ග්‍රහ ගමනේ රහස්

මාර්තු 18, 2022

 

නිවැරදිව පලාපල කීමට ගෝචර ඵල අවශ්‍ය වේ. හඳහන බලන දිනයේ කේන්ද්‍ර හිමියාගේ ලග්නයට එදින උදාව පවතින ග්‍රහ ගමන ගෝචර ගමන වේ. බොහෝ දෛවඥයින් මෙය පලාපල කථනයට උපයෝගි කරගනී.

 

රවි ගෝචර ඵල රවි ලග්නය ගමන

මෙම කාලය වඩා සාර්ථක කාලයක් නොවේ. සිතේ සතුට නැතිවේ. මානසික පීඩා වරින්වර ඇතිවේ. සිතේ ස්ථිර ගතිය අඩුවේ. නිෂ්ඵල ගමන් යෙදේ. එම ගමන්වලින් ද චිත්ත පීඩා ධනය නිකරුණේ වැයවීම් සිදුවේ. පියා සමඟ හිත් කලකිරීම ඇතිවේ. තමන් කර ගත් වැඩට බාධා පැමිණ භාරදීමේ දින පමාවේ. දෝෂාරෝපණවලටත් ලක්වීමට ඉඩ ඇත. සිත එකඟකර කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් පැන නඟී. මෙම ලග්නයෙන් ජනිතව රවි උපතේ ලග්නගත නම් අශුභ මඟ හැරී සුබඵල ලැබේ. ධනය ලැබේ. රජයෙහි රැකියා ලැබීම, රැකියා උසස්වීම ගෙන දෙයි. රවි උපතේ බලවත් නම් ධනය ලැබේ. සතුටින් කාලය ගෙවී යයි.

ශෝකාන්තම ආරංචි අසා දුකට පත්වේ. පියාට හෝ පිය පස ළඟම ඥාතියකු බරපතල රෝග පීඩාවන්ට ලක්වේ. මාරක කාලයක් නම් ජීවිතය පවා අහිමිවීමට ඉඩ ඇත. රවි තුලා රාශිගතව නොව තුලා ලග්නයෙන් උපන් අයට මෙම රවි ගත කරන මාසය මහත් කරදරකාරී කාලයක් වේ. ක්ලාන්ත ගතිය. උණ වමනය යාම, පීනස් රෝග වර්ධනය වී සෙම කෝප රෝගවලට ලක්වේ. නිතර දිවා කාලයට තද හිසරදයක් පැවතීම. හිස බර ගතිය, තමන්ගේ වැරදි සොයන පිරිස වැඩිවේ. ඔබට විරුද්ධව රහසිගත කුමන්ත්‍රණකාරී වැඩ ඇතිවේ.

 

සඳු ගෝචර ඵල සඳු ලග්න ගත ගමන

මෙය දින 2 1/2ක් වැනි කෙටි කාලයකි. සඳු ග්‍රහයාගේ හොඳ නරක උදා කරන්නේ ගෝචරය ගෙවීයන කාලය ළං වූ විට බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි. එය තමාටම දැන ගැනීමට හැකිවේ. වෘෂභ ලග්නයෙන් ජනිතව සඳු ගෝචර ගමනින් ලග්න කාලය තුළ හිතේ සතුට වර්ධනය වේ. ප්‍රේමවන්තයකුට නම් ප්‍රේමවන්තියකද පෙම්වතියකට නම් හොඳ ස්ථිර සිතක් ඇති තරුණයකු මුණ ගැසේ. පෙම්වන්ත යුවලකට මෙම දින 2 1/ 2 සතුටින් කාලය ගෙවී යයි. සිනමා ශාලාවක දෙදෙනාම එක්ව සිනමා පටයක් නැරඹීමට දිනක් උදාවේ. එසේ නැතිනම් ප්‍රසිද්ධ නිතර මහජනයා ගැවසෙන සිද්ධස්ථානයකට යාමට හැකියාව ලැබේ. එහිදී දෙදෙනා ඉතා විනීතව පූජා භූමිය තුළ හැසිරේ. චන්ද්‍රයා ලග්නයේ ගෝචර ගමන් කාලය ඉතා සතුටින් සංවරව හැසිරේ. ස්ත්‍රී පුරුෂ තරුණ ළමයි ඉතා සතුටින් කාලය ගෙවයි. වෘෂභ ලග්නයෙන් ජනිතව උපතේ චන්ද්‍රයා ලග්නගතව යෙදුන අයගේ විවාහ ජීවිත සතුටින් ධනය ලබමින් කාලය ගත කරයි. චන්ද්‍රයා ලග්නයේ ගමන් කරනදින 2 1/2 තුළ සිතට අමුතුම ප්‍රබෝධයක් ප්‍රාණයක් ඇති වේ.

කේන්ද්‍රයෙහි සිත ගැන කියා පානු ඇත. සිතේ අරමුණ ගැන නමවැන්නෙන් කියැවේ. චෛතසිත ගැන සිව්වැන්නේ ද කියවේ. කුම්භ ලග්නයෙන් ඉපදි සිව්වැන්න සඳු යෙදුන අය සිත ඉතා සැහැල්ලුවෙන් තබාගෙන කටයුතු කිරීමේ වාසනා ගුණය ලැබී ඇත. එහෙත් නරක කටයුතුවලට පෙළඹෙන්නේ නැත. සමාජයට වරදක් කරන්නේ නැත. කාගෙත් ආදරයට ලක්වේ. උපතේ සඳු වෘශ්චික රාශිගතව අහිතකර විපාක ගෙනදෙයි. මව රෝගාතුර වීම ධනය අධික ලෙස වියදම් වීම, විවාහයට බාධා ගෙන දීම, කාන්තාවන් රැවටීම්, මුලාවීම්වලට හසුවීම චන්ද්‍රයා ලග්නගත සූර්ය ග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් වීම අහිතකර ඵල උදා කරවයි. නින්දා අපහාසවලට ලක්වී නිකරුණේ හිතින් පසුතැවිලිවේ. සඳු උපතේ පාප පීඩා නොවී සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටිවල ලක්වීම සුබඵල උදාකරයි.

 

කුජ ලග්නගත ගමන

කුජ ග්‍රහයා එක් රාශියක ගමන් කරන්නේ මාස 1 1/2 කි. එහෙත් කුජ ග්‍රහයා රාශි කෙළවරට ගොස් වක්‍රවීම එම රාශියේ මුලට නැවත පැමිණීම එම රාශියෙ එහා මෙහා ගමන නිසා මුළු කාලය මාස පහක් හතක් අතර කාලයක් ගතවෙන බව ඡ්‍යොතිෂ මතයයි. ඉතා කලාතුරකින් එම වක්‍රයට රාශි දෙකක් හසුවීමටත් බොහෝ දුරට ඉඩ ඇත. එය සිදුවන්නේ එක් රාශියකට ඇතුල්වී ටික දුරක් ගමන් කර වක්‍ර වූ විටයි. සමහරවිට එම වක්‍රය රාශි දෙකට බලපානු ඇත. මේ අයුරින් චක්‍ර වූ කල එම රාශියේ දෙහෙහිම මුල අග කොටසේ දෙවරක් ළඟ ළඟම කාලයෙහි. ගමන් කරයි. මේ අනුව කුජ එක රාශියක ගමනට මාස එක හමාරක් ගතවන බව දක්නට ලැබේ. මෙහිදී කුජගේ තේජෝ බලය ඉතා ප්‍රබල අයුරින් බලපෑම සිදුවේ. එය යහපත් වීම ජන්මියාට කිසිම අශුභයක් නොවේ. පාසල් සිසුවකු නම් උනන්දුවෙන් කටයුතු කරයි. ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාර සාර්ථක කරවයි. දියුණුවේ. නිවාස නොමැති අය නව නිවසක් තැනීම අරඹයි. අලුතින් ව්‍යාපාර ඇරැඹීමට හොඳම කාලයකි.

උපතේ කුජ අශුභ නම් උපත ලබනවිට කුජ කටක රාශියේ ගමන් කර ඇතිනම් අශුභ විපාකගෙන දෙයි. මෙම අයට මෙම කාලයේ ඉඩම් නඩුවක තීන්දුව දීමේ දී බලවත් ලෙස අසාධාරණයක් වී දේපළ උරුම අහිමි වනු ඇත. ධනය වැයවේ. දියුණුව පත් ව්‍යාපාර මෙම කාලයේ දී පාඩු සිදුවේ. ධනය සොරු ගනී. තමන්ට හිමිවීමට තිබුණ දේපළක (භූමියක්) වංචනිකයින් අතට පත්වේ. වැඩි මුදලකට විකිනීමට තිබූ භූමියක් පාඩුවට විකුණා ගැනීමට සිදුවේ.

මකර ලග්නයෙන් ඉපදී කුජ හත්වැන්නේ යෙදුණ කාලයක කුජ වක්‍රයේ දී ඉපදී. විවාහය පමාවේ. පමාවූවනක් ගෝචරයෙන් කුජ වක්‍රයේදී විවාහයට බාධා කරදර මෙන්ම දික්කසාද වීම සිදුවේ. කුජගේ ගෝචර පල ගෙන දෙන්නේ රාශියට ඇතුල් වූ මුල් දිනවලදීය. මෙහි සඳහන් අශුභඵල කටක සිංහ ලග්න අයට එතරම් බලපාන්නේ නැත.

 

බුධ ලග්නගත ඵල

ග්‍රහතරු අතරින් ඉතාම කුඩා තරුව ලෙස බුධ ග්‍රහ තරුව හඳුන්වයි. ගමනේදී සූර්යය දෙසට ගමන් කරයි. බුධ ග්‍රහ ලොව දවල් රාත්‍රී වීමක් නැති බව සඳහන් වේ. ගමනේ දී සමහර කාලවල එළිය පැත්ත පොළොවට පෙනෙයි. එළිය පැත්ත අධික උෂ්ණත්වයක් ද අඳුරු පැත්ත අධික ශීතලක් වේ. කිසිම ජීවි බලයක් ද නැත. බුධ ග්‍රහයා උච්ච මහ දශාව ලැබුවත් අඳුරු පැත්ත පෘථිවියට වැටෙන කාලයෙහි නම් සුබපල දීමක් නැති බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.

බුධ ගෝචරයෙන් ලග්නයට පැමිණි කල්හි බුධ සුබනම් ඉගෙනීම ලබන වයසේ ළමයෙක් නව ඉගෙනීමට දක්ෂවේ. විභාගවලින් උසස් ලෙස සමත් වේ. රැකියාවක් කරන අයෙකුට රැකියාවෙන් උසස්වීම් ලැබීමට හැකියාව පවතී ධනය ලැබේ. නිවාස කටයුතු ආරම්භයට හොඳ කාලයක් වේ. විවාහයට යහපත් කාලයක්. විවාහ වීමට බලාපොරොත්තු අයට මංගල යෝග උදාවී යුග දිවියට පිවිසීමට අවස්ථාව සැලසේ. බුද්ධිය මෙහෙයවා කරන රැකියා ලබයි. නීතිය, වෛද්‍ය වෘත්තිය ඉගෙනීමට වාසනාව උදාවේ. විවාහ වී දරුවන් බලාපොරොත්තු වන අයට දරුඵල බලාපොරොත්තු විය හැකිය. පොත් පත් කතුවරයින්ට යහපත් වේ. පුද්ගලික පන්ති කරන ගුරුවරයෙක් ගුරුවරියක් නම් ආදායම සරුවේ. මව්පියන් අතර ජනපි‍්‍රය බවට පත්වේ. ආදායම් මාර්ග සරුවේ. දියුණුව ලබයි. පුවත් පත් ආයතනවල ආදායම සරුවේ. අලුතින් අරඹන පුවත් පත් ආයතන ඇතිවේ. මුද්‍රණ කර්මාන්තයේ නව දියුණුවක් ඇතිවේ. අලුතින් මුද්‍රණ ආයතන ආරම්භ කරන අයට සුබයි.

බුධ ලග්න ගතව ගෝචර ගමනේ දී ළඟම ඥාතියකු නිකරුණේ අමනාපවේ. නැතිනම් ඔබේ හොඳම හිතවතකු අමනාප වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. බුධ ග්‍රහයා ලග්න ගතව ගමන් කරන කාලය පාසල්වල දියුණුව ඇතිවේ. ගුරුවරු උනන්දුවෙන් උගන්වන අතර සිසුන්ගේ ද උනන්දුව වර්ධනය වේ. කන්‍යා ලග්නයෙන් ඉපදී බුධ ලග්නගතවව ගෝචරයෙන් ලග්නයට පැමිණීම බුද්ධියෙන් උපරිම ඵල නෙළා ගැනීමට හැකිවේ. රැකියා කටයුතු දියුණුවී මිල මුදල් වැඩිපුර අතට ලැබෙන කාලයකි.

 

ගුරු ලග්න ගමන

ගුරු සුබ නම් වාසනාවන්ත කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. තරග විභාගවලට පෙනී සිටින අයට එයින් සමත්වීමට හැකිවේ. විවාහවීමට දරුවන් සිටින අයට දරුවන්ට හොඳ විවාහ කරදීමට හැකියාව උදාව පවතී. ඉගෙන ගන්නා විභාගවලට පෙනී සිටින දරුවන් සිටින අයට ඒ දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වේ. නීරෝගිමත් කාලයකි.

ගුරු ලග්න ගමන කාලය තුළ තමන්ට හිතවත් මිතුරන්ගෙන් හෝ ඥාතීන්ට කරදර බාධා ලෙඩ රෝග ඇතිවේ. ඔවුන්ට උපකාර සත්කාර කිරීමට ඔබට හැකියාව ලැබේ. ගුරුවරුන්ට හදිසි පීඩා ඇතිකරන කාලයකි. පැවිදි කෙනකුට නම් භික්ෂුවකට හෝ භික්ෂුණියකට තම මව්පියන්ගේ වියෝවීම් ඇතිවීමට හේතුයි. තමන්ට වරින් වර හිත් තැවුල් ගෙන එයි. ඒවාට කම්පාවන්නේ නැත.

සමහරවිට පදිංචි ස්ථාන මාරුවක් මෙම කාලය තුළ සිදුවීමට ඉඩ ඇත. නිවසක් සෑදීමට ආරම්භ කරයි. යාන වාහන මිලදී ගනී. විකුණාගැනීමට ප්‍රමාද වූ ඉඩම් යාන වාහන විකුණා අලුත් වාහන ගැනීමට හැකිවේ. විවාහක අයට යහපත් කාලයකි. දරුසම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත ලස්සන නුවණ ඇති දරුවන් ලැබේ. ඒ දරුවන් ලැබී ටික කාලයකින් මව්පියන්ගේ දියුණුව ක්‍රමයෙන් ඇතිවේ. ගවයින් ඇතිකරන අයට ගවයින් බොහෝ වේ. මැණික් ගැරීමේ රැකියාවේ යෙදෙන අයට වටිනා මැණික් ලැබේ. වාහන ව්‍යාපාරයේ යෙදෙන අයගේ ධන තත්ත්වය ඉහළයයි. වෛද්‍ය වෘත්තියේ යෙදෙන අයට යහපත් වේ.

පින් දහම්හි යෙදීමට මග පෑදේ. සමහර අයට දඹදිව වන්දනා ගමන් යාමට හැකිවේ. දරු සම්පත් ලැබීමට බලාපොරොත්තුවන ගැබිනි මවුවරුන්ට පින්වත් දරුවන් කරදර බාධා නැතිව ස්වභාවිකව බිහිවේ. තොග කඩ කරන අයට මෙම කාල සීමාව තුළ තවත් ව්‍යාපාර ආරම්භයට හැකියාව ලැබේ. ගුරු උපතේ නීච නම් (මකර රාශි උපතේ යෙදී නම්) රැකියාව අහිමිවීමක් දුර පළාතකට මාරුවක් රැකියාවේ කරදර ඇතිවේ.

සිකුරු ලග්නයෙහි ගෝචර ගමන

සිකුරු ග්‍රහයාට එක් රාශියක ගමන මාසයක් පමණ වේ. එකම රාශියක් එහාට මෙහාට ගමන් කරයි. මාස දෙක දෙකහමාරක් ගමනේ යෙදෙන්නේ වක්‍රව නිවෘතවීම නිසා සමහර විට එම රාශියෙහි මාස එකහමාරක් පමණ ගත කරයි. එයත් එහාට මෙහාට යන ගමනකි. දිගු කාල ගමන සුබඵල ගෙන දෙයි. එහෙත් එම රාශියේ වක්‍රවීම් නිවෘත වීම නිසා ලැබෙන සුබඵල අහිමිවීමට ඉඩ ඇති බව පෙනීයයි.

මෙම වක්‍රය රාශි දෙකකට සම්බන්ධ වී නම් එම රාශි දෙකෙම එකක ටික ටික බැගින් ගෝචර වේ. මෙය දෙවාර බැගින් එක් රාශියක අගත් ඊළඟ රාශියේ මුදලත් ගමන් ගනී. එම කාලසීමා තුළ ගෝචර ඵල දීම සීමා සහිත වේ. එතරම් පලදීමක’ නැති බව ඡ්‍යොතිෂ පෙන්වා ඇත. වක්‍රයට මුලින් නොනැවතී දිගට ගමන ද නිවෘතියට පසුව රාශියේ දිගටම ගමන නොනැවතී යාම එම භාවයට අයත් ගෝචර ඵල හොඳින් ගෙන දෙයි. ජන්මියාට සුබඵල ගෙන දෙයි. තම අදහස් බලාපොරොත්තු බාධා කරදරවලින් තොරව කර ගැනීමට මෙම කාල තුළ පුළුවන.

අවිවාහක අයට මංගල යෝග උදාවී හොඳ මංගල්‍යයක් කර ගැනීමට වාසනාව පෑදේ. පින්වත් දරුවන් වාසනාවන්ත බුද්ධිමත් අංගවිකල නොවුන නීරෝගි දරුවන් ලැබේ. එම දරුවන් ඉගෙනීමට දක්ෂවේ. තරග විභාග සියල්ලගෙන්ම සමත් වී හොඳ උසස් රැකියාවන් ලැබීමට ඒ දරුවන් වාසනාවන්තවේ. රැකියා කටයුතු දියුණුවන කාලයකි. වක්‍ර ගමනක් වසරකින් පමණ සිදුවේ. මෙම කාලයේ දී ව්‍යාපාරිකයින්ට අධික ලාභ ලැබේ. රථවාහන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර දියුණුවේ. සමහර අයට හදිසි ධන ලාභ ලැබේ. යාන වාහන නිවාස සෑදීම, ඉඩම් විකුණා ගැනීමට ඉතා හොඳ කාලයකි. පාඩු වී වසා තැබූ ව්‍යාපාර නැවත පටන් ගැනේ. කලා කටයුතුවල නියැළී අයට ඉතා හොඳ කාලයක් උදාවේ. විදේශ ගමන් ගැන සිතන අයගේ බලාපොරොත්තු ඉටුවේ. සිකුරු ග්‍රහයා ලග්නයේ ගෝචර ගමන සැපවත් ජීවිත කාලයක් ගෙවීමට උපකාරී වේ. හිත අමනාපකම් දුරු වී අමනාප අය මිත්‍රවේ.

ලග්නයට ශනි ලග්න ගත ගමන

ශනි ලග්නයෙහි ගමන් කරන කාලය බාධා කරදර ඇතිකරන කාලයකි. මෙම කාලය තුළ ධනය වැයවේ. නොසිතුව ලෙස ධනය වියදම් වේ. ධනය ලැබෙන මාර්ග අවහිර වේ. රැකියාවලට බාධ ගෙන දෙයි. කරදර බාධා මැදින් ජීවිතය ගෙවී යයි. වැටීම් තැලීම්වලට හේතුයි. පියාට අසනීප සෑදේ. කුඩා දරුවන්ට අසනීප සෑදේ. ඔබගේ අත්පා වේදනා ඇතිවේ. ඥාතීන් හිතවතුන් ඔබ සමඟ අමනාප වී ඔවුන් ඔබට විරුද්ධව කටයුතු කරයි. ඔබට බොරු චෝදනා නගා අපහසුතාවයට පත් කරයි. ඔවුන් නිසා හිත කලකිරේ. තමන්ට හිතවත් අය සමහරෙක් ඔබ සමඟ නිකරුණේ අමනාප වී ඊර්ෂ්‍යා කරයි. ඔබ උදව් කරපු අයටත් ඔබව එපා වන්නේ අනුන්ගේ කේළාම් බස් අසායි. දරුඵල ලැබීමට බලාපොරොත්තු අය ප්‍රවේශම් වන්න. කලලයට හානි ගෙන දීමට ඉඩ ඇත.

හදිසි වැටීම් නිසා අතපය කැඩීම කොන්ද කැඩීම දණහිස්තුවාල වීම උසින් වැටී ආබාධිත වීම, වස විෂ ශරීර ගතවීම, බෙහෙත් විෂ වීමෙන් වෙනත් රෝග සෑදීම වේ. හදිසි අනතුරුවලට ලක්වී අත්පා අහිමි වීම සිදුවිය හැකි බැවින් ගමන් බිමන් ප්‍රවේශමෙන් යන්න. උසින් වැටීම පය ලිස්සා වැටී කොන්දට බාධා පැමිණීම අංශ බාගය, දියවැඩියාව, හෘද රෝග, මානසික රෝග වැලඳීමට ඉඩ ඇත. ව්‍යාපාරිකයකු ණයට දීමෙන් පාඩු සිදුවේ. හදිසි ගමන් යෑමෙන් කරදර බාධා ධනය හානි වීම ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීම, බෝවන රෝග වැළඳීම වේ. වාත වේදනා ඇතිවී කොපමණ ප්‍රතිකාර කළත් එයින් සුව නොවී අසනීප කල් පැවතීම, ඔබට හිමි වීමට තිබූ වටිනා දේපළක් ඔබට අහිමි වීම හෝ ඔබේ ඉඩම අඩු මිලට අතේ පාඩුවට විකිණීමට සිදුවේ.

විවාහ ජීවිතයේ අසමගිතා ඇතිවේ. බිරිඳ හෝ සැමියා අසනීප වී සුවවීම පමාවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිටීමට ඉඩ ඇත. දරුවන් අකීකරු වී හිතුවක්කාර විවාහ ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුකර ගනී. එයින් ඔබට සිත් තැවුල් ඇතිවේ. දරුවන්ගෙන් හොඳක් ඇසීම අමාරුවේ.

ලග්නයෙහි රාහු

රාහු බලවත් පාපි ග්‍රහයෙකි. අවුරුදු එක හමාරක් පමණ එක් රාශියක් ගමන් කරයි. රාහු ගමන් කරන්නේ රාශියේ අග සිට මුලට බව ඡ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි. මේෂ, මීන, කුම්භ, මකර, ධනු, වෘශ්චික, තුලා, කන්‍යා, සිංහ, කටක, මිථුන, වෘෂභ යන අයුරින් අග සිට මුලට ගමන් කරයි. හිස නයි පෙණයක් ලෙස යොදා ඇත. මිනිස් කඳකි. භයංකාර උස් ශරීරයක් ඇති බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.

රාහු ග්‍රහයා ලග්න ගමන ජන්මියාට අශුභඵල උදාකරයි. සිහි විකල් කරවීමට සමත්ය. උමතු රෝගීන්ගේ උමතුව වර්ධනය වනු ඇත. තද බල උමතු රෝගීන් මානසික රෝහලකට ප්‍රතිකාර සඳහා යවයි. රාහු ජයග්‍රාහකයෙකි. රාශි චක්‍රයෙහි සැමදාම ආපස්සට ගමන් කරයි. මෙම ග්‍රහ ගමන රාහු දුබලව පිහිටි අයට මෙම කාලය ඉතා අහිතකරවේ. හිත් කලකිරීම් ඇතිවේ. එකම දෙයක් ගැන දිවා රාත්‍රී කල්පනාකර මානසික ආබාධ සාදා ගනී. සමහරු උපතින්ම මානසික රෝගීහු වේ. එය පෙර කරුමයට වන්නකි. මිනිසත් බව ලැබුවත් සදා කාලික මැරෙනතුරා මානසික රෝගයෙන් පෙළේ.

රාහුගේ ගෝචර පල රාශි ගමනේ මුල මැද අග එක ලෙසට අශුභ හෝ සුබ විපාක දෙයි. ගුරු සමඟ යෙදී රාහු සුබපල ගෙන දෙන බව මතයක් වුවත් එහි එතරම්ම සත්‍යයක් දක්නට නැත. රාහු වෘෂභයට උච්චයි. උපතේ රාහු සුබ නම් මෙම ගෝචර ගමන ඉතා හොඳමයි. මිත්‍රයන් තම දියුණුවට ආධාර උපකාර කරයි. මිතුරන් නිසා දියුණුව ඇතිවේ. අලුත් ඇඳුම් වස්ත්‍ර ලැබේ. තමන් කරන කටයුතුවලින් දියුණුවට පත්වේ. ධන සම්පත් හදිසි මුදල් වාසනා ගෙන දෙයි. අලුත් නිවසක් සෑදීමට අදහස් පහළ වේ. එය ඉටුකර ගනී. දරුවන්ට යහපත් වේ. රාහු ලග්න ගමන් කාලයෙදී අලුත් නිවාස සාදයි. අලුත් ව්‍යාපාර ඇරැඹීමට, විදේශ රැකියාවලට යාමට වැඩ තහනමට ලක් වූ අයට රාහු ලග්න ගමන නැති වූ අහිමි වූ රැකියාව නැවත ලැබේ. රාහු ලග්නයෙහි ගමන් කරන කාලයෙදී දුර ගමන් විදේශ ගමන් වන්දනා ගමන් යාමට අවස්ථාව සැලසේ. උපතේ රාහු ශුභව පිහිටි නම් මෙම ගෝචර කාලය ජන්මියාට ඉතා අහිතකර කාලයකි.

ලග්නයෙහි කේතු ගෝචර ඵල

රාහු මෙන්ම කේතු රාශි චක්‍රයෙහි ආපස්සට ගමන් කරන ග්‍රහයෙකි. අවුරුදු එකහමාරකින් එක් රාශියක ගමන් කරයි. රාහු එක රාශියක ගමන අවුරුදු 1 මාස 6 දින 20 ක් බවද සඳහන් වේ. කේතු ලග්නයෙහි ගත කරන කල නිතර නිතර මානසික අසහනය ඇති කරයි. ප්‍රශ්න නිසා හිත කලකිරේ. ප්‍රශ්නවලට මැදිවී කාලය ගත කරයි. සහකරු හිත කලකිරේ. ප්‍රශ්නවලට මැදිවී කාලය ගත කරයි. සහකරු හෝ සහකාරිය ගැන තිබෙන හොඳ හිත පලුදු වී දෙදෙනා අතරමතභේද ඇතිවේ. මතභේද උග්‍ර වී බිරිඳ තම මව්පියන් කරා යාමටත් ඉඩ ඇත. මුහුණේ කුරුලෑ වැනි ලප කැලල් මතුවේ. අධික ලෙස විවිධ ක්‍රීම් වර්ග භාවිතාවෙන් මුහුණේ ලප කැලැල් ඇතිවේ.

විවාහක කාන්තාවක් නම් මෙම කාලය තුළ තම සැමියාට හොරා පරපුරුෂ ඇසුරට පෙලඹේ. මෙසේ නොමගට යොමුවන්නේ අධි කාමභෝගි යෝගවලින් උපන් කාන්තාවන් බව ප්‍රකාශිතයි. මෙම ගෝචර ගමන මුහුණ අවලස්සන කරයි. සිත කලකිරීම්වලට නිතර බදුන්වීම එයට හේතුවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තම චරිතය කිලිටි කරගෙන සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවේ. සමහරවිට භයානක සමාජ රෝග වැලඳී ජීවිතය අනතුරට වැටේ. රැකියාවලින් වැඩ ත ලක්වීමට ඉඩ ඇත. ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. පහත් වැඩවලට තමන්ට නොගැළපෙන වැඩ සොරකම් කිරීමට, වැරදි ආශ්‍රයට, පාප මිත්‍ර සේවනයට හිත පෙලඹීමට ඉඩ ඇති කරයි. නොමගට යොමුවේ. විවාහ බලාපොරොත්තු ඇතුව වාසය කරන තරුණියන් රැවටීම් මුළාවීම්වලට ලක්වීමට ඉඩ ඇත. මුළ හිතේ කරදර මෙන්ම හිසේ අසනීපද ඇතිවේ. නිතර හිසේ කැක්කුමක් ඇතිවී ප්‍රතිකාර කලත් සුව වීම ප්‍රමාදයි. හෘද රෝග හදිසියේ ඇතිවේ. අධික ලෙස මත් පැන් පානය කරන අයෙක් නම් කේතු ලග්න ගෝචර ගමනේ දී අධික ලෙස අසනීප වේ. ජීවිතයට පවා තර්ජන එල්ලවේ. සමහරුන්ට නීතිය මඟින් දඬුවම් ලැබේ.

සිකුරු ලග්නයෙහි ගෝචර ගමන

 

සිකුරු ග්‍රහයාට එක් රාශියක ගමන මාසයක් පමණ වේ. එකම රාශියක් එහාට මෙහාට ගමන් කරයි. මාස දෙක දෙකහමාරක් ගමනේ යෙදෙන්නේ වක්‍රව නිවෘතවීම නිසා සමහර විට එම රාශියෙහි මාස එකහමාරක් පමණ ගත කරයි. එයත් එහාට මෙහාට යන ගමනකි. දිගු කාල ගමන සුබඵල ගෙන දෙයි. එහෙත් එම රාශියේ වක්‍රවීම් නිවෘත වීම නිසා ලැබෙන සුබඵල අහිමිවීමට ඉඩ ඇති බව පෙනීයයි.

මෙම වක්‍රය රාශි දෙකකට සම්බන්ධ වී නම් එම රාශි දෙකේම එකක ටික ටික බැගින් ගෝචර වේ. මෙය දෙවාර බැගින් එක් රාශියක අගත් ඊළඟ රාශියේ මුලත් ගමන් ගනී. එම කාලසීමා තුළ ගෝචර ඵල දීම සීමා සහිත වේ. එතරම් පලදීමක’ නැති බව ඡ්‍යොතිෂ පෙන්වා ඇත. වක්‍රයට මුලින් නොනැවතී දිගට ගමන ද නිවෘතියට පසුව රාශියේ දිගටම ගමන නොනැවතී යාම එම භාවයට අයත් ගෝචර ඵල හොඳින් ගෙන දෙයි. ජන්මියාට සුබඵල ගෙන දෙයි. තම අදහස් බලාපොරොත්තු බාධා කරදරවලින් තොරව කර ගැනීමට මෙම කාල තුළ පුළුවන.

අවිවාහක අයට මංගල යෝග උදාවී හොඳ මංගල්‍යයක් කර ගැනීමට වාසනාව පෑදේ. පින්වත් දරුවන් වාසනාවන්ත බුද්ධිමත් අංගවිකල නොවුණ නීරෝගි දරුවන් ලැබේ. එම දරුවන් ඉගෙනීමට දක්ෂවේ. තරග විභාග සියල්ලගෙන්ම සමත් වී හොඳ උසස් රැකියාවන් ලැබීමට ඒ දරුවන් වාසනාවන්තවේ. රැකියා කටයුතු දියුණුවන කාලයකි. වක්‍ර ගමනක් වසරකින් පමණ සිදුවේ. මෙම කාලයේ දී ව්‍යාපාරිකයින්ට අධික ලාභ ලැබේ. රථවාහන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර දියුණුවේ. සමහර අයට හදිසි ධන ලාභ ලැබේ. යාන වාහන නිවාස සෑදීම, ඉඩම් විකුණා ගැනීමට ඉතා හොඳ කාලයකි. පාඩු වී වසා තැබූ ව්‍යාපාර නැවත පටන් ගැනේ. කලා කටයුතුවල නියැළී අයට ඉතා හොඳ කාලයක් උදාවේ. විදේශ ගමන් ගැන සිතන අයගේ බලාපොරොත්තු ඉටුවේ. සිකුරු ග්‍රහයා ලග්නයේ ගෝචර ගමන සැපවත් ජීවිත කාලයක් ගෙවීමට උපකාරී වේ. හිත අමනාපකම් දුරු වී අමනාප අය මිත්‍රවේ.

ලග්නයට ශනි ලග්න ගත ගමන

 

ශනි ලග්නයෙහි ගමන් කරන කාලය බාධා කරදර ඇතිකරන කාලයකි. මෙම කාලය තුළ ධනය වැයවේ. නොසිතුව ලෙස ධනය වියදම් වේ. ධනය ලැබෙන මාර්ග අවහිර වේ. රැකියාවලට බාධ ගෙන දෙයි. කරදර බාධා මැදින් ජීවිතය ගෙවී යයි. වැටීම් තැලීම්වලට හේතුයි. පියාට අසනීප සෑදේ. කුඩා දරුවන්ට අසනීප සෑදේ. ඔබගේ අත්පා වේදනා ඇතිවේ. ඥාතීන් හිතවතුන් ඔබ සමඟ අමනාප වී ඔවුන් ඔබට විරුද්ධව කටයුතු කරයි. ඔබට බොරු චෝදනා නගා අපහසුතාවයට පත් කරයි. ඔවුන් නිසා හිත කලකිරේ. තමන්ට හිතවත් අය සමහරෙක් ඔබ සමඟ නිකරුණේ අමනාප වී ඊර්ෂ්‍යා කරයි. ඔබ උදව් කරපු අයටත් ඔබව එපා වන්නේ අනුන්ගේ කේළාම් බස් අසායි. දරුඵල ලැබීමට බලාපොරොත්තු අය ප්‍රවේශම් වන්න. කලලයට හානි ගෙන දීමට ඉඩ ඇත.

හදිසි වැටීම් නිසා අතපය කැඩීම කොන්ද කැඩීම දණහිස්තුවාල වීම උසින් වැටී ආබාධිත වීම, වස විෂ ශරීර ගතවීම, බෙහෙත් විෂ වීමෙන් වෙනත් රෝග සෑදීම වේ. හදිසි අනතුරුවලට ලක්වී අත්පා අහිමි වීම සිදුවිය හැකි බැවින් ගමන් බිමන් ප්‍රවේශමෙන් යන්න. උසින් වැටීම පය ලිස්සා වැටී කොන්දට බාධා පැමිණීම අංශ බාගය, දියවැඩියාව, හෘද රෝග, මානසික රෝග වැලඳීමට ඉඩ ඇත. ව්‍යාපාරිකයකු ණයට දීමෙන් පාඩු සිදුවේ. හදිසි ගමන් යෑමෙන් කරදර බාධා ධනය හානි වීම ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීම, බෝවන රෝග වැළඳීම වේ. වාත වේදනා ඇතිවී කොපමණ ප්‍රතිකාර කළත් එයින් සුව නොවී අසනීප කල් පැවතීම, ඔබට හිමි වීමට තිබූ වටිනා දේපළක් ඔබට අහිමි වීම හෝ ඔබේ ඉඩම අඩු මිලට අතේ පාඩුවට විකිණීමට සිදුවේ.

විවාහ ජීවිතයේ අසමගිතා ඇතිවේ. බිරිඳ හෝ සැමියා අසනීප වී සුවවීම පමාවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිටීමට ඉඩ ඇත. දරුවන් අකීකරු වී හිතුවක්කාර විවාහ ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුකර ගනී. එයින් ඔබට සිත් තැවුල් ඇතිවේ. දරුවන්ගෙන් හොඳක් ඇසීම අමාරුවේ.

 

ලග්නයෙහි රාහු

 

රාහු බලවත් පාපි ග්‍රහයෙකි. අවුරුදු එක හමාරක් පමණ එක් රාශියක් ගමන් කරයි. රාහු ගමන් කරන්නේ රාශියේ අග සිට මුලට බව ඡ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි. මේෂ, මීන, කුම්භ, මකර, ධනු, වෘශ්චික, තුලා, කන්‍යා, සිංහ, කටක, මිථුන, වෘෂභ යන අයුරින් අග සිට මුලට ගමන් කරයි. හිස නයි පෙණයක් ලෙස යොදා ඇත. මිනිස් කඳකි. භයංකාර උස් ශරීරයක් ඇති බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.

රාහු ග්‍රහයා ලග්න ගමන ජන්මියාට අශුභඵල උදාකරයි. සිහි විකල් කරවීමට සමත්ය. උමතු රෝගීන්ගේ උමතුව වර්ධනය වනු ඇත. තද බල උමතු රෝගීන් මානසික රෝහලකට ප්‍රතිකාර සඳහා යවයි. රාහු ජයග්‍රාහකයෙකි. රාශි චක්‍රයෙහි සැමදාම ආපස්සට ගමන් කරයි. මෙම ග්‍රහ ගමන රාහු දුබලව පිහිටි අයට මෙම කාලය ඉතා අහිතකරවේ. හිත් කලකිරීම් ඇතිවේ. එකම දෙයක් ගැන දිවා රාත්‍රී කල්පනාකර මානසික ආබාධ සාදා ගනී. සමහරු උපතින්ම මානසික රෝගීහු වේ. එය පෙර කරුමයට වන්නකි. මිනිසත් බව ලැබුවත් සදා කාලික මැරෙනතුරා මානසික රෝගයෙන් පෙළේ.

රාහුගේ ගෝචර පල රාශි ගමනේ මුල මැද අග එක ලෙසට අශුභ හෝ සුබ විපාක දෙයි. ගුරු සමඟ යෙදී රාහු සුබපල ගෙන දෙන බව මතයක් වුවත් එහි එතරම්ම සත්‍යයක් දක්නට නැත. රාහු වෘෂභයට උච්චයි. උපතේ රාහු සුබ නම් මෙම ගෝචර ගමන ඉතා හොඳමයි. මිත්‍රයන් තම දියුණුවට ආධාර උපකාර කරයි. මිතුරන් නිසා දියුණුව ඇතිවේ. අලුත් ඇඳුම් වස්ත්‍ර ලැබේ. තමන් කරන කටයුතුවලින් දියුණුවට පත්වේ. ධන සම්පත් හදිසි මුදල් වාසනා ගෙන දෙයි. අලුත් නිවසක් සෑදීමට අදහස් පහළ වේ. එය ඉටුකර ගනී. දරුවන්ට යහපත් වේ. රාහු ලග්න ගමන් කාලයෙදී අලුත් නිවාස සාදයි. අලුත් ව්‍යාපාර ඇරැඹීමට, විදේශ රැකියාවලට යාමට වැඩ තහනමට ලක් වූ අයට රාහු ලග්න ගමන නැති වූ අහිමි වූ රැකියාව නැවත ලැබේ. රාහු ලග්නයෙහි ගමන් කරන කාලයෙදී දුර ගමන් විදේශ ගමන් වන්දනා ගමන් යාමට අවස්ථාව සැලසේ. උපතේ රාහු ශුභව පිහිටි නම් මෙම ගෝචර කාලය ජන්මියාට ඉතා අහිතකර කාලයකි.

 

ලග්නයෙහි කේතු ගෝචර ඵල

 

රාහු මෙන්ම කේතු රාශි චක්‍රයෙහි ආපස්සට ගමන් කරන ග්‍රහයෙකි. අවුරුදු එකහමාරකින් එක් රාශියක ගමන් කරයි. රාහු එක රාශියක ගමන අවුරුදු 1 මාස 6 දින 20 ක් බවද සඳහන් වේ. කේතු ලග්නයෙහි ගත කරන කල නිතර නිතර මානසික අසහනය ඇති කරයි. ප්‍රශ්න නිසා හිත කලකිරේ. ප්‍රශ්නවලට මැදිවී කාලය ගත කරයි. සහකරු හිත කලකිරේ. ප්‍රශ්නවලට මැදිවී කාලය ගත කරයි. සහකරු හෝ සහකාරිය ගැන තිබෙන හොඳ හිත පලුදු වී දෙදෙනා අතරමතභේද ඇතිවේ. මතභේද උග්‍ර වී බිරිඳ තම මව්පියන් කරා යාමටත් ඉඩ ඇත. මුහුණේ කුරුලෑ වැනි ලප කැළැල් මතුවේ.

විවාහක කාන්තාවක් නම් මෙම කාලය තුළ තම සැමියාට හොරා පරපුරුෂ ඇසුරට පෙලඹේ. මෙසේ නොමගට යොමුවන්නේ අධි කාමභෝගි යෝගවලින් උපන් කාන්තාවන් බව ප්‍රකාශිතයි. මෙම ගෝචර ගමන මුහුණ අවලස්සන කරයි. සිත කලකිරීම්වලට නිතර බදුන්වීම එයට හේතුවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තම චරිතය කිලිටි කරගෙන සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවේ. සමහරවිට භයානක සමාජ රෝග වැලඳී ජීවිතය අනතුරට වැටේ. ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. පහත් වැඩවලට තමන්ට නොගැළපෙන වැඩ සොරකම් කිරීමට, වැරදි ආශ්‍රයට, පාප මිත්‍ර සේවනයට හිත පෙලඹීමට ඉඩ ඇති කරයි. නොමගට යොමුවේ. විවාහ බලාපොරොත්තු ඇතුව වාසය කරන තරුණියන් රැවටීම් මුළාවීම්වලට ලක්වීමට ඉඩ ඇත. මුළ හිතේ කරදර මෙන්ම හිසේ අසනීපද ඇතිවේ. නිතර හිසේ කැක්කුමක් ඇතිවී ප්‍රතිකාර කලත් සුව වීම ප්‍රමාදයි. හෘද රෝග හදිසියේ ඇතිවේ. අධික ලෙස මත් පැන් පානය කරන අයෙක් නම් කේතු ලග්න ගෝචර ගමනේ දී අධික ලෙස අසනීප වේ. ජීවිතයට පවා තර්ජන එල්ලවේ. සමහරුන්ට නීතිය මඟින් දඬුවම් ලැබේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී, ගොඩගම ජයසේන ජයසිංහ

 

ඡ්‍යොතිෂවේදී, ගොඩගම

ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.