ලග්නය මෙන්ම නවාංශකයේ වැදගත්කම ද හඳුනා ගනිමු

අගෝස්තු 28, 2020

අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12 කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී ඇතැම් ජ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබද දක්වන අවධානය ඉතාම අඩුය. ජන්ම පත්‍ර හිමියාද ඒ සඳහා එතරම් අවධානයක් නොදක්වයි. 

නමුත් ලග්නභාවය සේම නවාංශකයද ඉතාම වැදගත්ය. ලග්නයෙන් 50% කොටසක් නවාංශකය තුළ ගැබ්ව ඇත. එම නිසාවෙන් නවාංශක කේන්ද්‍රයේ ඇති වැදගත් කමත් එය අපේ කේන්ද්‍ර තුළ පලාපල කථනයට යොදා ගත යුතු ආකාරයත් පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි. 

දල කේන්ද්‍ර උපයෝගි කොටගෙන පලාපල කථනය කිරීම මෙරට ජ්‍යොතීෂවේදීන් වෙතින් බහුලව දක්නට ලැබේ. එහිදී නිවරදිව පලාපල කථනය කිරීමට අප කේන්ද්‍රයේ ඇති නවාංශකය භාවිතා කළ යුතුමය. නවාංශකයක් නොමැති කේන්ද්‍රය කොල්ලෑවක් නැති ඔරුවක් වැනිය. කොල්ලෑව නොමැති විට ඔරුව පැද යා නොහැකිය. එය පෙරළී යා හැකිය.

පැරණි ඡ්‍යෙතිෂවේදීන්ගෙන් සියයට අනූවක් පමණ පුරුෂ නවාංශකය හා ස්ත්‍රී නවාංශකය කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ නිසා පැරණි කේන්ද්‍රයන් බොහෝමයක නවාංශක වැරදි ලෙස සටහන්ව ඇති බවද අපට දැකිය හැකිය. පුරුෂ හා ස්ත්‍රී වශයෙන් ඡන්ම පත්‍ර ලැබූ විට පිරිමියාට පුරුෂ නවාංශකයට සරිලන ලෙස උපන් වෙලාව වෙනස් කිරීමත් කාන්තා නවාංශකයට සරිලන ලෙස ස්ත්‍රී උපන් වෙලාව වෙනස් කිරීමත් සිදු කරන අවස්ථා කොතෙකුත් ජන්ම පත්‍ර පරීක්ෂාවේදී දක්නට ඇත. ඡන්මියා උපන් නියම වෙලාව අනුව පුරුෂයෙකු නම් ඔහුට හිමිව ඇත්තේ ස්ත්‍රී නවාංශකයක් වූ විට උපන් නිවැරදි වෙලාව මදක් වැඩි කර හෝ ආපස්සට ගෙන ආසන්නයේ ඇති පුරුෂ නවාංශකයට අනුව ඡන්ම පත්‍රය සාදයි. එය කිසිසේත් නොකළ යුත්තකි. මෙම වෙනස් කිරීමේ ක්‍රියාව ඉතා භයානක මෙන්ම ඉතා හානිදායක බව කිව යුතුමය. මෙසේ වෙනස් කිරීම තුළ බොහෝ විට චරිත ලක්‍ෂණ වැනි දේ පලාපල කථනයේදී වෙනස් වී යා හැකිය. එම නිසාවෙන් කිසියම් ජන්මියෙකු උපන් නිවැරදි වේලාවට නැගෙනහිර ක්ෂිතියේ පායන ග්‍රහ තාරකා අනුව සැකෙසෙන නිවැරදි දල කේන්ද්‍රයත් නවාංශක කේන්ද්‍රයත් විය යුතුමය. 

නවාංශකයේ ඇති වැදගත්කම මනසාගරී කතුවරයා විසින් මැනවින් උළුප්පා දක්වා ඇත. චන්ද්‍රය බීජය ලෙසද උදා ලග්නය පුෂ්පය ලෙසද නවාංශකය ඵලය හෙවත් ගෙඩිය ලෙසද ඉතා තර්කානුකූලව දක්වා ඇත.’නවමාංශ කලත්‍රානං’ යනුවෙන් අර්ථ දක්වන්නේ විවාහය පිළිබඳ නවාංශකයෙන් විමසිය යුතුම බවය. යම් ජන්මියෙක් උපන් උදා ලග්නයේ නාමයම නවාංශකයටද තිබේ නම් එම උපත වර්ගෝත්තම උපතක් වශයෙන් හඳුන්වයි.

පුරුෂ නවාංශක සහිත ස්ත්‍රීය යම් තරමකින් හෝ පුරුෂ ගතිගුණ වලින් යුක්ත වෙයි. එසේම ස්ත්‍රි නවාංශකය සහිත පුරුෂයෙකු වෙතොත් ඔහු තරමක් ස්ත්‍රි ගති ලක්ෂන පිහිටන බව සිහිය තබා ගත යුතුය. පැරණි සෘෂිවරුද මේ බව සඳහන්කර තිබෙයි. කෙන්ද්‍රයේ වෙනත් ග්‍රහ සංයෝග අනුව මෙහි ස්වාභාවය අඩු වැඩි වන බවද අප මතක තබා ගත යුතුය.

දැන් අපි නවාංශකය යනු කුමක් දැයි විමසා බලමු. සෑම කොටුවක්ම රාශිය නොහොත් භාවය වශයෙන් හැඳින්වීමට ඔබ ඉටා ගත යුතු ය. ඒ අනුව එක් රාශියකට නවාංශක නවයක් තිබේ. අංශක 30 නවයෙන් බෙදා ලැබෙන කොටස 30/  03.20 අංශක තුනයි කලා 20 කොටස නවාංශකයක් ලෙස හඳුන්වයි. මේ අනුව එක රාශියකට නවාංශක 9 ක් තිබේ නම් 9 ය 12  108 රාශි 12 ට නවාංශක 108 ක් තිබේ. මේ නවාංශ එකසිය අටෙන් කුමන ස්ථානයක හෝ ග්‍රහයන් නවදෙනා තැන්පත්ව ඇත. 

හත අධිපති, හත්වැන්නේ සිටි ග්‍රහයන්, සිකුරු හා සිකුරු සිටි භාව අධිපති නොහොත් අභිලාෂ දායකයා සඳු ආදී ග්‍රහයන් විවාහයට බලපාන්නේ ය. මොවුන් උදා ලග්නයේ සුබව සිටි පමණින් විවාහ ජීවිත සාර්ථක නොවේ. මොවුන් නවාංශකයේ දුබලව සිටී නම් විවාහ නොවීම හෝ විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි. විවාහ කිහිපයක් සිදුවේද? කන්‍යා භාවය කෙලෙසාගත් යුවතියක් විවාහයට ලැබේද පැවසීමට නම් නවාංශකය අධ්‍යයනය කළ යුතුම ය. විවාහ ප්‍රමාදයට හේතු ද නවාංශකයෙන් බැලිය යුතු ය. ඔබගේ ඉෂ්ට දේවතාවුන් පාලන දේවතාවුන් ආත්ම කාරක ග්‍රහයින් කවුරුන් දැයි සොයා ගන්නේ ද නවාංශකය තුළිනි. රැකියාව ලැබෙන කාලය තීරණය කිරීමට නවාංශකය ඉතා වැදගත් වේ. විවාහය සිදුවන කාලය මැන බැලීමට ද නවාංශකය ඉතා වැදගත් වේ. 

හත අධිපතියා වැස උන 

නව අංසෙට තෙකොන වෙමින 

සුරගුරු ආ කලට නදන 

සතට විවා සැප ගෙන දෙන 

හත අධිපති උදා කේන්ද්‍රයේ නවාංශකයේ සිටි රාශිය බැලිය යුතු ය. මෙම රාශියට හෝ ත්‍රිකෝණ රාශිවල ගුරු ගමන් කරන විට විවාහ සැපත දෙන බව ඉහත ශ්ලෝකයේ අදහසයි. නීත්‍යානුකූලව හෝ නොමැතිව අඩු තරමින් කී දෙනෙක් තම වසඟයට ගන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුම ය. වැඩ තහනම් වීම්, ස්ථාන මාරු සේවයෙන් පහකිරීම්, ශෛල්‍යකර්ම මරණය හෝ ඒ හා සමාන වේදනා පිළිබඳ නවාංශකයෙන් තොරව බැලිය නොහැකි ය.සිය දිවි හානිකර ගැනීම්, ජලයෙන් විස විෂවලින් සතුන්ගෙන්, මහජනතාවගෙන් මැරුම් කන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුම ය. යෝනි රෝග පිළිබඳව ද නවාංශකයෙන් පැවසිය හැකි ය. නවාංශකයේ සත්වැන්න ප්‍රථම විවාහය  පෙන්වන අතර ඊට පෝෂණය හෝ මරණය ඉන් දෙවැන්න වූ නවාංශකයෙන් අටවැන්නෙන් බැලිය යුතුම ය. සියලු ලෞකික අවශ්‍යතා පාලන දේවතාවුන් ලබාදෙන අතර පාලන දේවතාවන් යනු නවාංශකයේ අමාත්‍යකාරක ග්‍රහයා සිටි තැනින් සයවැන්නේ සිටි ප්‍රබල ග්‍රහයා හෝ ග්‍රහයින් නොමැති නම් රාශි අධිපති පාලන දේවතාවුන් ය. වැඩිම අංශක ගාණක් ගත කළ නොහොත් වලඳන ලද ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වශයෙන් හඳුන්වයි. සියලු අරමුණු යුතුකම් ඉටුකර ගැනීම සඳහා දෙවි දේවතා වන්දනය අතීතයේ සිටම පැවත එන්නකි. මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා ජන්මියා යොමු කළ යුත්තේ ධමර් දේවතාවුන් වෙතය. ආත්ම කාරක ග්‍රහයා නවාංශකයේ සිටි තැනින් 9 වැන්නේ සිටි ග්‍රහයා හෝ ග්‍රහයන් නොමැති නම් රාශි අධිපති ධමර් දේවතාවුන් ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.