ග්‍රහ අපලවලට වෙන වෙනම පිළියම්

දෙසැම්බර් 2, 2022

රවි ග්‍රහ අපලයට

 

සෙත් කවි කියවා සෙත් පැතීම.

විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැලඳවීම.

සූර්ය මණ්ඩල යන්ත්‍රය සුදුසුයි.

සෙත් කවි කියවීමට හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත් වීමට යාමට පෙර ඉඹුල් කොළ සහ වෙනත් කොළ වර්ග 8ක් තම්බා ගත් වතුර මිශ්‍රව දියනා පිරිසුදුවී යෑම ඉතා ගුණදායක වේ.

පූජා වට්ටිය රතු නෙළුම් මල්වලින් සමන්විත යුතු ය.

 

සඳුගෙ අපලයට

 

පුර පක්ෂය අළලා සෙත් කවි කියවා සෙත් පැතීම.

අත්තික්කා සහ දිවුල් කොළ සහිත කොළ වර්ග 09ක් තම්බා ගත් වතුර මිශ්‍රව දියනා පිරිසුදු වී යෑම ඉතා ගුණදායක වේ. ස්නානයට පෙර සඳුන් මිශ්‍ර කිරි හිස ගල්වන්න.

සමන් දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම.

කුඩා ළමයකුට නම් රතන යන්ත්‍රයත් වැඩිහිටියකුට නම් අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

පස්ගෝ රස දන්දීම හා කිරි මව්වරුන්ට දන්දීම.

 

කුජ ග්‍රහයාගේ අපලයට

 

කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම හා සෙත් කවි කියවා සෙත් පැතීම.

කොළොන් කොළ මිශ්‍ර වතුර නාන්න.

රතු මල් රතු කනේරු මල් වට්ටියක් පූජා කරන්න.

කතරගම දෙවියන්ට ඇප වීමද සුදුසුයි.

අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

රතු කැකුළු සහල් පිටිවලින් තැනූ කිරි දානයක් දෙන්න.

 

බුධ ග්‍රහයාගේ අපලයට

 

විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම හා සෙත් කවි කියවා සෙත් පැතීම.

නා මල් හා කහ මල් පූජා කරන්න.

කොහොඹ කොළ මිශ්‍ර වතුර ස්නානය කරන්න.

විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැලඳවීම

කුඩා ළමයකුට නම් නවරත්න යන්ත්‍රය පැලඳවීම.

ධාන්‍ය වර්ගවලින් තැනූ රස කැවිලි දන් දෙන්න.

 

ගුරු ග්‍රහයාගේ අපලයට

 

විෂ්ණු කතරගම දෙවියන් ඉදිරියේ සෙත් කවි කීම.

බෝ කොළ ආඩතෝඩ කොළ මිශ්‍ර වතුර නෑම.

කහ පාට මල් පූජා කරන්න.

අභිසම්භිදාන යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

විළඳ මී පැණි හෝ ධාන්‍ය වර්ගවලින් තැනූ රස කැවිලි දන් දෙන්න.

 

සිකුරු ග්‍රහයාගේ අපලය

 

සෙත් කවි කියවා සෙත් පැතීම.

කරඳ කොළ මිශ්‍ර වතුර නෑම.

පත්තිනි දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම.

පංච වර්ණ මල් පූජාව.

නවනාත යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

කිරිබත් දානයක් දී පින් දීම.

 

සෙනසුරු ග්‍රහයාගේ අපලයට

 

විෂ්ණු කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම

සෙත් කවි කියවා සෙත් පැතීම.

නුග කොළ මිශ්‍ර වතුර නෑම

නිල් පාට මල් පූජා කිරීම.

විෂ්ණු ආඝෝර යන්ත්‍රය, ශනි මෘතුංජන යන්ත්‍රය හෝ අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

කුඩා ළමයින්ට නවනාත යන්ත්‍රය සුදුසුයි.

ශනිදා උදෑසනම එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දානයක් කපුටන්ට දීම

කිරි මවුවරුන්ට දන් දී පින් දෙන්න.

 

රාහු ග්‍රහයාගේ අපලයට

 

පුර පක්ෂය අළලා සෙත් කවි කියවීම අරඹා පසළොස්වක දිනයක දෙවියන්ට ඔප්පු කිරීම.

සුදු මල් පූජා කිරීම.

ඊතන හා වැටකේ දලු මිශ්‍ර කොළ වතුර නෑම.

නාගර්ජුන යන්ත්‍රය හෝ අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

දේව කන්නලව්වක් කර පින් දීම.

 

කේතු ග්‍රහයාගේ අපලයට

 

සෙත් කවි කියවා සෙත් පැතීම.

කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත් වීම.

පිරිත් කියවා මළගිය ඇත්තන්ට පින් දීම.

නවනාත යන්ත්‍රය, නවග්‍රහ යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න.

ඊතන කොළොන් කොළ මිශ්‍ර වතුර නෑම.

කෙසෙල් පත්‍ර මත සිටගෙන ස්නානය කිරීම.

ඉදුණු කෙසෙල් සමඟ රස කැවිලි දන් දෙන්න.

දැන උගත් අවංක ඡ්‍යොතිෂවේදියකුගෙන් තම ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන ඔහු විසින් නිර්දේශිත ඉහත සඳහන් ශාන්ති කර්ම අදාළ අපලයට අනුව වෙන වෙනම ඉටු කිරීම තුළින් ග්‍රහ අපලවලට නොවරදින සහනය ඔබට අත්විඳිය හැකිය.

 

ඡ්‍යොතිෂවේදී - බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.