෝ ය. සතා මනුෂ්‍යයා ආහාර භක්ෂකයෝ ය. භක්ෂිකයන්ද වර්ග දෙකකි. එනම් මාංශ භක්ෂිකයෝ හා ශාක භක්ෂිකයෝ ය. දෙවර්ගයම ආහාර සඳහා බොහෝ දේ ගනු ලබයි. එසේම ශාක නිෂ්පාදකයන්ද පස්වැදෑරුම් වේ. එනිසා කෘෂිකර්මාන්තයේදී මේ සම්බන්ධව වැඩිදුර අවබෝධය ලැබිය යුතුමය.

කෘෂිකාර්මික රටක් වන ලංකාව වර්ෂ 1948 සිට මේ දක්වාම දියුණුවෙමින් පැවතීම මන්දගාමීව යාම ගැන රටවැසියා වගකිව යුතුමය. රටේ පරිපාලන ව්‍යුහය දේශපාලනය කළා මුත් දියුණුවේ වගකීම පැවරෙන්නේ ඒ රටේ වෙසෙන ජනතාවටය. මෙහිදී ඔවුන්ගේ ආගම, ජාතිය, කුලය හෝ දේශපාලනය හෝ එම දර්ශනය හුදෙක් අවශ්‍ය නැත. පුරාණ කාලයේ සහල් සහ අතුරු භෝග අපි පිටරට යැව් අය වෙමු. හුදෙක පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් විරුදාවලිය ලැබූ අය වෙමු. අපේ පැරණි මී මුත්තෝ සහල්ම නොවන සේ කොළ වලින් ප්‍රතිඵල ගන්නා තේ වලින් ද, කඳන්වලින් ප්‍රතිඵල ගන්නා රබර් හා ගෙඩිවලින් ප්‍රතිඵල ගන්නා පොල් අපනයනය කළහ. මෙසේ වර්ග කීපයක්ම අපනයනය කිරීමට හේතු සහගත කරුණු කීපයක් තිබූ බව නොරහසකි. එනම් කෘෂිකර්මයට අවශ්‍ය, කෘෂිකර්මයේ දියුණුවට ඉතා අවශ්‍ය වූ නිවැරැදි ඡ්‍යොතිෂය හුදෙක් මේ රටේ පැවැති හා අනුගමනය කළ බව පැහැදිලි ය. කෘෂිකර්මයට ඡ්‍යොතිෂයෙන් ගත හැකි කරුණු කාරණා අති මහත් ය. ඉන් බොහෝ ප්‍රයෝජනය ගත් බව වර්තමානයේ දී පැහැදිලි ය.

රටක කෘෂිකර්මාන්තය හුදෙක් දියුණු වන්නේ රවි - චන්ද්‍ර බලපෑම උඩය. පැළෑටියකට අත්‍යවශ්‍ය අම්ලකර අංගාරිකාම්ල වායුද ප්‍රභා සංස්ලේෂණය ද ඇති කරන්නේ මේ හිරු එළියෙනි. ප්‍රභාසංස්ලේෂණයට පැළෑටි හැඩගස්වන්නේ සඳු කිරණවලිනි. එනම් වගා සටනේ දී මේ සූර්ය චන්ද්‍ර පැවැත්ම ගැන තරමක් හෝ දුරට වටහාගත යුතුමය. ඒ අතරම අප ගන්නා ශාක ආහාර එනම් පැළෑටි සමහර ශාක මුල්වලින් ද, සමහර ශාක කොළවලින් ද, සමහර ශාක කඳින්ද, මල්වලින්ද, ගෙඩිවලින්ද සත්ත්වයා පෝෂණය කරන බවත් ඒවා එක එක දිනයන්ට විශේෂ වූ බවත් දැනගත යුතුමය. මේ අතර තුර මත්ස්‍ය සම්පත ද චන්ද්‍රයාගේ පැවැත්ම අනුව අඩු වැඩි වීමක් වේ.

ලෝකයේ පැවැත්ම ඇතිවන්නේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ වෙනස්වීම නිසා බව ඡ්‍යොතිෂය පෙන්වයි. අපි වවන හා ප්‍රයෝජනයට ගන්නා පොල් මූලික වශයෙන් ගෙඩි ලබා ගැනීම සඳහා වුවද, ගෙඩි පමණක්ම ප්‍රයෝජනයට නොගනී. ලංකාවේ පොල් ත්‍රිකෝණයේ එනම් කොළඹ, කුරුණෑගල, හලාවත වුවද මාරාවිල, මීගමුව වැනි පළාත්වල පොල් අතුවලින් වැඩි ප්‍රයෝජනයක් ගනී. එම නිසාම ගෙඩි සඳහා පොල් වවන අය සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි කළ යුතු අතර කොළ සඳහා ශාක වවන්නෝ අඟහරුවාදා හා සෙනසුරාදා තෝරාගත යුතුමය.

මේ අතර තුර කඳන් සඳහා ද සමහර ශාක වර්ධනය කරයි. රබර් වැනි ශාක ඊට නිදසුනයි. එනම් එවැනි ශාක වැවිය යුත්තේ සතියේ සඳුදා දිනවලයි. මේ අතරතුරම මුල්වලින් ද ප්‍රයෝජන ගන්නා ශාක ඇති බව නොරහසකි. ඖෂධ වර්ගයක් වන කලාඳුරු, මඤ්ඤොක්කා, බතල වැනි දෑ වගා කළ යුත්තේ සතියේ රවි දිනවල බව දැන ගැනීම වටී. වෙනත් දිනවලද වගා කළ මෙම ශාකයන වල පලදාව ලැබුවද මේ දිනවල පැළ කරන ශාක වැඩි පලයක් ලබා දේ. බොහෝ රටවල පොල් වගාව කෙරෙන්නේ ඉන් බොහෝ ප්‍රයෝජන ගත හැකි නිසාය. එනම් සතියේ හැම දිනම අවශ්‍ය දෑ ලැබීමය.

මල් සඳහා බුධ දින විශේෂයක් දක්වයි. ඉතාමත් පි‍්‍රයකරු දේවල් ඇති වන්නේ බුධ දිනවලදි බව අප දන්නා කරුණකි. නමුත් ආයුෂ කෙටිය. විශේෂයෙන් අලංකාර මල්වලින් ප්‍රයෝජනය ගන්නා ලංකාවේ අය වැඩිපුරම සීත ප්‍රදේශවල වවන්නේ දේශගුණය සමඟ ලස්සන පාට ගැනීමටය. මත්ස්‍ය ජීවිතයෙන් ජීවත්වන මිනිසාට මේ චන්ද්‍රයා ගැන මනා දැනුමක් ඇත. වඩදිය සහ බාදිය ඇති කරන්නේ ද මෙම චන්ද්‍රයා නිසා ඔවුන් එය මඟහැර මසුන් මැරීම කරයි. එපමණක්ද නොවේ. මුහුදේ වාරකං කාලයද නිසල කාලයද ඇති වන්නේ චන්ද්‍රයාගේ විපර්යාස නිසාය. මෙසේ රවි දිනවලට මුල් හා අලවලින් ප්‍රයෝජනය ගන්නා කෘෂිද, සඳු දින කඳන්වලින් ප්‍රයෝජනය ගන්නා ශාකද, අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජනය ගන්නා ශාකද, මල්වලින් ප්‍රයෝජනය ගන්නා ශාක බුධ දිනවලද, ගෙඩිවලින් ප්‍රයෝජනය ගන්නා ශාක බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වගාකළ යුතු බවත් එවිට ඉන් වැඩි අස්වැන්නක් ගතහැකි බවත් ඒ ඒ දිනවලට ඒ ඒ ග්‍රහයන්ගේ වැඩි බලපෑමක් ඇති බවත් කෘෂිකර්මාන්තයට අයත් අය දැනගත යුතුවනවා. කෘෂිකර්මාන්තය සමඟ වාරි කර්මාන්තයද අත්වැල් බැඳ ගත යුතුමය. මේ දෙකම එක් අයෙක් විසින් අධීක්ෂණය කිරීමෙන් වැඩි පහසු ප්‍රතිඵල ලබාගත හැකි ය.

කිසියම් හෝ රටක කෘෂි කර්මාන්තය සමඟ වාරි කර්මාන්තය අත්වැල් බැඳේ නම් මේ කිසිවක් ආනයනය කිරීමට අවශ්‍ය නැති බව ඡ්‍යොතිෂයේ සමහර තැන්වල හැඳින්වීමක් වශයෙන් පෙන්වා දෙයි. කෘෂිකර්මාන්තයට තාක්ෂණය සුළු පිටිවහලක් පමණි. ක්‍රියාව කඩිනම් කිරීම පමණි. විශේෂ තාක්ෂණය හා කෘෂි රසායනයෙන් සුපුරුදු අස්වැන්න සරු වුවත් පලදායි නොවන්නකි. පෝෂ්‍යදායී නොවන බව විද්වතුන්ගේ මතයයි. පුරාණ ගොවියාට ඡ්‍යොතිෂය ආයුර්වේදය සුළුවෙන් හෝ දැනුමක් තිබුණු බව නොරහසකි. කෘෂි කර්මාන්තයට මාසික තිථිය බලපානු ඇත. මල් ලබන ශාක පුර තිථියේ පුර කොටසහිද ගෙඩි අල ලබන ශාක අව තිථියේ අව කොටසහිද පොළෝ තලහි වැළලිය යුතු බව තවත් මතයකි.

මිනිහා විසින් දැනගත යුතු විශේෂ වුද අත්‍යවශ්‍ය වූද කරුණුය. එනම් කිසියම් හෝ රටක ස්වභාවධර්මයා විසින් ප්‍රදානය කරන ලද ශාක එනම් ගස්වැල්, ජලය, සමඟ කෘෂි කර්මාන්තය නැති වූ දිනයක මිනිස් ජීවිත ගැනද කිසිදු බලාපොරොත්තු තබාගත නොහැකි බවයි. එක එක වර්ගයන්ට අයත් එක එක ශාක වෙනස් වූ දිනයන්හි වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව විශේෂයෙන්ම දැනගත කරුණු වේ. පිටරටින් එනතෙක් සයුර දිහා බලා නොඉඳ කිසියම් හෝ කෘෂිකර්මාන්තයක් කිරීම අනිවාර්ය කිරීමෙන් රටකට කිසියම් හෝ දියුණුවක් ලබා ගත හැකි ය.

 

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.