ඔබ ධනවතෙක් වෙයි ද? කේන්දරෙන් බලමු

අප්‍රේල් 29, 2022

අද අපි ඔබට කතා කරන්නට සූදානම් වන්නේ, ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ධනවත් බවට පත්වන්නේ කෙදිනක ද යන්න ගැනයි. ඔබේ ලග්නය කුමක් වුවත් ග්‍රහ පිහිටීම, හැසිරීම් රටාවට අනුගතව ඔබට අනාගතයේ විශාල ධනවතෙක් වීමේ භාග්‍යය රැඳී තිබේද යන්න කේන්දරයෙන් විමසා බැලිය හැකිය.

අපි දැන් ග්‍රහ රටාව හරහා එය නිරීක්ෂණය කරමු.

මේ ග්‍රහ පිහිටීම නිවැරදි වන්නේ උපන් වේලාව හරි හැටි දැන ගැනීමෙනි. එයින් නිවැරැදි සත්‍ය තොරතුරු රැසක් ම දැන ගැනීමට හැකිවේ.

දක්ෂ ඡ්‍යොතිෂවේදියකු ලවා ඔබේ කේන්දරය පරීක්ෂාකර බැලීමෙන් ඔබටත් අනාගතයේදී විශාල ධනවතෙක් වේ දැයි,එවැනි භාග්‍යයක් ඇද්දැයි පරීක්ෂා කර බැලිය හැකිය.

අහස් සිතියමේ සනිටුහන් වූ නිරන්තරයෙන්ම භ්‍රමණය වන ග්‍රහ කිරණ මඟින් පෘථිවිය මත උපදින ජීවින්ට බලපෑම් කෙරේ. විශේෂයෙන්ම දරුවකු මෙලොවට බිහිවන මොහොතේදී කේන්දරයේ කොටු 12 හේ පිහිටන ග්‍රහ හැසිරීම් රටාව හරහා පුද්ගල ජීවිතය කියැවේ. (ඹ්ඪටඥ අඥචඤඪදඨ)

මෙහිදී ළමා කාලයේ සිට මහලු වියත් මනාව විග්‍රහ කළ හැකි වාර්තාවක් එක් රැස්වේ.

උපතින්ම කෙනෙකු ධනවත් වීමත් උත්සාහයෙන් ධනවත් වීමත් දෙයාකාරයකි.

පාරම්පරික ධනයක් ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකටය. සිය උත්සාහයෙන්, උනන්දුවෙන් මුදල් එක් රැස් කරමින් පසුව ධනවත් වේ.

සමහර විට සමහර අයට කිසිසේත් ම මිය යන තෙක්ම ධනවත් විය නොහැක. දිළින්දෙක් ලෙස ජීවත් වේ. කොපමණ උත්සාහ කළත් ඵලක් නොවේ. සමහර පිරිසකට නොසිතූ අන්දමට මිල මුදල් ලැබෙනු ඇත. මෙසේ මුදල් ලැබීමට උපතින්ම භාග්‍යය තිබේද යන්න ඔහුගේ, ඇයගේ කේන්දරයෙන් සොයාගත හැක.

ඔබේ කේන්දරයේ ග්‍රහයින් තුන්දෙනකු උච්චව ඇත්නම් විශාල ධනවතෙක් වේ.

ග්‍රහයින් හතර දෙනකු ස්වක්ෂේත්‍රව ඇත්නම් ධනවත් වේ.

නවය අධිපති 5හේ ද 5 අධිපති නවයේ ද ඇත්නම් ධනවතෙක් වේ.

10 අධිපති පහේ ද හතර අධිපති 10 සිට ත්‍රිකෝණ අධිපතියන් දැකීමෙන් ධනය ලැබේ.

ලග්නය 4,5,10 යන තැන්වල අධිපතීන් බලවත්ව 9 අධිපතියා සමඟ එක්වීමෙන් මහා ධනවතෙකු වේ.

නවවැන්න ධනු මීන ලග්න දෙකින් එකක්ව පස්වැන්න අධිපති ග්‍රහයා දකින ශුක්‍ර 10 යේ සිටී නම් විශාල ධනවතෙක් වේ.

සිකුරු 5හේ බලවත්ව 11 වැන්නේ සෙනසුරු සිටී නම් විශාල ලෙස මුදල් ලැබී ධනවත් වේ.

සඳු වෘෂභ, මිථුන, කටක, කන්‍යා, ධනු, මීන ලග්නයක ලග්නයේ සිට ශුභ ග්‍රහයින් දැකීමෙන් විශාල ධනවතෙක් වේ.

කටක ලග්නයේ සඳු සිට සෙනසුරු 11 වැන්නේ නම් විශාල ලෙස ධනය ලැබේ.

මකර, කුම්භ දෙකින් එකක් පස්වැන්න වී සෙනසුරු සිට බ්‍රහස්පති දැකීමෙන් මහා ධනයක් ලැබේ. 5,11 යන තැන් දෙකෙහි අධිපති ග්‍රහයින් ශුභ ග්‍රහ සංයෝග ඇත්නම් විශාල ධනවතෙක් වේ.

ලග්නය සිංහ වී රවි හෝ ගුරු කුජ ලග්නයේ දෙදෙනා සිටී නම් විශාල ධනවතෙක් වේ. කටක ලග්නයේ සඳු, ගුරු, කුජ සිටියහොත් ධනවතෙක් වේ. කන්‍යා ලග්නයේ සඳු, බුධ සිටීමෙන් විශාල ධනවතෙක් වේ. කන්‍යා ලග්නය වී බුධ ලග්නයේ ද ගුරු 11 හේද සිකුරු 02 වැන්නේ ද සඳු 10 යේ ද සිටී නම් විශාල ධනවතෙක් වේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.