ප්‍රබල රාජයෝග ඔබට බලපාන්නේ මෙෙලසයි

ජුනි 10, 2022

 

මානව ඉතිහාසය දෙස තෙවැනි ඇසින් විපරම් කර බැලීමේදී බලය හා නායකත්වය සඳහා අතිශයින් උග්‍ර තරගකාරි තත්ත්වයක් දෝලනය වන බැව් පෙනේ. ඈත යුගවලදී පවා නායකත්වයටටබොහෝ දෙනෙක් මහත් අභිරුචියක් දැක්වූහ. සමහර ගෝත්‍රික ජනයා අතර මෙය තදින්ම පැතිර පවතී.

 

ගල් යුගය, දඩයම් යුගය හා කෘෂිකාර්මික යන යුගයන් හිදී ප්‍රබල නායකත්වයකට මුල් තැන ලැබී තිබිණ. ආදිවාසී හෙවත් වැදි ජනයා අතර එය සමතුලනය වී තිබේ. ඔවුන් අතරින් පාරම්පරිකව ගොඩනඟාගෙන ඇති නායකත්වයට ගරු කරනු ලැබේ. එහිදී සටනක් නැත. ගෞරව බහුමානය හිසින් දරාගෙන සිටින නිසාය.

නායකත්වය උදෙසා මඟ පාදන ඡ්‍යොතිෂයේ දැක්වෙන ග්‍රහ රාජයෝග කිහිපයක් පාඨකයින් හමුවේ තබමු. විවිධ තරාතිරම්වල අයගේ කේන්ද්‍ර දහස් ගණනක් පරීක්ෂා කිරීමේදී මෙහි දැක්වෙන තොරතුරු මෙසේ දක්වමු.

රජවීම, ජනාධිපතිවීම, අගමැතිවීම, ඇමැතිවරුන්වීම, මන්ත්‍රීවරුන් වීම, රාජ්‍ය සම්මාන ලැබීම, රජයේ උසස් නිලතනතුරු ලැබීමත් රාජ යෝග වශයෙන් සැලකේ.

ප්‍රබල මෙන්ම දුබල ග්‍රහයන්ට ද රාජයෝග උදාකරදිය හැකිය. කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණස්ථානවල දෘෂ්ටි තැන්වල ද රාජයෝග උදාවේ. සෞම්‍ය ග්‍රහයන්ගෙන් උදාවන රාජයෝගත් කෲර ග්‍රහයන් ගෙන් උදාවන රාජයෝගත් අතර කැපී පෙනෙන තැන් එමටයි. එය ගැඹුරින් බැලිය යුතුවේ.

ඔටුන්න හිමි කුමරෙකු හෝ කුමරියකට රජුගේ හෝ රැජිනගේ අභාවයෙන් පසුව සිහසුන හිමිවේ.

එය සාමාන්‍ය වේ. විප්ලවයක් තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීම ඊට හාත්පසින්ම වෙනස්ය.

කොතරම් දුගී පවුලක උපත ලැබූවත් පසු කාලීනව බලය නතු කර ගැනීමට රාජයෝග තිබිය යුතු වේ. බලය අහෝසි වන අවස්ථා ද එමටයි.

අපි එකී රාජයෝග ගැන විමසා බලමු. උච්ච ග්‍රහයාට රාජයෝග උදාකරදීමේ බලයක් ඇත. උච්ච කුජගෙන් ධනය සම්පත් භූමිලාභ, සතුරු බලවේග පරාජය කිරීම, හමුදා නායකත්වය ද උච්ච බුධගෙන් බුද්ධියත්, ගුරුගෙන් රාජ්‍ය පාලනයත් සමහරවිට අධ්‍යාත්මික ශක්තියත්, සිකුරුගෙන් සෞන්දර්යයත්, ශනිගෙන් බලශක්තියත්, ලෝහ වර්ග නිෂ්පාදනයත් උච්ච රාහු, කේතු රාජ්‍ය වරප්‍රසාද ලබා දීමටත් හේතුකාරක වේ.

ග්‍රහයන් තුන්දෙනෙක් උච්චවීම රාජයෝගයකි. ග්‍රහයන් තුන් දෙනෙක් ස්වක්ෂේත්‍ර වීම දේශපාලනයෙන් හිමිකම් දරයි. දසවැන්නේ රවි, බුධ, කුජ, රාහු, හයවැන්නේ වීමත් රාජයෝගයකි. වෘෂභයේ ගුරු ද, මිථුනයේ සඳු ද මකරයේ කුජ ද සිංහයේ ශනි ද කන්‍යාවේ රවි, බුධ ද තුලාවේ ශුක්‍ර සිටීම ද රාජයෝගයකි.

සියලුම සුබයින් 1,4,7 සිටීම ද පාපීන් 5,6,11 සිටීම ද සුබයින් 6,11 භාවන්හි ද පාපීන් 10 වැන්නේ ද සිංහයේ රවි ද මේෂයේ සඳු ද , කුම්භයේ ශනි ද මකරයේ කුජ ධනුවේ ගුරු ද 2 සිකුරු ද 10 වැන්නේ ද ගුරු ද 6 වැන්නේ රාහු ද 8 වැන්නේ පාපීන් ද ලග්නයේ සෞම්‍යයින් ද ලග්නයෙහි හා සඳුගෙන් ශනි 5 වැන්නේ ද 9 ගුරු ද 10 කුජ ද සිටීම රාජයෝගයි. ලග්නය හෝ චන්ද්‍රයා වර්ගෝත්තමව ලග්නය හා චන්ද්‍රයා ග්‍රහයන් 4 දෙනෙක් නැත්නම් ඊට වැඩි දෙනකුගේ පෙනීමට ලක්වීම ද රාජයෝගයන්ය.

ගුරුගේ දෘෂ්ටිය ලැබූ රවි ද සඳුගේ දෘෂ්ටිය ලැබූ සිකුරු ද කුජගේ දෘෂ්ටිය ලැබූ ශනි ද මේෂ කටක, මකර, තුලා ලග්නවලින් එකක තැන්පත් වීම ද රාජයෝගයන්ය. සියලුම ග්‍රහයන් සඳුගෙන් 3,6,10,11 යන තැන්වල සිටීම නිසා රාජයෝග සෑදේ. රුචක, භද්‍රා, මාලවී, ගජකේෂරී, හංස, සස යන යෝගත් ධර්ම කර්මාධිපති යෝගයත් මහා භාග්‍ය, සිංහාසන ආදි යෝගයන් ද රාජයෝගයන්ට අනුබලයක් වේ. නීච භංග රාජ යෝග, විපරීත රාජ යෝග ද අමතක කළ නොහැක. රාහු, කේතු, යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයින්ගෙන් ද රාජයෝග සෑදේ. රාජයෝග තිබුණ නිසාම සිය කේන්ද්‍රකරුවකුට ඍජුවම එකී බලපෑම් සිදුවේ ද යන්න සලකා බැලිය යුතු වේ. අදාළ ග්‍රහයන්ගේ දශා අතුරු දශා ගෝචර යනාදියේ රාජයෝග ක්‍රියාත්මක වේද යන්න සලකා බැලිය යුතුවේ. රාජයෝග පිළිබඳව මීටත් වඩා නිරීක්ෂණය කළ යුතු විෂයකි. ඡ්‍යොතිෂය ගැඹුරු මහ සයුරකි.

 

ඡ්‍යොතිෂ සහ වාස්තුවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.