නවවැනි භාවය

මාර්තු 24, 2023

 

ජන්ම කේන්ද්‍රයේ නමවැනි කොටුව හෙවත් නමවැනි භාවය පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය, ශුභස්ථානය ආදී නම්වලින් හඳුන්වයි. උසස් ඉගෙනීම, වැඩිහිටියන්ට ගරුසරු දැක්වීම, පියාගේ සැප දුක ආදී කරුණු නමයෙන් බැලිය හැකි වේ.

 

කේන්ද්‍රයේ නමවැන්න ශුභඵල දීමේ ප්‍රමුඛස්ථනය වේ. නවයේ සිටින කිසිම ග්‍රහයෙක් අශුභඵල නොදේ. පාප ග්‍රහයකු නීච, සතුරු විදියට නවයේ සිටියත් ඒ ග්‍රහයාට අයත් ස්ථානවලට පමණක් අශුභ ඵල ලබාදේ.

කේන්ද්‍රයේ නමවැන්න උසස් අධ්‍යාපනය සම්බන්ධ සියලු කරුණු බලන ස්ථානය වෙයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඥානය, ඒවා පිළිබඳ ඉගෙනීම විශ්ව විද්‍යාල හා උගතුන් වියතුන් සිටින ස්ථාන ඉගෙනීමට ඇති උනන්දුව, උසස් විභාග සම්බන්ධව නමයෙන් බැලිය හැකි වේ. ගුරු දෙගුරු වැඩිහිටි ආදීන්ට ගරුසරු දැක්වීම, සදාචාර සම්පන්න බව, ඥානවන්ත බව, ආගමික මතිමතාන්තර අන්තර් ඥානය, දෙමව්පියන්ට වැඳීම, මව්පියන්ට ගුරුවරුන්ට ගරු කිරීම ආදිය නමයෙන් බැලිය හැකි වේ.

පියාට සැලකීම, පියාගෙ සැප දුක, පියාගේ ධනය නොයෙක් ආකාරයෙන් ධනය ලැබීම, මව්පියන් පිළිබඳ, සහෝදරයන් පිළිබඳ නැදෑයින් පිළිබඳව නමයෙන් බැලිය හැකි වේ. හත්වැන්නෙන් තුන්වැන්න නමවැන්න වන බැවින් බිරිඳගේ කෙටි ගමන්, හවුල් ව්‍යාපාරවලට සම්බන්ධ හවුල්කරුවන්ගේ ගමන් බිමන් හතර වැන්නෙන් හය වැන්න නම වැන්න වන බැවින් මවගේ ලෙඩ රෝග පිළිබඳවද තුන්වැන්නෙන් හත් වැන්න නම වැන්න වන බැවින් බාල සොහොයුරාගේ බිරිඳ පිළිබඳවද නම වැන්නෙන් බැලිය හැකි වේ.

දුර ගමන්, ගුවන් ගමන්, නාවික ගමන්, පිළිබඳව ද පිටරට සංචාර, සංචාරක සේවා පිළිබඳවද ජාත්‍යන්තර කටයුතු සම්බන්ධව ද නවයෙන් බැලිය හැකි වේ. පෙර පින හෙවත් පෙර ආත්ම භාවයන් හි කරන ලද කුසල් පෙර භාවයන් හි කරන ලද කුසල් තත්ත්වයන් මත මෙම ආත්මයන් හි ලබන ලද වාසනාව පිළිබඳව ද නමයෙන් බැලිය හැකි වේ. නවය ශරීරයේ කලවා ප්‍රදේශවලට අයත් වේ.

රවි නමයේ සිටි විට පියාට ඉතා හිතවත් වේ. උසස් ඉගෙනීම, තියුණු ඥානය හිමිවේ. ගුණවත් වේ. සඳු ග්‍රහයා නමවැන්නට ශුභ වේ. විදේශ සංචාර ඇති කකරයි. වැඩිහිටියන්ට සලකන, මව්පියන්ට සලකන යහපත් කෙනෙක් වේ. උසස් ඉගෙනීම ලබා දෙයි. කුජ ග්‍රහයා නම වැන්නේ සිටි විට ආගමික භක්තිය අඩු කරයි. නමුත් කුජගේ නපුරු ගති අඩු වේ. බුධ ග්‍රහයා නමයට ශුභ වේ. ශීලයෙන් හා භක්තියෙන් යුත් උසස් ඉගෙනීම ඇති සත්‍යවාදී කෙනෙක් වේ.ගුරු ග්‍රහයා නමවැන්නට ඉතා ශුභ වේ. උසස් ඉගෙනීම වේ. සියලු සැප සම්පත් ලැබේ. ගුණ ගරුක පුද්ගලයෙක් වේ. සිකුරු ග්‍රහයා ද නමයට ඉතා ශුභ වේ. සිකුරු ද නමයට ඉතා යහපත් වේ. පියාට ශුභ වේ. පියාගේ තත්ත්වය වැඩිදියුණු වේ. ශනිටද නවය ඉතා යහපත් වේ. අධික ආගම් භක්තිකයෙක් වේ. රාහු නවයේ සිටි විට ඉඩකඩම් වස්තුව ලැබේ. කේතු නවයේ සිටි විට උසස් ඉගෙනීම ලබා දේ. සෑම ග්‍රහයකුටම නමය ඉතා ශුභ වේ. නමයේ අශුභ ඵල නොදෙයි. නමය ශුභඵල දීමේ ප්‍රමුඛ ස්ථානය වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.