වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
කුම්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ
නොවැම්බර් 4, 2022

අසරණයින්ට පිහිට වන දයාව, අනුකම්පාව හා ත්‍යාගශීලිත්ව ඇති තරමක් දුරට අන්‍යයන් ඇසුරු කිරීමේදි ඔවුන් ගැන එකවරම නොපැහැදී කලක් ඇසුරු කර මිත්‍රවන චරිතයකි. ඉතාම විශ්වාසනීය කෙනෙකි. අසරණයින්ට විශේෂයෙන්ම කෙනකු අමාරුවේ වැටුණු විට අසා බලා උපකාර කරන අයෙක් වේ. අන් අය යන මඟ නොයන තමාටම මඟක් සොයාගෙන සංවරව ඉවසීමෙන් යුතුව තම ජීවන ගමන යන බව පැහැදිලිය. එඩිතරයි. සංවරයි. නිහතමානී බව කැපී පෙනේ.
සැලසුම් කිරීමේ අතිදක්ෂයින්ය. කෘෂිකර්මය විශේෂයෙන්ම ඉඩම් හිමි වැවිලිකරුවන් ද කුම්භ ලග්නය හිමියෝය. දේපළ ඉඩකඩම්, ගේදොර, ගව සම්පත්වලින් පිරිපුන්ය. තරමක අයහපත් බවක් පැහැදිලි වන්නේ තමන් ගන්නා කිසිදු තීරණයක් වෙනස් කිරීමට කැමති නැත. අන් සියල්ලටම වඩා තමා උසස්යැයි ද බුද්ධිමත් යැයි ද ධනවත් යැයි ද කල්පනා කරන සුළුය. මෙය එක්තරා තරමක ඍණ පැත්තේ අදහස්ය.
කලාව ලේඛනය, වෛද්‍ය අංශය, පරිපාලනය, හමුදා ක්ෂේත්රය, ගුවන් සේවාව, තක්සේරු විද්‍යාව, මෙන්ම මානව සම්පත් කළමනාකරණයේ ද දක්ෂයි.
කුඩා වියේදී විවිධ මානසික පීඩනයන්ට ලක්වූවත් පසුකාලීනව 25 වැනි වයසේ සිට උසස් ජීවන තලයකට පත්වේ. දේපළ රැක ගැනීමටත්, ඉඩකඩම් රැක ගැනීමටත් තද බල රුචියක් දක්වයි.
වාද විවාද කිරීමෙන් අන් අයට ජය ගැනීම අපහසුය. ජීවිතයේ බොහෝ විට විවිධ අන්දමේ අය හමුවී ඔබට උපකාර කරමින් ශක්තියක් වේවි. දේශපාලනයට ගියහොත් එහි ඉහළම තලය දක්වා යනු ඇති අතර රහසින් සතුරු පිරිසක් ළඟාවේ. ජීවිතයේ වයස 30න් පසු දියුණුවක් ලබයි. යෝජනා මඟින් යුගදිවියට ඇතුළුවන බැව් පෙනේ. ආදරය, පේ‍්‍රමය වැනි ඍංගාරාත්මක පසුබිමක් තුළ ක්‍රීඩා කිරීමට තරමක මැළිකමක් ද දක්වයි. කෙසේ වෙතත් අති සාර්ථක යුගදිවියක් ගෙවීමේ ක්‍රමවේදය කුම්භ ලග්න හිමියා ක්‍රියාත්මක කරනු ඇත.
ජීවිතයේ කුඩා වියේ සිටම මනාව සැලසුම් කරන කෙනෙකි. බොහෝ විට කුම්භ ලග්න හිමියා ආධ්‍යාත්මික අංශයට වයස්ගත වීමටත් පෙර සූදානම් වේ. දුක් කරදර හිරිහැර විඳීම හා අත්දැකීම් බහුල නිසා සියලුම කායික මානසික පීඩා සාධාරණව විසඳා ගනී. මිථුන, සිංහ, ධනු, මකර ලග්න හිමියන් විවාහයට යෝග්‍ය වේ. යුගදිවිය ඉතාම සාර්ථක අන්දමින් ඉදිරියට ගෙන යනු ඇත.
ලෝපතල අය /චාල්ස් ඩාවින්, ඒබ්‍රහම් ලින්කන්, රොනල්ඩ් රේගන්, නෝමන් රොක්වෙල්
ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී
දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 08.58ට මහා ධන කුවේර යෝගය බුධ හිමි කන්‍යා රාශියට උදා විය. මේ කාලය තුළ ව්‍යාපාර ඇරඹීමටත් වෙනත් සුබ කටයුතුවලට...
2023-02-02 18:30:00
ජන්ම කේන්ද්‍රයේ දෙවැනි කොටුව හෙවත් දෙවැනි භාවය ධනස්ථානය, කුටුම්භස්ථානය යන නම්වලින් හඳුන්වයි. ජන්මියාගේ ධනය, මුදල්මය කටයුතු, ලාභ ප්‍රයෝජන, බැංකුවේ ඇති...
2023-02-02 18:30:00
ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ශුභ ග්‍රහයකු වූයේ නම් ජන්මියාට ශුභ තත්ත්වයක් උදා වේ. ලග්නය ශුභ ග්‍රහයකු විසින් දකිනු ලබයි නම් ශුභ ග්‍රහයන් සමඟ...
2023-01-26 18:30:00
මාර්ග අනතුරුවල වැඩිවීමක් දූෂිතයන්ට දැඩි දඬුවම් ස්ත්‍රී දූෂණ, මරණ වැඩිවෙයි අධිකරණ ක්ෂේත්රයට වැඩ වැඩි වෙන හැඩක් 2023...
2023-01-26 18:30:00
පංචමහා පුරුෂයෝග අතුරින් සෙනසුරුගෙන් යෙදෙන පුරුෂ යෝගය සස රාජ යෝගය වේ. පංචශීලයෙන් බැහැරව ඒවා කඩ කරමින් වරදකරන වුන්ට දඩුවම් හිමිවේ...
2023-01-19 18:30:00
උදේතයං චක්ඛුමා ඒකරාජාහරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝතං තං නමස්සාමි හරිස්සවණ්ණංපඨවිප්පභාසංතයජ්ජ ගුත්තා විහරේමු දිවසං යේ බ්රාහ්මණා වේදගූ සබ්බධම්මේතේ මේ...
2023-01-12 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. තුලාව යනු තරාදියයි. තරාදියක් අතින් ගත් පුරුෂයකුගේ රූපයකින් තුලා රාශිය හෙවත් තුලා ලග්නය...
2023-01-05 18:30:00
ග්‍රහ මඬුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වේ. මෙම රාශියට අයත්...
2022-12-22 18:30:00
රාශි චක්‍රයේ සිවු වන රාශිය වන කටක ජලජ රාශියක් වශයෙන් සැලකේ. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු...
2022-12-15 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. නර රාශියක් වූ මිථුනයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික...
2022-12-08 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද...
2022-12-01 18:30:00
රවි ග්‍රහ අපලයට සෙත් කවි කියවා සෙත් පැතීම.විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැලඳවීම.සූර්ය මණ්ඩල යන්ත්‍රය සුදුසුයි.සෙත් කවි කියවීමට හා විෂ්ණු දෙවියන් ප්රමුඛ...
2022-12-01 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙළොව ඉපදුණ හැම අයකුටම ලග්නයක් හිමිවේ. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය...
2022-11-24 18:30:00
ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම්...
2022-11-17 18:30:00
ලග්න රැසකටම සුබපල උදාකරමින් අද සිකුරුත් අනිද්දා බුධත් 16 දා රවිත් වෘශ්චික රාශියට පිවිසෙද්දී 13 දා කුජ වෘෂභයට යයි අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට...
2022-11-10 18:30:00
ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම...
2022-11-10 18:30:00