මානසික රෝග ගැන මිථ්‍යා මත පිළිගන්න එපා

මාර්තු 11, 2022

තමාට ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තිය අඩු අවස්ථාවක කඩඉම් විභාගයකට මුහුණ දීමට සිදු වීම වැනි එවැනි අවස්ථාවක ඒ පිළිබඳ ව අඛණ්ඩ ව සිත ඉන් මිදීම නැතහොත් විභාගයට පෙනී නොසිටීමේ උපක්‍රමයක් ලෙස හිස්ටීරියා තත්ත්වය ඇති වේ.

 

මානසික රෝග පිළිබඳ අඩු දැනුම පදනම්කොට සිදුකරන මිථ්‍යා විශ්වාස ,ඇදහිලි නිසා රෝගියාද දැඩි අපහසුතාවයට පත් වේ.එපමණක් ද නොව රෝගියා පිළිබඳ භාරකරුවන් ද ,සමාජයට ද නිසි අවබෝධයක් නොමැති වීම තුළ තවත් රෝගය උත්සන්න වීමට හේතු විය හැකි ය.මානසික රෝග පිළිබඳ ව මේ සමාජය තුළ එතරම් අවබෝධයක් ඇත්නම් රෝගියා රැගෙන දේවාල කරා ගෙන යයි ද?මෙවැනි අවස්ථාවල නිවැසියන් සිහි කල්පනාකාරී විය යුතු ය.

 

මෙමගින් රෝගියාට නිසි ප්‍රතිකාරයක් නොලැබීම නිසා රෝගය උත්සන්න වේ.එමගින් රෝගියාට බලවත් අසාධාරණයක් සිදු වේ.මෙම අවස්ථාවේ දී රෝගියාගේ භාරකරුවන් කලබල විය යුතු නැත.බිය විය යුතු ද නැති වන අතර එසේ වූ විට රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාද වනු ඇත.මානසික රෝග පමණක් නොව කායික රෝග පිළිබඳ ව ද ජනතාව අවබෝධයෙන් සිටීම සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කිරීමට මහෝපකාරී වේ.

හිස්ටීරියා මායාත්මක රෝගය (ඩ්රඵබඥපඪච)

හිස්ටීරියා නියුරෝසි (ඩ්රඵබඥපඪච) මානසික ආබාධයකි. මෙය මායාත්මක මානසික රෝගයක් ලෙස හැඳීන් වේ.මෙම රෝගී තත්ත්වය අඩු පෞරුෂයක් හිමි ස්ත්‍රී ,පුරුෂ දෙපාර්ෂවයට ම ඇති වන නමුත් කාන්තාවන්ට වැළඳීමේ සම්භාවිතාව ඉතා ඉහළ ය.

යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිතේ පවතින ආශාවන් ඉටු කර ගැනීමට යාම තුළ ඇති වන මායාත්මක රෝගයකි.බොහෝදුරට මෙම රෝගය වැළඳුණ අය බොරුවක් කරන්නේ යැයි සමාජයේ මතයක් පවතී.

නමුත් ඔවුන් සැබැවින් ම රෝගීහු වෙති.මෙය අවබෝධ නොකර ගත් සමාජය තුළ ඔවුන්ට පහර දෙන අවස්ථා ද දක්නට ලැබේ.

මෙම රෝගයේ රෝග ලක්ෂණ

1 අත් පා දර දඬු වීම.

2 මතකය දුර්වල වීම.

3 අත පය හෝ යම් ශාරීරික කොටස්වල ගැස්ම ඇති වීම.

බොරු කීම.

4 හඬ නඟා කෑ ගැසීම.

5 නින්දෙන් ඇවිදීම.

6 අලුත් භාෂාවකින් කතා කිරීම.

7 තමාගේ යටි හිතේ ඇති බලාපොරොත්තු ඉටු කර ගත හැකි පරිදි ශරීරය හැසිරවීම.

8 උපක්‍රමශීලී බව හා තැනට අනුව කටයුතු කිරීම.

9 තමාගේ අපේක්ෂා ඉටු වන තැනට පරිසරය නිර්මාණය කිරීම.

10 වමනය හා ක්ලාන්තය.

හිස්ටීරියාව නම් මායාත්මක රෝගයේ ලක්ෂණ පවතින නමුත් මෙම ලක්ෂණ බොහොමයක් පෙන්නුම් කරනුයේ රෝගය ඉස්මතු වන හා වඩා හොඳීන් පෙනෙන අවස්ථාවල දී ය.මෙයට හේතුව වශයෙන් ගත් කල හිස්ටීරියා රෝගීන් බොහෝ විට සාමාන්‍ය තත්ත්වයෙන් පසු වීමයි.එකවර ඔවුන් ඒ සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීමක් පෙන්වයි.

තමාට ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තිය අඩු අවස්ථාවක කඩඉම් විභාගයකට මුහුණ දීමට සිදු වීම වැනි එවැනි අවස්ථාවක ඒ පිළිබඳ ව අඛණ්ඩ ව සිත ඉන් මිදීම නැතහොත් විභාගයට පෙනී නොසිටීමේ උපක්‍රමයක් ලෙස හිස්ටීරියා තත්ත්වය ඇති වේ.

තමාට යමක් අවශ්‍ය වූ විට එය ලබා ගැනීමට තැත් කිරීම .

උදා - පියාට අයිති වූ නිවසක හිමිකාරීත්වය ලබා ගැනීම.

මෙවැනි අවස්ථාවල ආවේශ වීම පවා දක්නට ලැබේ. තමන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ අවිඥානික උත්සාහයක යෙදෙන හිස්ටීරියා රෝගීන් එය ඉටු වූ පසු බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වේ.සමහර අය ජීවිතේ බොහොමයක් ආශාවන් අවශ්‍යතාවන් ,අන් අයගේ දියුණුව හා තමාගේ නොහැකියාව පිළිබඳ ව නිතර කල්පනා කරමින් සිටින අවස්ථාවක කොඩිවින ,හූනියම් විශ්වාස කරන පුද්ගලයින් මිථ්‍යා විශ්වාස පසු පස හඹා යයි.

ඒ සමඟ ම තමාගේ නොහැකියාට දුප්පත්කම හා අන් අයගේ දියුණුව ගැන සිතමින් උදේ ,දිවා ,රාත්‍රී කල්පනා කිරීම මත ආවේශ වීමක් වැනි තත්ත්වයක් ඇති වේ.තවද තමාගේ ප්‍රේම සම්බන්ධතාවයක දී එයට පවුලේ අය අකමැති වීමේ දී ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ආවේශ වීම හට ගනී.එම නිසා මෙම රෝගය අවස්ථානුකූල ව නොයෙක් හැඩතල මත ඉස්මතු විය හැකි බව පෙන්වා දිය හැක.පොදුවේ ගත් කල මෙම හිස්ටීරියා රෝගියාගේ අවිඥානගත මනසේ තිබූ යම් යම් ප්‍රායෝගික තලයේ දී ඉටු කර ගැනීමට යාමේ දී ඇති වන මායාත්මක රෝගී තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැක.

මෙම රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉතා වැදගත් ය.කෙසේ නමුත් ඔවුන්ගේ අපේක්ෂා ඉටු වීමත් සමඟ ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත්වීම බොහෝ දුරට සිදු වේ.තව ද

ඖෂධ ප්‍රතිකාර

ස්වාපන ප්‍රතිකාර

මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර හා උපදේශන

විද්‍යුත් කම්පන ප්‍රතිකාර වැනි ප්‍රතිකර්ම

මඟින් මෙම රෝගී තත්ත්වය සුව කළ හැක.

 

ආයුර්වේද වෛද්‍ය මනෝ චිකිත්සක හා මනෝ උපදේශිකා

එස් .ඒ .එස්. නිරෝෂනී නවරත්න

මහත්මිය සමඟ සාකච්ඡා කොට සකස් කළේ

 

මාදම්පේ සමූහ

ඒ.පී.ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.