කුම්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ

නොවැම්බර් 4, 2022
 
අසරණයින්ට පිහිට වන දයාව, අනුකම්පාව හා ත්‍යාගශීලිත්ව ඇති තරමක් දුරට අන්‍යයන් ඇසුරු කිරීමේදි ඔවුන් ගැන එකවරම නොපැහැදී කලක් ඇසුරු කර මිත්‍රවන චරිතයකි. ඉතාම විශ්වාසනීය කෙනෙකි. අසරණයින්ට විශේෂයෙන්ම කෙනකු අමාරුවේ වැටුණු විට අසා බලා උපකාර කරන අයෙක් වේ. අන් අය යන මඟ නොයන තමාටම මඟක් සොයාගෙන සංවරව ඉවසීමෙන් යුතුව තම ජීවන ගමන යන බව පැහැදිලිය. එඩිතරයි. සංවරයි. නිහතමානී බව කැපී පෙනේ. 
 
සැලසුම් කිරීමේ අතිදක්ෂයින්ය. කෘෂිකර්මය විශේෂයෙන්ම ඉඩම් හිමි වැවිලිකරුවන් ද කුම්භ ලග්නය හිමියෝය. දේපළ ඉඩකඩම්, ගේදොර, ගව සම්පත්වලින් පිරිපුන්ය. තරමක අයහපත් බවක් පැහැදිලි වන්නේ තමන් ගන්නා කිසිදු තීරණයක් වෙනස් කිරීමට කැමති  නැත. අන් සියල්ලටම වඩා තමා උසස්යැයි ද බුද්ධිමත් යැයි ද ධනවත් යැයි ද කල්පනා කරන සුළුය. මෙය එක්තරා තරමක ඍණ පැත්තේ අදහස්ය. 
කලාව ලේඛනය, වෛද්‍ය අංශය, පරිපාලනය, හමුදා ක්ෂේත්‍රය, ගුවන් සේවාව, තක්සේරු විද්‍යාව, මෙන්ම මානව සම්පත් කළමනාකරණයේ ද දක්ෂයි. 
කුඩා වියේදී විවිධ මානසික පීඩනයන්ට ලක්වූවත් පසුකාලීනව 25 වැනි වයසේ සිට උසස් ජීවන තලයකට පත්වේ. දේපළ රැක ගැනීමටත්, ඉඩකඩම් රැක ගැනීමටත් තද බල රුචියක් දක්වයි. 
වාද විවාද කිරීමෙන් අන් අයට ජය ගැනීම අපහසුය. ජීවිතයේ බොහෝ විට විවිධ අන්දමේ අය හමුවී ඔබට උපකාර කරමින් ශක්තියක් වේවි.  දේශපාලනයට ගියහොත් එහි ඉහළම තලය දක්වා යනු ඇති අතර රහසින් සතුරු පිරිසක් ළඟාවේ. ජීවිතයේ වයස 30න් පසු දියුණුවක් ලබයි. යෝජනා මඟින් යුගදිවියට ඇතුළුවන බැව් පෙනේ. ආදරය, පේ‍්‍රමය වැනි ඍංගාරාත්මක පසුබිමක් තුළ ක්‍රීඩා කිරීමට තරමක මැළිකමක් ද දක්වයි. කෙසේ වෙතත් අති සාර්ථක යුගදිවියක් ගෙවීමේ ක්‍රමවේදය කුම්භ ලග්න හිමියා ක්‍රියාත්මක කරනු ඇත. 
ජීවිතයේ කුඩා වියේ සිටම මනාව සැලසුම් කරන කෙනෙකි. බොහෝ විට කුම්භ ලග්න හිමියා ආධ්‍යාත්මික අංශයට වයස්ගත වීමටත් පෙර සූදානම් වේ. දුක් කරදර හිරිහැර විඳීම හා අත්දැකීම් බහුල නිසා සියලුම කායික මානසික පීඩා සාධාරණව විසඳා ගනී. මිථුන, සිංහ, ධනු, මකර ලග්න හිමියන් විවාහයට යෝග්‍ය වේ. යුගදිවිය ඉතාම සාර්ථක අන්දමින් ඉදිරියට ගෙන යනු ඇත. 
ලෝපතල අය /චාල්ස් ඩාවින්, ඒබ්‍රහම් ලින්කන්, රොනල්ඩ් රේගන්, නෝමන් රොක්වෙල්
 
 
ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී 
දේශබන්ධු 
ටී. හෙන්රි බෙම්මුල්ල 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.