නිවැරදිව නමක් තැබීම තුළ ලැබෙන සුබ ප්‍රතිඵල

අප්‍රේල් 8, 2022

 

අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා විවිධ නම් භාවිතා කෙරිණි.

කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ නම්වලින් කතා කරන්ටම යෙදුණි. එදා සිට අද දක්වා නම් තැබීම ආවාට ගියාට සිදු නොවිනි. එය කිසියම් වූ ශාස්ත්‍රානුකූලව සිදු කෙරෙන කටයුත්තක් විය. බමුණන් 108 දෙනෙකු ගෙන්වා සිදුහත් කුමරුට නම් තැබීමේ කතා පුවත අප සියලු දෙනාගෙම මතකයට එනු ඇත. නම් තැබීම නැතහොත් නාමකරණය ඒ තරම්ම වැදගත්ය. එය හුදු සරල කාරණයක් නොවන බවට ඔබටම වැටහෙනු ඇත. උපතේ සිට මරණය දක්වා සිය දහස් වාරයක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් විවිධ පුද්ගලයන්ගේ කටින් කියවෙනු ඇත. නිවැරදිව තබන්නේ නම් ජන්මියාට ආයු සැප බලය වාසනාව ධනය ලබාදෙන මන්තරයක් බඳුය. ඒ වගේම වර්තමානයේ ඉහළ මට්ටමේ දියුණු වී ඇති ව්‍යාපාර සියල්ලටම පාහේ එම තත්ත්වයට පැමිණීමට ව්‍යාපාරයට තබන නාමය මනා පිටිවහලක් වී ඇති බව ආධුනිකයාට පර්යේෂණාත්මකව බැලිය හැක. ජන්මියාට සුබ ප්‍රතිඵල වැඩිකර ගැනීමටත්, අසුබ ප්‍රතිඵල අඩුකර ගැනීමටත්, නිවැරදි නාමකරණය තුළින් හැකියාව පවතී. වර්තමානයේ දී බොහෝ ඡ්‍යොතිෂවේදීන් නිවැරදි ශාස්ත්‍රානුකූලව නාමකරණය සිදු නොකරන බවත් පෙනී යනු ඇත. උපන් නැකත හෝ උපන් නැකතට සීහෙන නැකත පමණක් බලා එයට අයත් විශාල ප්‍රමාණයේ අක්ෂර ලබාදීම පමණක් සිදුවීම කනගාටුවට කරුණකි. මෙය සෑමවිටම නොගැළපෙන බව මා හට ලැබුණු ජන්ම පත්‍රයක් තුළින් පැහැදිලි කරමි.

1991 වර්ෂයේ මාර්තු මාසයේ දී සුවන නැකැතේ දෙවෙනි පාදයෙන් උපන් ජන්මියාගේ දල කේන්දර සටහන පහත දැක්වේ. ඉහත ජන්මපත්‍රය හිමි ජන්මියාගේ නම තැබීම සඳහා ග, ර, ක, ව යන අක්ෂර සුදුසු බව පවසා ඉන් මේ ජන්මියාට ඉතාමත් යහපත් සුබ ප්‍රතිඵල ලැබෙන බවට මහා ඉහළින් වර්ණනා කළහ. ඒ අනුව ‘ගාමිණි’ ලෙස නම තබන ලදී. (සම්පූර්ණ නම හෙලි නොකරමි) මෙම ජන්මියා ආමන්ත්‍රණය කිරීමට ගාමිණි යන නාමය වැඩිපුරම භාවිතා විය. එක්තරා කාලයකදී මෙම නම වැඩි වශයෙන් භාවිතා වන්නට විය. එසේ සිදු වූයේ දින කිහිපයකි. අවාසනාවන්ත ලෙස මෙම ජන්මියාගේ ජීවන ගම නිමාවිය.

මේ එක් නිදසුනක් පමණි. මෙම ජන්මියාට නම තැබීමේ දී උපන් නැකතට සීහෙන නැකැත (සම්පත්) යන කාරණාව ගැන පමණක් අවධානය යොමු කර ඇති අතර, වෙන කිසිදු කරුණක් ගැන අවධානය යොමුක නැති බවට ආධුනිකයාට ඉතා සියුම්ව පරීක්ෂා කර බැලීමේ දී අවබෝධ වනු ඇත. නාමකරණයේ දී උපන් නැකතට හෝ උපන් නැකැතට සීහෙන නැකැතක් යන සාධකයට පමණක්ම මුල්තැන නොදී පහත සඳහන් ශාස්ත්‍රානුකූල නිවැරදි කරුණු කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම තුළින් ජන්මියාගේ අබල දුබලතා මඟ හැරී ඉතා උසස් මට්ටමේ යහපත් ප්‍රතිඵල ලැබෙන බව මා විසින් ප්‍රායෝගිකව අත්විඳ ඇත. කේන්දරයේ බලවත්ම හෝ බලවත් ග්‍රහයාට අයත් අක්ෂරයක් වීම. උපන් නැකැතට හෝ උපන් නැකැතට සීහෙන අක්ෂරයක් වීම. යොදාගත් ඝනය උපන් නැකැතට සීහෙන ඝනයක් වීම. යොදා ගන්නා නැකැත හිමි ග්‍රහයා කේන්දරයේ සුබ ස්ථානයක හෝ සුබ කත්‍රි වී සිටීම. ආදී ප්‍රධාන කරුණුවලින් පෝෂණය වී සිදු කරන නම් තැබීම තුළ ජන්මියාට නිසැකවශයෙන්ම යහපත් සුබ පල උදා කරයි. ඉහත සියලු කරනු සම්පූර්ණ කළ නොහැකි පසුබිමකදී පළමු කරුණු ඇතුළු වැඩි කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම තුළ ජන්මියාට සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් ලැබෙන බව නැවත නැවතත් මතක් කරමි.

ඡ්‍යොතිර්වේදී - දිනේශ් සාලින්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.