ඔබටත් වාහනයක හිමිකම තිබේද?

ජුනි 4, 2021

වාහනයක් හිමිකර ගැනීම කවරෙකුගේ වුවද සිත තුළ පවතින තදබල අපේක්ෂාවකි. වාහනයක හිමිකම ඔබට ඇත්දැයි විමසා බැලීමේ දී කේන්ද්‍රයේ හතර වැන්න හා සිකුරු ග්‍රහයාගේ පිහිටීම සැලකිල්ලට ගත යුතු ය.

කේන්ද්‍රයක හතර වැන්නාධිපති ග්‍රහයා ගුරු සමඟ ලග්නයේ පිහිටා ඇත්නම් එබඳු අයෙකුට වාහන හිමිකම ඇත. සිකුරු ග්‍රහයා හතර වැන්නේ පිහිටීම ද වාහන හිමිකම ලබාදෙන යෝගයකි. හතරවැන්නාධිපති ග්‍රහයා 11 වැන්නේ සිටිය දී ගුරු තුන හෝ හත පිහිටීම ද වාහනයක හිමිකමට හේතු වේ.

හතර වැන්නාධිපතියා 11 වැන්නාධිපති ග්‍රහයින් ඔවුනොවුන්ගේ රාශි මාරු කරගෙන සිටීම ද, හතර වැන්නාධිපති හා 11 වැන්නාධිපති ග්‍රහයින් එක් ව 1, 2, 4, 9, 10, 11 යන භාවයක තැන්පත්ව සිටීම ද වාහන හිමිකම ලබාදෙන පිහිටීම් ය.

නව වැන්නාධිපතියා ගුරු හා සිකුරු සමඟ එක්ව 4, 9, 11 යන භාවයක පිහිටීම ද වාහනහිමිකම ලබාදෙන යෝගයකි. ගුරු හා සිකුරු 4 අධිපතියා සමඟ එක්ව කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක තැන්පත්වීම ද, ගුරු හතර වැන්නේ සිටිය දී, හතර වැන්නාධිපති 10 වැන්නේ තැන්පත්වීම ද හතර වැන්නාධිපති නවය හෝ 11 යෙදී 11 වැන්නාධිපතියා හතර වැන්නේ වීම ද, හතර වැන්නාධිපති 11 වැන්නේ සිටියදී ගුරු තුන හෝ හත තැන්පත් වීම ද හතර අධිපති හතර ම තැන්පත්වීම ද ලග්නාධිපති 4, 9, 11 යන භාවයක පිහිටීම ද වාහනයක උරුමය ලබාදෙයි.

ගුරු හතර වැන්නේ සිටිය දී හතර අධිපති දහය තැන්පත්වීම ද, සඳුගෙන් හත් වැන්නේ සිකුරු පිහිටීම ද හතර වැන්නාධිපතියා උච්ච වී එම උච්ච රාශියට අධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක යෙදීම ද වාහනයක හිමිකම ලබාදෙන පිහිටීම් වේ. මෙම පිහිටීම ඔබේ කේන්ද්‍රයේ ඇත් දැයි හඳුනා ගැනීමට පහත සටහන උපයෝගී කර ගන්න.

 

කපිල ඉන්ද්‍රික ගුණදාස

ඡ්‍යොතිෂවේදී හා වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.