අධ්‍යාපනය ගැන අනාවැකි කියන ග්‍රහයෝ

ජුනි 3, 2022

 

පසුගිය සතියේ මෙහි පළමු කොටස පළවිය.

 

 

 

 

ජන්ම පත්‍රයක පස්වැන්න වූ කල්හි ජන්මියාට අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන උසස් ඥාන ශක්තියක් ලබා දෙන භාවයකි.

 

ඒ අනුව 5 වැන්නට 5 අධිපතිට ඥාන කාරක ග්‍රහයන් වන බුධ, ගුරු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙකුගේ ශුභ බලපෑමට ලක්ව ඇති විටදී 5 වැන්නාධිපති දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ස්ථානයක සිටින නව වැන්නාධිපති සමඟ සංයෝග වී ඇත්නම් හෝ යටකී ඥාන කාරක ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්වූ 5 වැන්නාධිපති 9 වැන්නේ පතිතව සිටියදී 9 වැන්නාධිපති 2, 11 කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක බලවත් ව යෙදී ඇත්නම් ජන්මියා උසස් අධ්‍යාපනය සඳහා යොමු වේ. (විශ්වවිද්‍යාල අධ්‍යාපනය)

11 වැන්න වූ කල්හි යමක් වැඩි කරදෙන භාවයක් වන හෙයින් යටකී අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයන්ට බලවත් 11 වැන්නාධිපති ගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් ඇත්නම් හෝ එකී අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයෙක් 11 වැන්නේ පතිතව සිටියදී බලවත් 11 වැන්නාධිපති ගේ දෘෂ්ටියක් සහ බලවත් ගුරු, බුධ යන ග්‍රහයෙක් ගේ සංයෝගයක් හෝ දෘෂ්ටියක් 11 පතිත එකී අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයෙක් වෙතොත් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා තමා දක්ෂතාවයක් දක්වන විෂය සඳහා ආචාර්ය උපාධිය ලබා ගනියි.

මෙහිදී නව ග්‍රහයන් නිවේදනය කරන විෂයන් කවරේද යන්න පිළිබඳව දැනුවත් විය යුතු ය. ඒ අනුව නව ග්‍රහයන් නිවේදනය කරන ග්‍රහයන් මෙසේය.

රවි - ඖෂධ, වෛද්‍ය විද්‍යාව, රසායනික විද්‍යාව, ඖෂධවේදී

සඳු - සංගීතය, ද්‍රව්‍ය ආශි‍්‍රත අධ්‍යාපනය, සාත්තු සේවය, රෙදිපිළි හා ඇඟලුම් අංශය පිළිබඳ, සාහිත්‍ය, මසුන් ඇති කිරීම, නාවික අංශයට සම්බන්ධ වෘත්තීන්

කුජ - ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, සටන් ක්‍රමය, ශල්‍ය වෛද්‍ය, තාරකා ශාස්ත්‍රය, මෝටර් රථ කාර්මික ශිල්පය, විද්‍යාව.

බුධ - ගණිතය, ඡ්‍යොතිෂ්‍ය, ලේඛනය, පරිගණක විද්‍යාව, මුද්‍රණ ශිල්පය, නීතිය.

ගුරු - වෛද්‍ය විද්‍යාව, ආගම ධර්මය, නීතිය, මූල්‍ය ක්ෂේත්‍රය, ව්‍යාපාර කළමනාකරණය, ගුරු වෘත්තිය සම්බන්ධ අධ්‍යාපනය, උපදේශනය.

සිකුරු - කලාව සම්බන්ධ විෂයන්, සංගීතය, චිත්‍ර, ගෘහ නිර්මාණ මෝස්තර නිර්මාණය, රූපලාවණ්‍ය, රෙදිපිළි සම්බන්ධ විෂයන්, සාහිත්‍ය.

ශනි - කෘෂි කර්මය, භූ විද්‍යාව, ඉංජිනේරු ක්ෂේත්‍රය, යකඩ සම්බන්ධ රැකියා, කම්කරු රැකියා, සත්ව පාලනය.

රාහු - සංචාරක අංශයට අයත් රැකියා, අරක්කු, වයින්, බ්රැන්ඩි, විස්කි, බීඩි, සුරුට්ටු, සිගරැට්, වැනි නීති විරෝධි නොවන මත් ද්‍රව්‍යවලට සම්බන්ධ රැකියාව.

කේතු - මන්ත්‍ර ගුරුකම්, ඡ්‍යොතිෂය හස්ත ශාස්ත්‍රය, සර්පයින් දෂ්ට කිරීම හෝ වෙනත් ආකාරයකි. විෂ ශරීර ගත වීම නිසා, ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හා විෂ ද්‍රව්‍ය ශරීර ගතවීම නිසා ඇති වන රෝග ආබාධ සුව කිරීමේ ගුප්ත විද්‍යාවන්.

එමෙන්ම ලග්න කේන්දරයක 2, 3, 4, 5, 9, 11 යන අධ්‍යාපනය ගැන කියැවෙන භාවයන්හි සිටි ග්‍රහයන් සහ දෘෂ්ටි එල්ල කරන ග්‍රහයන් අනුව කේන්දර හිමියා ඉගනීමට කැමති විෂය කුමක්දැයි යන්න පිළිබඳව නිගමනයකට එළැඹිය හැකි ය. ඒ අනුව යටකී අධ්‍යාපනය නිවේදනය කරන භාවයකට, කුජ, බුධ, ශනි යන ග්‍රහයන්ගේ බලපෑමක් වේ නම් ජන්මියා ඉංජිනේරු විෂය හැදෑරීමට කැමැත්තක් දක්වයි.

එකී භාවයකට කුජ, රවි, ගුරු, ශනි යන ග්‍රහයන් වැඩි දෙනෙක්ගේ බලපෑමක් වේ නම් කේන්දර හිමියා වෛද්‍ය වෘත්තිය හැදෑරීමට ආශාවක් දක්වයි. එකී අධ්‍යාපනය පිළිබඳ කරුණු නිවේදනය කරන භාවයකට රවි, චන්ද්‍ර, සිකුරු යන ග්‍රහයන්ගේ බලපෑමක් වේ නම් කේන්දර හිමියා සිවිල් පරිපාලනය පිළිබඳ අධ්‍යානයක් ලැබීමට කැමැත්තක් දක්වයි.

යටකී අධ්‍යාපනය සම්බන්ධ භාවයන්ට බලවත්, බුධ, ගුරු, ශනි යන ග්‍රහයන්ගේ බලපෑමක් ඇත්නම් ජනිමියා නීතිය හැදෑරීමට කැමැත්තක් දක්වයි. එකී භාවයක බුධ, ගුරු යන ග්‍රහයන් ගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම් කේන්දර හිමියා මූල්‍ය කටයුතු පිළිබඳ අධ්‍යාපනයක් ලැබීමට කැමැත්තක් දක්වයි.

අධ්‍යාපනය ගැන කියැවෙන භාවයකට කුජ, බුධ, ශනි යන ග්‍රහයන්ගේ බලපෑමක් වේ නම් කර්මාන්ත පාලනය, කෘෂි කර්මාන්තය වැනි අංශයන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. ඉහත කී අධ්‍යාපනය පිළිබඳව කරුණු හෙළිදරව් කරන භාවයකට රවි, කුජ, ගුරු යන ග්‍රහයන්ගේ බලපෑමක් වේ. නම් ජන්මියා දේශපාලනයට සම්බන්ධ විෂයන් පිළිබඳ දැනුමක් ලබා ගැනීමට කැමැත්තක් දක්වයි.

අධ්‍යාපනය ගැන කරුණු විමසීමේ දී ලග්න නවාංශක කේන්දර දෙකට අමතරව දෙර්කාණ කේන්දරය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඒ අනුව දෙර්කාණ කේන්දරය බොහෝ ඡ්‍යොතිෂඥයින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සහෝදර සහෝදරියන් පිළිබඳව මරණය පිළිබඳව කරුණු හෙළිදරව් කර ගැනීමට සහ තත්කාල ශාස්ත්‍රයේදී ප්‍රශ්න කළ කාරණය අතීත, අනාගත, වර්තමාන යන කාලාත්‍රයෙන් කුමන කාලයකට සම්බන්ධ වූවක් දැයි යන්න පිළිබඳව කරුණු හෙළිදරව් කර ගැනීමය. ඒ නමුත් දෙර්කාණය කේන්දරය මඟින් ජන්මියා තුළ හැකියාවන්

පිළිබඳව ද කරුණු හෙළිදරව් කරගත හැකි ය. ඒ අනුව දෙර්කාණ කේන්දරය බුධ, ගුරු යන ඥාන කාරක රැසක් වී බුධ, ගුරු, කේතු යන ඥාන කාරක ග්‍රහයන් බලවත්ව එකී දෙර්කාණ කේන්දරයේ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක පතිතව ඇත්නම් හෝ දෙර්කාණ කේන්දරය ඥාන කාරක රැසක් නොවී අන්‍ය රැසක් වී එහි කේන්ද්‍ර ත්‍රිකෝණ භාවයන්හි ඥාන කාරක ග්‍රහයන් උච්ච, මුල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යුතුව සිටියි නම්, එවන් ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියා සාමාන්‍ය පුද්ගලයකුට වඩා උසස් ඥාන ශක්තියක් ඇත. එහෙයින් අධ්‍යාපනය පිළිබඳ කරුණු විමසීමේ දී දෙර්කාණ කේන්දරය අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු ය. මේ පිළිබඳ උදාහරණයක් ගනිමු. උපත 1946/02/13 පුනාවස නැකතේ 2 වෙනි පාදයෙහි දහවල් 12ට මහනුවර දීය.

මේ උදාහරණ කේන්දරය අයත් වන්නේ කම්කරුවෙක්ටය. එම කේන්දරයේ අධ්‍යාපනයට සම්බන්ධ භාවවල එනම් වෘත්තිය අධ්‍යාපනය නිවේදනය කරන දෙවැන්නාධිපති බුධ රවිට අස්නව ඇති අතර දෙවැන්න සහ එහි සිටින සඳු, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය එනම් දෙමාපියන් ගුරුවරුන් ඇසුරෙන් ලබන අධ්‍යාපනය ගැන කියැවෙන තුන්වැන්න රාහු, කේතු, ශනි යන ග්‍රහයන් ගෙන් පීඩා වී ඇති අතර 3 වැන්නාධිපති සඳු දෙවැන්නේ කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන්ගෙන් පීඩා වී ඇත. පාසල් අධ්‍යාපනය ගැන හතර වැන්නාධිපති ලග්න නවාංශක කේන්දර දෙකේ සතුරු වීමෙන් දුර්වල වී ඇත. උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහ අධිපති බුධ දහ වැන්නේ රවිට අස්තව ශනි, කුජ යන ග්‍රහයන්ගෙන් පීඩා වූ රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියැවෙන නව වැන්නාධිපති ශනි දෙවැන්නේ කුජ, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩා ඉහළ අධ්‍යාපනයක් පෙන්නුම් කරන මෙන්ම, ඥාන කාරක ග්‍රහයෙක් වන ගුරු දුෂ්ට භාවයක් වන 6 වැන්නෙහි පතිතව කුජ, ශනි යන ග්‍රහයන්ගෙන් පීඩා වූ රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ඇත. ඒ අනුව අධ්‍යාපනයට සම්බන්ධ සියලුම භාව සහ ග්‍රහයන් පාප පීඩිත වීම නිසා ඉහත කේන්දර හිමියා කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් නොදත් කම්කරුවෙක් බවට පත්ව ඇත.

තවද ඉහත කේන්දරයට අනුව ජන්මියා සතුව පවතින හැකියාවන් නිවේදනය කරන දෙර්කාණ කේන්දරයේ අධිපති සිකුරු රවිට අස්න වීමක් අධ්‍යාපනයට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ඥාන කාරක බුධ ලග්න කේන්දරයේ අස්නවීමක් දෙර්කාණ කේන්දරයේ දී එකී බුධ ඥාන ශක්තිය හීන කරණ කුජ, ශනි, සතුරු රවි, රාහු යන ග්‍රහයන්ගෙන් පීඩා වීමක්. ඒවාගේ අනෙක් ඥාන කාරක ග්‍රහයා වන ගුරු ලග්න කේන්දරයේ දී මෙන්ම දෙර්කාණ කේන්දරයේ දී දුෂ්ට ස්ථානයක් වන හය වැන්නේ පතිත වීමක්. එහි ගුරු තවදුරට දෙර්කාණ කේන්දරයේ දෙවැන්නේ සිටින රාහුගෙන් සහ කුජ, ශනි, රාහු සහ රවි යන ග්‍රහයන්ගෙන් පීඩා වූ අස්න දෙර්කාණ ලග්නාධිපති සිකුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පීඩා වීම ඉහත කේන්දර හිමියාට කිසියම් විෂයක් ශිල්ප ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය කරන ඥාන ශක්තියක් නොමැති බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේමය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.