ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය පාඩම් මාලාව 2 නක්ෂත්‍ර වළල්ල

සැප්තැම්බර් 10, 2021

රාශි චක්‍රයේ රාශි දොළහට ඇතුළත් වන අංශක 360ක් වන හිරුගේ ගමනට සාපේක්ෂව කොටස් දොළහකට බෙදා ඇති ආකාරයටම පෘථිවිය වටා ගමන් ගන්නා සඳුගේ ගමන් මඟට පසුබිම් වන සමාන කොටස් 27කට බෙදා ඇත.

 

ඒවා නක්ෂත්‍ර හෙවත් නැකැත් යනුවෙන් හැඳින්වේ. රාශි චක්‍රයේ රාශි බෙදීම් මෙන්ම නක්ෂත්‍ර වළල්ලේ නක්ෂත්‍ර බෙදීම්ද ආරම්භ වන්නේ මේෂ 0 සිටමය, එම ස්ථානය ආකාශ ගෝලීය නිරක්ෂය සහ ක්‍රාන්ති වෘත්තය හමුවන වසන්ත විෂුව ලක්ෂ්‍යය වෙයි.

ක්‍රාන්ති වෘත්තය යනුවෙන් හැඳින්වෙන්නේ හිරු වටා පෘථිවිය ගමන් ගන්නා කල්පිත රේඛාවයි. එසේම පෘථිවි නිරක්ෂ රේඛාව අහස ඉහළට දිගුකල විට අහස් තලය මත ඇතිවන කල්පිත වෘත්තය ආකාශ ගෝලීය නිරක්ෂය වෙයි. මේෂ රාශිය ආරම්භක ස්ථානයේ සිට බටහිර දෙසට ගමන් ගන්නා වෘත්තය මත පිහිටි කොටස් 12 රාශි චක්‍රය වන අතර මේෂ ආරම්භයේ සිට යෙදෙන කොටස් 27කින් යුතු චක්‍රය නක්ෂත්‍ර වළල්ල වෙයි. රාශියක ප්‍රමාණය අංශක 30ක් වන අතර නක්ෂත්‍රයක් අංශක 13.20 කි. එවිටට එක් රාශියක් තුළ නක්ෂත්‍ර 2 යි කාලකි.

නක්ෂත්‍ර චක්‍රයේ නක්ෂත්‍ර 27 සහ එක් එක් නක්ෂත්‍රයේ අධිපති බවද නව ග්‍රහයන්ටම හිමිය. නක්ෂත්‍ර සහ ඒවායේ අධිපති බව පිළිවෙලින් මෙසේ ය.

නක්ෂත්‍ර 27

අංකය නක්ෂත්‍රය අධිපති

1 අස්විද කේතු

2 බෙරණ සිකුරු

3 කැති රවි

4 රෙහෙණ සඳු

5 මුවහිස කුජ

6 අද රාහු

7 පුනාවස ගුරු

8 පුෂ ශනි

9 අස්ලිස බුධ

10 මා කේතු

11 පුවපල් සිකුරු

12 උත්‍රපල් රවි

13 හත සඳු

14සිත කුජ

15සා රාහු

16 විසා ගුරු

17 අනුර ශනි

18 දෙට බුධ

19 මුල කේතු

20 පුවසල සිකුරු

21 උත්‍රසල රවි

22 සුවන සඳු

23 දෙනට කුජ

24 සියාවස රාහු

25 පුවපුටුප ගුරු

26 උත්‍රපුටුප ශනි

27 රේවතී බුධ

 

මෙම සටහනෙහි දක්වා ඇති නක්ෂත්‍ර 27 හි සෑම නක්ෂත්‍ර 9කටම පසුව එන 10 වැන්න එකම ග්‍රහයකුට අයත් වෙයි. ඒ සම්බන්ධතාවය ගැන තොරතුරු මීළඟට බලමු

 

ජී.එච්.ඩබ්ලිව්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.