කොරෝනා නව තත්ත්වය ඡ්‍යොතිෂ ඇසින්

මැයි 28, 2021

මුළු ලෝකයටම ඇති ප්‍රමුඛ පෙළේ තර්ජනයක් තමයි මේ කොරෝනාව. මෙවැනි වසංගත විශ්වය පාලනය කරන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ කිරණවල බලපෑම්, රටේ සෘතු ගැන යමක් කිවුවොත් ඕවා ඔක්කොම ක්‍රියාත්මක වන්නේ ග්‍රහ බලපෑම් උඩ. මනුෂ්‍යයාට බේරෙන්න බැරි ඉතාම විශාල දේ තමයි ස්වභාවධර්මයා එරෙහි වීම. එනම් වසංගත රෝග පතුරවන එක ඉන් ප්‍රධානයි. නියඟ, ජල ගැල්ම, ගිනිකඳු මේවත් නපුරු විශ්වශක්තියේ ප්‍රභේද තමයි. මේවා ඇති වන්නේ ස්වභාවිකක විපර්යාසවලින්. අපි ස්වභාවධර්මයාට ආදරය කරන්න ඕනෑ හිතෙන් ගතින් දෙකින්ම. පින්තූර පෙට්ටියෙන් කළාට හරියන්නෙ නැහැ. කෘත්‍රිම දේ පස්සේ ගියොත් ඇති වන්නේ විනාශය. අද රටට වෙලා තියෙන්නෙ ඒකමයි. කන්නෙ ටින් ආහාර, පැකට් ආහාර. රට වටේට මුහුද. සැමන් ගෙන්වන්න කොච්චර වැය කරනව ද? අනික එහි ඇතුළට දමන දේ ශරීරයට හිත කර නැහැ.

ඕනෑම රටකට වර්ෂාව අධික ගී‍්‍රෂ්මය, තද සුළඟ ලබා දෙන්නෙ වායුගෝලයේ බලපෑම් මත කිවුවොත් නිවැරදියි. අපි පුංචි කාලේ මේ ස්වභාවික විපත්වලට දේව කෝප කියල කිව්වා. දෙවියො කිවුවේ විශ්වාසය කඩවුණාට දේව කෝප ඇතිවනවා. ඕවා අද ඊයේ ඇති වූ දේ නොවේ. මේ දේවල් ඡ්‍යොතිෂය මගින් ප්‍රකාශ කළාට ඒක ගණන් ගැනීමක් නැහැ. හැබැයි, අවිශ්වාස කරන්නෙත් නැහැ. මේ හැම එකක්ම සිංහල හැර ඉංගී‍්‍රසි හෝ වෙනත් ඕනෑම භාෂාවකින් එළිදරව් කළාට ඒක හිස මුදුනෙන් පිළිගන්නවා. ඡ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය තුට්ටුවකට මායිම් නොකරන රටේ ඉතා ප්‍රසිද්ධ අය මරණය ගැන මතක් වුණාම ඉතා රහසින් මේ වැඩ කරගන්නවා. අපිත් රහස රකිනවා. අපි තාම ඉන්නෙ ලෝකේ උඩ. ලෝකේ ඇතුළට යන්න හැකිවන්නෙ කවදා ද මන්දා. මේ රට පිරිහෙවන්නෙ පිටින් ඇවිල්ල එහෙම නොවේ මේකෙම නිකං කාලා නොමිලේ අධ්‍යාපනය අරගෙන ලොකු තැන්වල ඉන්න අය. කොටින්ම කිව්වොත් එංගලන්තයේ සීතලයට දමන ටයිපටිය දමලා සීත කාමරවල වැඩ. මේවා චාරිත්‍ර වගේ පෙනුනට ලොකු තැන්වලින් ආපු වාරිත්‍ර. ඒ කිවුවේ නොකළ යුතු දේ. පුංචිම උදාහරණයක් කියන්නම්. අපි පුංචි කාලේ පාර හරහා ගියේ කහ පාට ගාපු ඉරි දෙක මැද්දේ. අද කහපාට නැති උනේ කාගේ වුවමනාවට ද රටට බත සපයපු ගවයා මරා දමලා උගේ මස් සමඟ පාන් කනවා. රටින් ගෙනා වයිං බිබී ඇයි අපි මේ නොහොඹිනා පුරුදු කරන්නේ? මේවා පෘතුගීසි, ඕලන්ද, ඉංගී‍්‍රසි අපිට දුන් වාරිත්‍ර දායාද, මම හිතන් හිටියේ වෙනත් සටහනක් ලියන්න. නමුත් පවතින තත්ත්වය උඩ ඒක වෙනස් කරල ඉදිරිය ගැන ටිකක් ලිවුවා නම් හොඳයි කියලා හිතුණා. එතකොට බොහෝ දුරට කාගේවත් එන්නත් නැතිව, පෙති කරල් නැතිව ජීවත් වන්න වරම් ලැබේවී.

පසුගිය අවුරුද්දේ මේ පුවත්පතින්ම මම කිව්වා වසංගතයේ තත්ත්වය හා සිදුවන මරණයක් ගැනත්. ඒවා හරියටම හරි ගියා. ඊට පසු ලිවුවා තල්මසුන් දකුණූ වෙරළේ ගොඩ ගැසූ වෙලේ ඊසාන ත්‍රිමලේ දිසාවේ කුණාටුව ගැන, ඒකත් හරි ගියා. නැවත ලිවුවා. කොරෝනා අසවල් කාලයට නැවත ඔලුව ඔසවනවා. ඒක සිදු වුණා ද සිදුවෙමින් පවතිනව ද කියල ඔබම හිතන්න. මේවා කියන්නෙ සතුටින් නොවේ.

ලංකා කේන්දරයේ බ්‍රහස්පති ලග්නයේ හා මකරයේ නීච වේවී. වක්‍ර වේවී භ්‍රමණය වනවා. ඒකත් අමතක කරන්න එපා. ලංකා කේන්දරයේ රවි, සඳු, අඟහරු හා බ්‍රහස්පති, පාපියි තත්කාල කේන්දරයේ සුරගුරු උපදෙස් දීම අතහැර 2021.09.14 හෝ ඊට ආසන්න කාලයක මකරයට යනවා නීච වෙලා. 12 වැනි රාශියත් පාපි ස්ථානයත් අස්ථිර රාශියක්. වැය කරන තැනක්.

මතක ද පසුගිය වසරෙ කිවුවා යමක් ක්‍රියාත්මක කළ යුතු අය නිසි අයුරින් නොකරන ක්‍රියාවන් නිසා රටේ කොරෝනා පාලනය අක්‍රමවත් වනවා කියල. දැන් ඒක සෞඛ්‍ය සංගමය කියනවා. සමහරු කියනවා රට වහන්න කියල. සමහරු කියනවා ඒක කරන්න එපා කියලා. කේතු මේ වසරේ උච්චයි. ගෝචරය අඟහරුට අයිති 10 වැන්නේ රටේ පීතෲ ස්ථානයයි.

කොවිඩ් පැතිරීම රටට, රටේ ආර්ථිකයට පහරක් වුණාට සමහර විශේෂඥ මහත්වරු, මහාචාර්යවරු පින්තූර පෙට්ටියෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. එහෙම අය සිටිය ද කියල නොදන්න අය එළියට ආවා. අද දකින කෙනා කියන දේ නොවෙයි හෙට දකින අය කියන්නේ. රටේ හමුදාපති විතරයි වචනය වෙනස් නොකර වෙනස් නොවී ඉන්නේ. රටේ වෙච්චර පණ්ඩිතයෝ ඉන්න බව දැන ගත්තේ කොරෝනා නිසා. බොරු ප්‍රචාර කරන අය ඉන්නව නම් දෙවියන්ගේ නාමෙන් ඒක නවත්වන්න. ඔබට ඒක නවත්වාගන්න බැරි බවත් දන්නවා. මොකද කෙහෙතා බොරුකාරයා. උච්චයි. ගෝචරය අඟහරුට අයත් රාශියේ. අඟහරුවා යමක් පතුරවනවා. සෙනසුරා පාපියා මැයි 23 වැනිදා වක්‍රය ආරම්භ කළාට ඔක්තෝම්බර් 11 වැනි දා නිවෘත වනවා. ඒ කිවුවේ ඇස් අරිනවා. මේ කිවුවේ ඡ්‍යොතිෂ සරල භාෂාවෙන්. 2021 මැයි 12 සිට 2022 අප්‍රේල් වෙනතෙක් සෙනසුරු ක්‍රියාශීලියි. මකරයේ භාවාධිපතියා වුණාට මකරයට මාරක වන අවස්ථා නැතුව නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ භාවාධිපතියා මාරක වන්නේ මේ හෙනහුරා විතරයි කියල දැන ගත්තොත් හොඳයි. මේ විස්තර පරිගණකයේ හොයන්න එපා. ඒකේ බොත්තම් මිරිකුවාට මේ විස්තර එන්නේ නැහැ.

ඡ්‍යොතිෂයට නෑකම් කියන ටිකක් එහාට යන ගුප්ත විද්‍යාවට අයිති “කෙම් ගුරුකම්” ගණන් ගන්නෙ වත් නැහැ. මරණ භය ආවාම අත වටේටම නූල් බඳිනවා. මේවා වගකීමෙන් කියන්නේ. ඒ දවස්වල මම නරසිංහය මන්ත්‍රය සමඟ ආදේශිත ගුරුකමක් ඒ කිවුවේ, කෙමක් ප්‍රසිද්ධ කළා. නාලිකාවක හා මෙම පත්‍රයේම එක් වසරක් පමණ කාලයක් අමතක වෙලා ඔන්න දැන් හොයාගෙන එනවා. ඒ කෙම මුදලට නොකරන නිසා හරි වටිනවා. දැන් බොහෝදෙනාට අඩුම ගානේ සමහර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය මෙන්ම රතන සූත්‍රයත් අමතක වෙලා.

එහෙම වීම පිළිබඳව පුදුම වන්නත් හේතුවක් නැහැ. මොකද ඒ අයගේ කාර්යය දැන් ඒක නොවන නිසා. බුදුන් වහන්සේගේ බෝධිසත්ව කාලේ බුද්ධත්වය ලබන්න ප්‍රමාද වුණාම පස්වග මහණුන් උන්වහන්සේ හැර ගියා. ඒ අවස්ථාවේ බුදු සාදු ඒ පස්වග මහණු උගත් කියල ඒ අයට කිවු දේ කළේ නැහැ. නිවැරදි සත්‍ය දේ කළේ. මේ කාලෙට අපි ඒකම ආදේශ කරගත්තොත් බොහෝ යහපත් වැඩ සිදු වේවී. ඒ දිනවල බෝ වෙන රෝගියෙක් ගෙදරක හිටියොත් ඒක අන් අයට දැන් වූයේ කොහොඹ අත්තක් උළුවස්සේ එල්ලලා. අද දන්වන්නෙ බෝඩ් ගහලා. බලමු අපි කොච්චර පහළට වැටිල ද කියලා. එහෙනම් අපි නිවැරදි වෙලා නැගිටිමු. සත්‍යයෙන් නැගිටිමු. සමහර උදවිය කොරෝනා එන්නත ඒ කිවුවේ පළමු එන්නත ගත්තෙ නැහැ. ප්‍රවේශම් වුණා. හැබැයි කාටත් කිවුවේ නැහැ. පින්තූර පෙට්ටියේ පෙන්නුවේත් නැහැ. අදටත් ඒ අයට කරදරයක් නැහැ. එසේ නොගත්තේ ප්‍රතිලක්ෂණ වැටහීම් තිබුණු නිසා වන්න ඇති. දේශයක් දියුණු කරන්න නම්, නිරෝගිව ඉන්න නම් නිවැරදි දේ කරන්න ඕනෑ ඉහළ සිට පහළට මිස පහළ සිට ඉහළම නොවේ. ඡ්‍යොතිෂ ආයුර්වේදය කිට්ටු කර ගත්තොත් කොරොනාව මීට වඩා ජයගත හැකි වේවි.

 

ඡ්‍යොතිර්වේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.