සෙනසුරු සැමවිටම අසුබ නොවේ

මැයි 13, 2022

 

සෙනසුරු අපල සපල කර ගැනීමට වත්පිළිවෙත් මෙන්න

 

සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබදායක වනු ඇත.

 

සෙනසුරුගෙන් උදාවන්නාවූ ග්‍රහ අපල සඳහා පහත සඳහන් වත් පිළිවෙත් ඉටු කිරීම තුළින් එම ග්‍රහ අපල තත්වයන්ගෙන් බොහෝ දුරට අත්මිදීමේ හැකියාව ඔබට උදාවනු ඇත.

 

අපායේ හෝ ස්වර්ගයේ යතුර ඇත්තේ සෙනසුරු අතය. ඒ ශනි ග්‍රහයා පිළිබඳව ජනප්‍රිය කියමනකි. මෙම යතුරු දෙකෙන් ලබා ගත යුතු යතුර තීරණය කළ යුත්තේ ඔබ විසිනි. මන්දයත් යහපත් වූ ධාර්මික ක්‍රියාවල අප යෙදුණු කළ සෙනසුරු අපට නොපැකිළිව ස්වර්ගයේ යතුර ලබා දෙනු ඇත. එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්‍රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගතකරන කළ අනිවාර්යෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු නොඅනුමානයි. එය යථාර්ථය හා පරම සත්‍ය ලෙස අප වටහා ගත යුතුය.

ඔබ බෞද්ධයකු නම් පුර පක්ෂයේ දින 09ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල් මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09ක් පූජා කිරීමත් කිරිකොළ 09ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ අපල තත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09ක කාලයක් පිළිවෙත්කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබදායක වනු ඇත.

සෙනසුරු ඒරාෂ්ටක ශනි මහ දශා හා අතුරු දශා අපල පවතින විට සෙනසුරු ග්‍රහයාට අයත් වෘක්ෂය වන නුග වෘක්ෂයට සාත්තු කිරීම, මෛත්‍රී භාවනාව වැඩීම සුබදායක වේ.

සෙනසුරාදා (ශනිදා) දින වල උදේ 6 / 7ත් අතර එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක් ද තබන්න.)

දුගී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදවු උපකාර කරන්න. (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල් )

හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිළී යන සතකුට කෑමට දෙන්න.

හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.

ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.

අමාවක පෙහොය දිනවල තමාගේ වයසට අදාළව බෝධියක් අබියස එළඟිතෙල් පහන් දල්වන්න.

ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න.

මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන් දෙන්න.

විෂ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් භාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම, සෙත්කවි කියවීම ඉතා සුබදායකය.

අතපය වාරු නැති අයහට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත්, එළවළු වෑංජන සහිතව දන්දීම සුබදායක වනු ඇත.

නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය, යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැලඳීම.

සෙනසුරාදා දිනවල නිර්මාංස ආහාර ගැනීම.

කළුතල අංජනකැට, වී, පොරි, සතකුප්ප, බැවිල, සුවඳකොට්ටම්, දේවදාර, කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.

කිරි අම්මාවරුන්ට දානයක් දීම.

නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම.

නිල්පාට මල් වැඩිපුර පූජා කිරීම.

සෙනසුරු ප්‍රධාන නවග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහයන්ට අදාළ දෙවිවරු සිටිනා අතර ඒ අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අදාළ අධිපති දෙවියන් වහන්සේ වන්නේ, ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් වන ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේය. එම නිසා සෙනසුරුගෙන් වන පීඩා හා ග්‍රහ අපල වළක්වා ගැනීමට ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේ උදෙසා පුද පූජා හා ග්‍රහ ශාන්තිකර්ම පැවැත්වීම ඉතාම සුබ දායකවනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.