මහා ධන කුවේර යෝගය

පෙබරවාරි 3, 2023

2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 08.58ට මහා ධන කුවේර යෝගය බුධ හිමි කන්‍යා රාශියට උදා විය. මේ කාලය තුළ ව්‍යාපාර ඇරඹීමටත් වෙනත් සුබ කටයුතුවලට දිව්‍යමය සුබ කාලයක් බැව් දක්වමු. මේ මහා ධනකුවේර යෝගය උදාවූ කාලයේ ආරම්භ කරන ව්‍යාපාර කටයුතු වේගයෙන් බලා සිටියදී දියුණු වේ. කුවේර මහා දේව ආකර්ෂණයද ලැබේ.

කේන්ද්‍රයේ 2 වැනි ධනස්ථානයේ බ්‍රහස්පති බලවත්ව සිට සඳුගේ පෙනීමට ලක්වීමෙන් මෙම මහා ධන කුවේර යෝගය බලවත්ව ක්‍රියාත්මක වේ. ඉඩම් මිලදී ගැනීම මැණික් හා පතල් කර්මාන්තය, කෘෂිකාර්මික කටයුතු, එළු හා ගවපට්ටි කිරි නිෂ්පාදනය, ස්වර්ණාභරණ, රූපලාවණ්‍ය කටයුතු ඇරඹීම, උපකාරක පන්ති, රියැදුරු පුහුණුවත්, සෞන්දර්ය අංශයන් ඇරඹීමටත්, විදේශ වෙළෙඳ ගනුදෙනු කිරීමටත්, විදුලි උපකරණ, කුළුබඩු නිෂ්පාදනයන් ඇරඹීමටත් ඉතාම යෝග්‍ය වන බැව් දක්වමු. දැන් අපි විමසා බලමු සෙනසුරු 2023 ජනවාරි 17 අඟහරුවාදා කුම්භ රාශිය පැමිණීමෙන් ලග්න හිමියන්ට බලපාන අන්දම ගැන. මේ සමඟම සිකුරු ද කුම්භ රාශියට පැමිණ සස යෝගය උදා කරනු ඇත.

ශනි සිකුරු මිත්‍රත්ත්වය හරහා උසස් ප්‍රතිඵල උදාකරනු ඇත. සිකුරු ලෞකික හා ශනි ලෝකෝත්තර තත්ත්වයේය. මීට වසර 30ක පෙර භ්‍රමණය වූ සෙනසුරු අද වන විට විශාල ලෙස පරිවර්තනය වීම අනිවාර්ය කරුණකි. මේ පිළිබඳව විමසුම් ඇසින් බැලිය යුතුය. ග්‍රහයින්ගේ සුබ මැදිහත්වීම හෙවත් සුබ අර්ගලාවක් යෙදීම අතිශයින්ම සුබ පල ප්‍රදානය කරන්නකි. විශේෂයෙන්ම සිය දැඩි උත්සාහයක් මනා කළමනාකාරිත්වයත් දෛවයේ ස්වභාවයත් අනුව කටයුතු කිරීමෙන් ඔබට ජීවිතය ජයගත හැකි වේ. සෙනසුරු මාරුව රටටත් ඔබටත් ජයග්‍රාහී වසරක් වනු ඇත. ඔබේ ලග්නය මුල්කරගෙන ජීවන තොරතුරු හෙවත් පලාපල බලනවා සේම තමන්ගේ කේන්ද්‍රයේ සඳු චන්ද්‍රයා සිටින රාශිය ද ලග්නය හෙවත් චන්ද්‍ර ලග්නය ලෙස සලකා පලා පල බැලීම අනිවාර්ය කරුණකි. ඔබේ ජන්ම කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බැලීමේදී සැපවත් ජීවන තොරතුරු සොයා ගැනීමට හැකිවේ. සෙනසුරුට ගසා ඇති ඉතාම අසුබ ලේබලය නිසා සමහර මකර කුම්භ ලග්න හිමියන් අස්ථානයේ බිය වී සිටින බැවි’ අප සමඟ කතා කරන විට දැනේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.