දසවැනි භාවය

අප්‍රේල් 21, 2023

 

ජන්ම කේන්දරයේ දහවැනි කොටුව හෙවත් දහවැනි භාවය කර්මස්ථානය, අභිමානස්ථානය, පීතෘ ස්ථානය යන නම්වලින් හඳුන්වයි. රැකියාව පිළිබඳව ප්‍රධාන වශයෙන් දහයෙන් බැලිය හැකි වේ. රාජ්‍ය සේවය, වෙළඳාම, කෘෂිකර්ම කටයුතු, ප්‍රසිද්ධිය, ආගමික කටයුතු, පොදුජන සේවය වැනි දේවල් පිළිබඳව දහයෙන් බැලිය හැකි වේ.

දහවැන්න හෙවත් දහ වැනි භාවයෙන් ප්‍රධාන වශයෙන් වෘත්තිය හෙවත් රැකී රක්ෂාව පිළිබඳව බැලිය හැකි වේ. ජන්ම කේන්දරයේ දහවැන්න වෘත්තිය ගැන කියවෙන රාශිය වේ. දහ වැන්නේ සිටි ග්‍රහයා ශුභ ග්‍රහයකු වූ විට රැකියාව හොඳ වේ. දහවැන්නේ අශුභ ග්‍රහයන් සිටි විට හා දහ වැන්න පාපකර්තරී වීම රැකියාව සම්බන්ධව ප්‍රශ්න මතුවේ. දහවැන්නේ සිටින ග්‍රහයා අනුවත් දහවැන්න අධිපති ග්‍රහයා සිටින තැන අනුවත් රැකියා තත්ත්වයන් තීරණය වේ.

රැකියා පත්වීම් ලැබීම එහි උසස් වීම සම්බන්ධව දහයෙන් බැලිය හැකි වේ.

දහවැන්න පීතෘ ස්ථානය යන නමින් ද හැඳීන්වේ. පියා සම්බන්ධ කරුණු පියාගේ ධනය පිළිබඳව දහයෙන් බලාගත හැකි වේ.

හත්වැන්නෙන් හතරවැන්න දහ වැන්න වන බැවින් සහකරු හෝ සහකාරියගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳ ව ද හවුල් ව්‍යාපාරවල හවුල්කරුවන්ගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳව ද දහ වැන්නෙන් බැලිය හැකි වේ.

පස්වැන්නෙන් හයවැන්න දහ වැන්න වන බැවින් තම දූ දරුවන්ගේ ලෙඩ රෝග පිළිබඳව ද තුන්වැන්නෙන් අටවැන්න දහ වැන්න වන බැවින් තම සහෝදරයාගේ හා සහෝදරියගේ ආයුෂ තත්ත්වය පිළිබඳව ද බැලිය හැකි වේ.

එකොළොස්වැන්නෙන් දොළොස්වැන්න දහ වැන්න වන බැවින් තම වැඩිමහල් සහෝදරයාගේ වියදම, ධන විනාශය තම යහළු මිත්‍රයන් ගේ ධන විනාශය, රහස් කටයුතු නීතිමය කරදර ගැන බැලිය හැකි වේ.

ජන්මියාගේ ප්‍රසිද්ධිය රටේ නම කීර්තිනාමය බැබළීම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම පිළිබඳවද අධ්‍යාපනික කටයුතු පිළිබඳවද පොදුජන සේවය පිළිබඳව ද දහයෙන් බැලිය හැකි වේ. ශරීරය දණහිස කොඳු ඇටය දහයට අයිති වන ශාරීරික අවයව වේ. රවි ග්‍රහයා දහ වැන්නට ඉතා බලවත් වේ. සියලුම ලෞකික සැප සම්පත් නම්බුනාම ප්‍රසිද්ධිය, උසස් තනතුරු ලැබේ. සඳු ග්‍රහයා දහයේ සිටි විට යහපත් රැකියා වෙළෙඳ ව්‍යාපාර ආදිය කිරීමට හැකිවේ. ඇවිදිලි සහිත රැකියා සඳහා ඉතා යහපත් වේ. කුජ දහයේ සිටි විට ආඩම්බර වේ. ක්‍රියා ශූරත්වය ඇති අයෙක් වෙයි. කුජ බලවත්ව සිටියොත් ඉතා උසස් තත්ත්වයට පත්වේ. බුධ ග්‍රහයා දහයට ඉතා යහපත් වේ. තැනට උචිත ලෙස වැඩ කරයි. ව්‍යාපාරවලින් ඉහළටම යා හැකි වේ. කීර්තිමත් තනතුරු ලබයි. ගුරු ග්‍රහයාද දහයට ශුභ වේ. ස්ථිර රැකියාවක් හිමි වේ. උසස් තනතුරු හිමි වේ. රැකියා ස්ථානයේ ප්‍රධානියා වීමට ද ඉඩ තිබේ. සිකුරු ග්‍රහයාද දහයට ශුභ වේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.

යහපත් ගතිගුණ ඇති අයෙක් වේ. රජයේ රැකියා ද හිමි වේ. ශනි ග්‍රහයා දහයට එතරම් සුබ නොවේ. රැකියා ප්‍රශ්න මතුවේ. ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකි වේ. ශනි දහයේ සිටි විට බොහෝ ප්‍රසිද්ධ වේ. දේශපාලන කටයුතුවලට සුබවේ. කේතු ග්‍රහයා දහයට එතරම් සුබ නොවේ. රෝග ඇති කරයි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.