වර්ෂ 2023 ක්වූ May 26 වැනිදා Friday
හයවන භාවය

ජන්ම කේන්ද්‍රයේ හයවෙනි කොටුව හෙවත් හයවෙනි භාවය ශත්‍රැස්ථානය, රෝගස්ථානය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ලෙඩ රෝග, මෙහෙකරුවන් ආහාර පිළිබඳ, සතුරන් පිළිබඳ ණය ගනුදෙනු, නැන්දා, මාමා පිළිබඳව හයෙන් බැලිය හැකි වේ.
තවද ජන්මියාට සිදුවන අනතුරු, දෝෂාරෝපණ, කායික, මානසික පීඩා, සොරබිය, මෙහෙකරුවන්ගෙන් ඇති වන විපත්, සුරතලයට සාදන සතුන්ගේ සනීපාරක්ෂාව, තරගවලින් ලබන ජයග්‍රහණ ද හයෙන් බැලිය යුතුවේ. තුන් වැන්නෙන් හතර වැන්න හයවෙනි භාවය වන බැවින් තම බාල සහෝදරයාගේ ඉඩ කඩම්, යාන වාහන පිළිබඳ තත්ත්වය ද හයවැනි භාවයෙන් බැලිය හැකි වේ.
පස්වැන්නෙන් දෙවැන්න හය වැන්න වන බැවින් තම ප්‍රථම දරුවාගේ මූල්‍යමය තත්ත්වය ද හත් වැන්නෙන් දොළොස් වැන්න 6 වැනි භාවය වන බැවින් තම හවුල් කරුවන්ගේ මුදල් වියදම් පිළිබඳ ව ද ඔවුන්ගේ විදෙස් ගමන් පිළිබඳවද හයවැනි භාවයෙන් බැලිය හැකි වේ. හතර වැන්නෙන් තුන්වන භාවය හය වැන්න, වන බැවින් තම මාමා පිළිබඳ තොරතුරු ද හය වැන්නෙන් බැලිය හැකි වේ.
ශරීරයේ යටි බඩ, ගර්භාෂය යන ස්ථාන 6 වැන්නට අයත් ශරීරයේ ප්‍රධාන ස්ථාන වෙයි. බඩේ අමාරු, මුත්‍රා ආබාධ කායික හා මානසික පීඩා ආදිය හයෙන් බැලිය හැකි වේ. රවි ග්‍රහයා හය වැන්නේ බලවත් වූ විට ජන්මියාට නිරෝගී ජීවිතයක් ලැබීමට පුළුවන. සතුරන් යටත් කළ හැකි වේ. රවිට හය වැන්න බලවත් වේ.
සඳු ග්‍රහයා හයවැන්නේ සිටි විට සතුරන්ගෙන් පීඩා ලබයි. නිතර ලෙඩ රෝගවලට භාජනය විය හැකි වේ. ශරීර ශක්තිය අඩු වේ. පැණි රස ආහාරවලට පි‍්‍රයතාවක් දක්වයි. කුජ ග්‍රහයා හයට යහපත් වේ. ශරීර ශක්තිය ඇතිවේ. සතුරු කරදර නැති වේ. නිතර බඩේ රෝග සෑදීමට හැකිවේ. කුජ හයට ඉතා බලවත් ග්‍රහයෙක් වේ. බුධ ග්‍රහයා හයවැන්නට එතරම් ශුභ නොවේ. නිතර රෝග පීඩා ඇති විය හැක. සතුරු කරදර ඇතිවිය හැකි වේ. නෑදෑයින් සමඟ ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. ගුරු ග්‍රහයා හයට යහපත් වේ. නෑදෑ මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබේ.
සිකුරු ග්‍රහයා හයට එතරම් ශුභ නොවේ. කෑමවලින් ප්‍රවේශම් වියයුතු වේ. ශනි ග්‍රහයා හයේ සිටි විට දුක්විඳින ලෙඩ රෝග සෑදිය හැක. රාහු ග්‍රහයා හයට යහපත් වේ. සතුරු කරදර නැති වේ. ප්‍රසිද්ධියට පත්වේ. කේතු ග්‍රහයා හයට යහපත් නොවේ. නොයෙක් ලෙඩ රෝග සෑදේ. ශරීරය දුර්වල වේ. ඇස්වහ කටවහ දෝෂ ඇති වේ. මෙම ග්‍රහයන් හයවෙනි භාවයේ සිටන රාශිය අනුවත්, පෙනෙන දෘෂ්ඨි අනුවත් යහපත් අයහපත් බව වෙනස් වේ.
චතුරිකා දිල්හානි ගමආරිය