කාලසර්ප යෝගයත් හතර කේන්දරේ පාළුවත් ඇති කේන්ද්‍රයක්

අප්‍රේල් 30, 2021

ජීවිතයේ ප්‍රශ්න ඇතිවූ විට කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීමට යෑම බොහෝ දෙනකුගේ සිරිතක්. මේ අන්දමට හොඳ නරක බලවා ගන්න ගියාම කබලෙන් ලිපට වැටෙන වාරද නැත්තේ ම නොවේ.

මුදල් පසුපස හඹා යන තැනට ම අද මුළුමහත් සමාජයම පෙළගැසී තිබෙන බැව් පැහැදිලිය.

සියල්ලම ඉලක්ක කර ඇත්තේ සල්ලිය අද කතා කරන්න යන්නේ හතර කේන්ද්‍රය පාළු කාලසර්ප යෝගයක් හිමි එක්තරා ජන්මියෙකු ගැනයි.

1959.11.23 මකර ලග්නය කුම්භ නවාංශකය (රවි 5.09) ශේෂව ඇත. උත්‍රපල් නැකත

මකර ලග්නය හිමිව උත්‍රපල් නැකතින් උපත ලත් මැය ළමා කාලයේ අධ්‍යාපනයක් ලබා පසුව විදේශ ගතවී රැකියාවෙන් මුදල් උපයාගෙන මෙරටට පැමිණ විවාහ වී සිටියාය. සැමියාගේ නොපනත්කමක් නිසා පීඩා වීමත් නිසා ඔහුගෙන් දික්කසාදවූ ඇයට එක පුතෙක් සිටී. ඔහු විදෙස් ගතවී පරිපාලන ක්ෂේත්‍රයේ උසස් රැකියාවක නිරතවී සිටී.

මැයගේ ජීවිතය පාළු තත්ත්වයට පත් නොවූයේ මැගේ දරුවා නිසාය. ඔහු ආර්ථිකමය අතින් ද ශක්තිමත් වන අතර විවාහකයි.

හතර කේන්ද්‍රය පාළුවී කාලසර්ප යෝගයක්ද හිමි මැය උපතින්ම ඉතාම දක්ෂයි. රූප සුන්දරියක් නොවූවත් මැය දෙස වරක් දෙවරක් නොව කීපවරක්ම බලන්නට සිතෙන රූ සපුවක් හිමිය. කතාවේ දක්ෂයි. දිරිය කතකි. මකර ලග්න හිමියන් උපතින්ම දක්ෂයි. කුතුහලයෙන් ද යුක්තය. දිවෙන් නොව මොළයෙන් කතා කරයි. ආත්ම ශක්තිය ඉහළින්ම ඇති අතර තද ආත්මාර්ථකාමීන්ය. ලෞකිකය සම්පත් උත්සාහයෙන් ළඟා කර ගනී.

මැය කේන්ද්‍රය පසෙක තබා උත්සාහයෙන් දිරිය කතක් වූවාය. ඉඩමක් ගෙන අංග සම්පූර්ණ සුවිසල් නිවසක් ද ගොඩනගා ඇති අතර සුඛෝපභෝගී වාහනයකද හිමිකාරියකි.

දැනට හැට එක් වැනි වියේ පසුවන මැය අදත් ගේ දොර පිරිසුදුව තබා ගැනීමට වෙහෙස දරන්නීය. පවිත්‍රකාරක මහා පින්බිමක් ලෙස ඉඩම සකස් කර ඇති ඇතර නිවසද අතිශයින්ම දැකුම් කළුය. කේන්ද්‍රය බල බලා අපල වලට ම වහල්වී කෙම්පහන් කරමින් දේවාලවලට යමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පසුපස දුවමින් කාලය නිකරුණේ වැයකරන පිරිසට මැය කදිම ආදර්ශයකි. චිත්ත ශක්තිය නිසි අයුරින් යොදවා සිය වැඩ කටයුතු සාර්ථක කරගැනීමයි විය යුත්තේ. ඒ සියල්ලම මැය සාර්ථක කර ගෙන ඇත.

සුබසෙත පාඨකයින්ගේ දැනුවත් කිරීමේ අදහසින් මෙවැනි අසුබ යැයි සැලකෙන කේන්ද්‍ර හිමියන් කොතෙකුත් සිටින බැව් පවසමි. හතර කේන්ද්‍රය පාළු විෂ කන්‍යා දෝෂ කාලසර්ප යෝග වැනි අයහපත් ග්‍රහ චාරවලින් ගහණ කේන්ද්‍ර හිමියන් අපල වලටම වහල්වෙමින් කිසිවක් නොකර අඳුරේ යන්නේ නම් එයට මෙවැනි කේන්ද්‍ර හිමියන් කදිම නිදසුනකි. ග්‍රහයින්ටම වහල් නොවි යායුතු නියම මග ඔස්සේ පියමං කර ජීවිතයේ දිනුම් කණුව වෙත ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුවේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.