වර්ෂ 2024 ක්වූ April 12 වැනිදා Friday
විශ්වය කලඹන ග්‍රහ මාරු රැසක්
ලග්න රැසකටම සුබපල උදාකරමින් අද සිකුරුත් අනිද්දා බුධත් 16 දා රවිත් වෘශ්චික රාශියට පිවිසෙද්දී 13 දා කුජ වෘෂභයට යයි
අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය කැපී පෙනෙන කාලයක්
අනාගතය ජය ගැනීමට හැකි විධිමත් සැලසුම් එළිදැක්වේ
ලග්න දොළොසටම ගුණාත්මක මෙන්ම ධනාත්මක ප්‍රතිඵල
2022 නොවැම්බර් 11වැනි කිවිදින රාත්‍රී 08.10ට රසකාමී සිකුරු ග්‍රහයා නව ගමන් මගක් අරඹමින් වෘශ්චික රාශියට පිවිසෙන්නේ, කටක නවාංශකය විසා 04 අනුර 01,02, 03,04 දෙට 01, 02, 03,04 පාද නවයක් අශ්‍රිතවය. ඒ අනුව දින24ක් පුරා වෘශ්චිකයෙහි ගත කරන සිකුරු දෙසැම්බර් 05 වැනි සඳු දින බ්‍රහස්පති හිමි ධනුවට පිවිසෙන්නේය.
සිකුරු හිමි වෘෂභ උදා රාශිය තුළ 07 වැන්න ද සිංහ ජනරජ රාශි සටහනෙහි 04 වැන්න ද විශ්ව මේෂ රාශි සටහනෙහි 07 වැන්න යන පිහිටීම් අනුව මෙම ග්‍රහමාරුව සිදුවේ. මේ අතර සෙන්පති අඟහරු හෙවත් කුජ ග්‍රහයා ද නොවැම්බර් 13 වැනි දා ඉරිදා සිකුරු හිමි වෘෂභ රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේය. ඒ කන්‍යා නවාංශකය මුවසිරස 02 පාදය ආශ්‍රිතව රාත්‍රී 08.52ට බුධ හිමි මිථුන උදාරාශි ගතවය. මෙම ග්‍රහ මාරුව එළැඹෙන මාර්තු 13 වැනි දා දක්වා පවතින්නේය. ඒ අතරම පසුගිය ඔක්තෝම්බර් 30 දින පටන්ගත් අඟහරුගේ වක්‍රවීම ද ජනවාරි 14 අලුයම දක්වා පවතින්නේය.
කුජ මෙසේ වෙත් දී 13 වැනි දිනම රාත්‍රී 09.20ට බුධ ග්‍රහයාද තම ස්ථාන මාරු කරමින් අඟහරු හිමි වෘශ්චික රාශියට පිවිසෙන්නේය. ඒ වෘශ්චික රාශිය කටක නවාංශකය විසා 04 පාදය මුල් කරගනිමිනි.
මෙලෙස එක ළඟ සිදු වන ග්‍රහ මාරුවීම්වල සුබ අසුබ තත්ත්වයන් විමසා බැලීම මීළඟට සිදු කළ යුතුය. එහිදී පෙනීයන්නේ ජනතාවට වගේම රටටත් සුබ අසුබ දෝලනය වන බවකි. එය ලග්න 12 ආශ්‍රිතවම විද්‍යමාන වෙයි. විශේෂයෙන්ම සිකුරු වෘශ්චික රාශි ගත වන්නේ ලග්න රැසකට සුබපල ගෙන දෙමිනි.
මේ අතරින් සිකුරු වෘශ්චික රාශි ගත වීමෙන් ප්‍රකාශ කෙරෙන්නේ රටවැසි ජනතාවගේ එකමුතු බවයි. මෙම ග්‍රහ චාරය අනුව ශ්‍රී ලාංකේය සමස්ත ජනතාවගේ අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය මේ කාලසීමාවේ කැපී පෙනෙයි.
ඒ තුළ අනාගතය ජයගැනීමට හැකි විධිමත් සැලැසුම් ඉදිරිපත් වනු ඇත. ආර්ථිකමය වශයෙන් දැක්මක් සහිත සෘජු ගමන් මාර්ගයකට පිවිසෙන්නට ව්‍යාපාරිකයනට ඉඩ හසර එළිපෙහෙළි වනු ඇත.
ලග්න දොළොසටම ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් විද්‍යමාන කෙරෙයි. විදෙස් උපකාර හිමිවනු ඇත. රාජ්‍ය භාණ්ඩාගාරය තරවෙන ලකුණු පෙනෙයි. අඩු ආදායාම්ලාභීන්ගේ සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන කාලසීමාවකි. සාහිත්‍ය කලාවේ මෙන්ම ගමනාගමනයේත් නව ප්‍ර බෝධයක් ඇතිවේ. ගොවි කම්කරු කාර්මික අංශ නියෝජනය කරන ජනතාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කාල වකවානුවකි. කාර්මික කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා සිකුරු වෘශ්චික රාශි ගතවීම අතිශයින්ම ප්‍රශස්ත වෙන්නකි.
එහෙත් ඥානකාරක බුධ ග්‍රහයා 06 වැන්නේ සිකුරු සමඟ යෝගවීම නළු නිළියන්ට, ප්‍රභූන්ට, කලා ක්ෂේත්‍රෙය් නියැලි පිරිසට සුබවාදී බවක් නොපෙන්වයි.
මේ අතර 13 වැනි දින කුජ වෘෂභ රාශිගත වීම ගැන ද සලකා බැලිය යුතුය. එළැඹෙන ජනවාරි 14 දක්වා කුජ වක්‍රය පැවතීම අනෙකුත් ග්‍රහ රාශිගතවීම් මඟින් ලබා දෙන යහපත් පල අඩපණ කිරීමට සමත් වන හේගුවක් වන්නේය. එනිසා ස්වභාව ධර්මයාගේ උවදුරුවලට ජනතාවට මුහුණු පෑමට සිදු වනු ඇත. සමාජමය වශයෙන් සිදුවන කඩාකප්පල්කාරි වැඩවල ද අඩුවක් නොවනු ඇත.
ඒ තුළ අනාගතය ජය ගැනීමට හැකි විධිමත් සැලැසුම් ඉදිරිපත් වනු ඇත. ආර්ථිකමය වශයෙන් දැක්මක් සහිත සෘජු ගමන් මාර්ගයකට පිවිසෙන්නට ව්‍යාපාරිකයනට ඉඩ හසර එළිපෙහෙළි වනු ඇත.
ලග්න දොළොසටම ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් විද්‍යමාන කෙරෙයි. විදෙස් උපකාර හිමිවනු ඇත. රාජ්‍ය භාණ්ඩාගාරය තරවෙන ලකුණු පෙනෙයි. අඩු ආදායාම් ලාභීන්ගේ සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන කාලසීමාවකි. සාහිත්‍ය කලාවේ මෙන්ම ගමනාගමනයේත් නව ප්‍රබෝධයක් ඇතිවේ. ගොවි, කම්කරු හා කාර්මික අංශ නියෝජනය කරන ජනතාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කාල වකවානුවකි. කාර්මික කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා සිකුරු වෘශ්චික රාශි ගත වීම අතිශයින්ම ප්‍රශස්ත වෙන්නකි.
එහෙත් ඥානකාරක බුධ ග්‍රහයා 06 වැන්නේ සිකුරු සමඟ යෝගවීම නළු නිළියන්ට, ප්‍රභූන්ට, කලා ක්ෂේත්‍රෙය් නියැළි පිරිසට සුබවාදී බවක් නොපෙන්වයි. මේ අතර 13 වැනි දින කුජ වෘෂභ රාශිගත වීම ගැන ද සලකා බැලිය යුතුය. එළැඹෙන ජනවාරි 14 දක්වා කුජ වක්‍රය පැවතීම අනෙකුත් ග්‍රහ රාශිගතවීම් මඟින් ලබා දෙන යහපත් ඵල අඩපණ කිරීමට සමත් වන හේතුවක් වන්නේය. එනිසා ස්වභාවධර්මයාගේ උවදුරුවලට ජනතාවට මුහුණුපෑමට සිදු වනු ඇත. සමාජමය වශයෙන් සිදුවන කඩාකප්පල්කාරි වැඩවල ද අඩුවක් නොවනු ඇත.